WhatsApp මගින් "දැනුම් සයුර " Group එක හා සම්බන්ධ වන්න.
ලන්ඩන් ඇස
මෙය ලන්ඩන් අයි හෙවත් සහශ්‍ර රෝදය ලෙස හැදින්වේ. මෙය මගින් ලන්ඩන් නගරය වුව ද නැරඹිය හැක.
මෙම රෝදයේ උස මීටර් 135කි. අඩිවලින් නම් 443කි. රෝදයේ වට ප්‍රමාණය මීටර් 120කි. අඩිවලින් නම් 394කි.
එය තේම්ස් නදිය පසුබිම් කරගෙන නිල් අහසට විහිදුන දැවැන්ත රෝදයකි.ලන්ඩන් නගරයේ ඉහළම ස්ථානයේ සිට අවට දකින්නට හැකිය.
රෝදය සෙමෙන් කරකැවෙයි. කරකැවෙන වේගය තත්ත්පරයට සෙන්ටි මීටර් 26කි. එය ඉතා සෙමෙන් කරකැවෙන්නේ නරඹන්නන්ට රිසිසේ අවට සුන්දරත්වය පහසුවෙන් දැක ගැනීම සඳහාය.
2000 වර්ෂයේ මෙම අපූරු නිර්මාණය විවෘත කරද්දී එය ලෝකයේ උසම නැරඹුම් වළල්ල විය. එහෙත් චීනයේ නැන්චාන්හි පිහිටි ‘ස්ටාර් ඔෆ් නැන්චාන් 2006දී විවෘත කෙරිණි. එහි උස අඩි 525කි. 2008 දී සිංගප්පූරුවේදී විවෘත කළ ‘සිංගප්පූරු ෆ්ලයර්’ උස අඩි 541කි. 2014දී ලාස්වේගාස්හි විවෘත කරන ලද නැරඹුම් වළල්ලේ උස අඩි 548කි.