රසායනික විද්‍යාත්මකව ගත්තොත් දියමන්ති කියන්නේ කාබන් මූලද්‍රව්‍යයේ ඝන ස්වභාවයක්. දියමන්ති සඳහා පෙර අපරදෙදිගම භාවිතාවෙන වචන වල තේරුම ගත්තොත් එක හා සමානයි. මේ වචනවල මූලයන් සොයා යද්දී පැහැදිළි වෙන්නේ “නොබිඳිය හැකි” අර්ථයෙන් ඒ වචනය ගොඩනැඟුණා කියලායි.
වසර දසදහස් ගණනක් තිස්සේ දියමන්ති මේ නිසාම ආභරණ සඳහා භාවිතා කරන්නට පටන් ගත්තා. අපි අද කතා කරන්න යන්නේ ලෝකයේ සුප්‍රකට දියමන්ති කීපයක් ගැන.
1. කොහිනූර් දියමන්තිය (Kohinoor Diamond)
කොහිනූර් දියමන්තියේ අතීතය පිළිබඳව විස්මයජනක ජනප්‍රවාද රැසක් අහන්න ලැබෙනවා. නමුත් මේ ජනප්‍රවාදවල අවසානයේදී කියවෙන්නේ මෝගල් අධිරාජ්‍යයේ මොණර සිංහාසනය අලංකාර කරන්න මේ දියමන්තිය භාවිතා කරා කියලායි. පස්සෙ කාලෙකදි මේ දියමන්තිය පන්ජාබ රජ පවුලේ භාරයට පත් වෙලා තියෙනවා. පන්ජාබය ආක්‍රමණය කළ ඉංග්‍රීසින් රජ මාළිගය කොල්ල කෑමෙන් අනතුරුව කොහිනූර් දියමන්තිය ලන්ඩනය වෙත යවනු ලැබුවා. වික්ටෝරියා රැජින විසින් අත් පළඳනාවකට අල්ලා මෙම දියමන්තිය භාවිතා කළත්, ඇයගේ මරණයෙන් පසුව එංගලන්තයේ රජ බිසෝවරුන් බවට පත්වූ ඇලෙක්සැන්ඩ්‍රා, මේරී සහ එලිසබත් මව්රැජින විසින් තම ඔටුණු සඳහා මෙම දියමන්තිය භාවිතා කළා. මෙම දියමන්තිය සඳහා ඉන්දියාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් උරුමකම් කියනවා. නමුත් සෑම රටකම ඉල්ලීම් බ්‍රිතාන්‍ය රජය විසින් දැඩිව ප්‍රතික්ෂේප කරනවා.
2. කලිනන් දියමන්තිය (Cullinan Diamond)
දකුණු අප්‍රිකාවේ කලිනන් දියමන්ති පතලෙන් හමුවූ මෙම දියමන්තිය බ්‍රිතාන්‍යයේ හත්වන එඩ්වඩ් රජුට ත්‍යාගයක් ලෙස පිරිනැමීමට කටයුතු කරනු ලැබුවා. එවකට ලෝකයේ තිබූ විශාලතම දියමන්තිය වූ මෙය කුඩා දියමන්ති නමයකට කොටස් කර බ්‍රිතාන්‍ය රජ පවුලේ විවිධ ආභරණ සඳහා භාවිතා කිරීමට පටන් ගත්තා. The Star of Africa ලෙස හැඳින්වුණු එහි තිබුණු විශාලතම කොටස බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයේ එක් සංකේතයක් වන ජයකොන්තය අගට සවි කරනු ලැබුවා. ඊළඟ කොට Imperial State Crown ලෙස හැඳින්වෙන කිරුළ සඳහා භාවිතා කෙරුණා.
3. එක්සෙල්සියොර් දියමන්තිය(Excelsior Diamond)
කලිනන් දියමන්තිය හමුවන තෙක් ලෝකයෙන් හමුවූ සුවිශාලම දියමන්තිය වීමේ ගෞරවය සතුවූයේ එක්සෙල්සියොර් දියමන්තියටයි. මෙයත් හමුව ඇත්තේ දකුණු අප්‍රිකාවෙන්. පසුව මෙම දියමන්තිය ඇම්ස්ටර්ඩෑම් වෙත ගෙන ගිය අතර රැගෙන ගිය අතර, එහිදී එය කුඩා දියමන්ති වලට කපනු ලැබුවා. ඇතැම් ස්වරණාභරණ විශේෂඥයන්ට අනුව මෙම දියමන්තිය කොටස්වලට කැපීම දියමන්ති වංශකතාවේ අවාසනාවන්තම පරිච්ඡේදය ලෙස හඳුන්වනු ලබනවා. මෙම කොටස් ලොව පුරා ගැනුම්කරුවන් විසින් මිලදී ගත් අතර වර්තමානයේ දී ඒවා කා සන්තකයේ පවතීද යන්න පිළිබඳව නිශ්චිතව එකඟතාවයක් නෑ.
