ලොව උසම ගිනි කන්ද...




වාසනාවක් විදියට ලංකාවේ අපිට නම් ගිනි කඳු තර්ජන නෑ. නමුත් ගිනි කඳු ලෝකයේ දුලබ දෙයකුත් නෙමෙයි. ඔබ දැනගෙන හිටියද සුර්යග්‍රහ මණ්ඩලයේ විශාලම ගිනි කන්ද ගැන. ඒ අගහරු ලොව මත පිහිටා ඇති “ඔලිම්පස් මොනාස්” ගිනි කන්දයි. පසුගිය දා භූවිද්‍යා ජර්නලයකට ලිපියක් ලියමින් විද්‍යාඥයින් අලුත් සොයා ගැනීමක් ගැන ලොවට හෙළි කළා. ඒ පෘතුවියේ ඇති විශාලම ගිනි කන්ද ගැනයි. Tamu Massif ලෙස හඳුන්වන මේ ගිනි කන්ද “ඔලිම්පස් මොනාස්” හා සැසදිය හැකි තරම් විශාලත්වයකින් යුත් බවයි ඔවුන් කියන්නේ. වර්ග කිලෝ මීටර 310,000 විශාලත්වයක් ඇති Tamu Massif ජපානයේ සිට කිලෝ මීටර 1600 පමණ නැගෙනහිර දෙසින් පැසිපික් සාගරයේ කිලෝ මීටර 2 ක ගැඹුරින් පිහිටා ඇති බවයි සොයාගෙන ඇත්තේ.

මෙම විද්‍යාඥයින් කණ්ඩායම මේ පිලිබදව වසර 20ක පමණ කාලයක් පරීක්ෂණ පවත්වා තිබෙනවා. කණ්ඩායමේ ප්‍රධානියා වන හුසටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විලියම් සේගර් කියන විදියටනම් මේ ගිනිකන්දට ඇත්තේ ඉතා විශාල ආයු කාලයක් නෙමෙයි, අවුරුදු මිලියන කිහිපයක් පමණයි.(අමතක කරන්න එපා, භූවිද්‍යාවට අනුව විශාල කාලයක් නොවුනට එය අපිට විශාල කාලයක්). සතුටු විය හැකි කාරණයක් වන්නේ, මෙම ගිනිකන්ද ලඟදි පිපිරීමේ අවදානමකින් තොර වීමයි.

Tamu නම පිටුපසත් ලස්සන කතාවක් තියනවා.. මහාචාර්ය සේගර්, හූස්ටන් විශ්වවිද්‍යාලයට එන්න කලින් අධ්‍යයන කටයුතු සිදු කර ඇත්තේ Texas A&M විශ්වවිද්‍යාලයේයි (Texas A&M University). එහි කෙටි නමක් තමයි මෙම ගිනි කන්දට යොදල තියෙන්නෙ..

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post