4. ඔර්ලෝව් දියමන්ති (Orlov Diamond)
රුසියාවේ මහා කැතරින් අධිරාජිණියගේ ජයකොන්තයට සවි කර තිබු මෙම දියමන්තිය වර්තමානයේ ක්‍රෙම්ලීනයේ දියමන්ති භාරයේ කොටසක් ලෙස මහජනතාවගේ නැරඹීමට විවෘතව පවතිනවා. ඇතැම් විද්වතුන් පවසන්නේ ඉන්දියාවේ මහා මෝගල් දියමන්තිය ලෙස (The Great Mogul Diamond) හැඳින්වුණේද මෙම දියමන්තිය බවයි. නමුත් මෙම දියමන්තිය වටා පවතින තවත් ජනප්‍රවාදයකට අනුව කර්ණාටක යුද්ධය සඳහා සහභාගි වූ ප්‍රංශ සොල්දාදුවෙකු හින්දු භක්තිකයකු ලෙස වෙස් වලාගෙන, කෝවිලක පුද සත්කාර ලබමින් තිබූ ප්‍රතිමාවක ඇසකට සවිකර තිබූ මෙම දියමන්තිය සොරාගෙන තිබෙනවා. එය විකිණීමෙන් අනතුරුව කැතරින් අධිරාජිණියගේ හිමිකාරීත්වයට පත්ව තිබෙනවා.
5. අයිඩ්ල්ස් අයි දියමන්තිය (Idol’s Eye Diamond)
මෙම සුප්‍රකට දියමන්තිය වටාත් විවිධ ජනප්‍රවාද ගෙතී පවතිනවා. හින්දු දේව ප්‍රතිමාවක ඇසක් ලෙස මුල් යුගයේදී මෙම දියමන්තිය පැවති නිසා මෙම නම ලැබුණු බව කියවෙනවා. පළමු වතාවට යුරෝපයට මෙම දියමන්තිය ගැන දැන ගැනීමට ලැබෙන්නේ දෙවෙනි අබ්දුල් හමීඩ් ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයා විසින් ආභරණයක් ලෙස මෙම දියමන්තිය පැළඳීමටත් පටන් ගැනීමත් සමගයි. කෙසේ වෙතත් ඔහුව බලයෙන් පහ කිරීමත් සමගම මෙම දියමන්තියට සිදු වූ දේ පිළිබඳව බොහෝ දෙනා පර්යේෂණ කළ අතර කළ අතර අවසානයේදී එය නිව්යෝක් නුවරදී වෙන්දේසි වූ බවට වාර්තා පළ වුණා. ඇතැම් අය සැක පළ කරන පරිදි පිලිපීනයේ ඒකාධිපති පාලක ෆර්ඩිනන්ඩ් මාකෝස් විසින් මෙම දියමන්තිය මිලදීගෙන තිබෙනවා.
6. රීජන්ට් දියමන්තිය (Regent Diamond)
ඉන්දියාවෙන් සොයා ගත් මෙම දියමන්තිය පහළොස් වන ලුවී රජුගේ බාල කාලයේ භාරකාරයා ලෙස කටයුතු කරමින් ප්‍රංශය පාලනය කළ ඕර්ලියන්ස්හි ආදිපාද දෙවැනි පිලිප් විසින් මිලට ගනු ලැබුවා. පසුව මෙය පිළිවෙලින් පහළොස් වැනි සහ දහසය වැනි ලුවී රජවරුන්ගේ රාජාභිෂේක සඳහා භාවිතා කරනු ලැබූ ඔටුණු සැරසීමට භාවිතා කෙරුණා. මේරි ඇන්ටනට් බිසව විසින් මෙම දියමන්තිය සිය හිස්වැසුමකට සවිකර පැළඳීමට ප්‍රිය කළා. නැපෝලියන් බොනපාට් විසින් තම කඩුව අලංකාර කිරීමට මෙම දියමන්තිය භාවිතා කළ අතර ඔහුගේ ඇද වැටීමෙන් පසුව පත් වූ සියළුම ප්‍රංශ රජවරු පාහේ සිය ඔටුණු සැරසීමට මෙම දියමන්තිය භාවිතා කරනු ලැබුවා. වර්තමානයේ මෙම දියමන්තිය ලූවර් මාලිගයේ දකින්නට පුළුවන්.
7. හෝප් දියමන්තිය (Hope Diamond)
වර්තමානයේදී ස්මිත්සෝනියන් ආයතනය මගින් පාලනය කරනු ලබන ස්වභාවික විද්‍යාව පිළිබඳව ජාතික කෞතුකාගාරයේ දකින්නට ලැබෙන මෙම දියමන්තිය ලෝකයේ වඩාත් සුප්‍රකට (කුප්‍රකට?) දියමන්තියක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඉන්දියාවෙන් හමු වූයේ යැයි විශ්වාස කරන මෙම දියමන්තිය ප්‍රංශ රජ පවුලේ භාරයට පැමිණි අතර ප්‍රංශ විප්ලවයෙන් අනතුරුව බ්‍රිතාන්‍යය වෙතටත්, අවසානයේදී ඇමරිකා එක්සත් ජනපදය වෙතත් හිමිකාරීත්වය වෙනස්වීම මත සංසරණය වුණා. හිමිකරුවන්ට අවාසනාව ගෙන එන දියමන්තියක් ලෙස මෙය හැඳින්වෙන අතර එහි ප්‍රතිඵලය වූයේ මෙහි අවසන් භාරකරුවන් විසින් ස්මිත්සෝනියන් ආයතනයට මෙය පරිත්‍යාග කරනු ලැබීමයි.
එහෙම නම් යෙදීම වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
ලෝක ප්‍රකට දියමන්ති ගැන අපූරු විස්තර – 2 කොටස
මීට අවුරුද්දකට විතර කලින් ලෝකයේ ප්රකට දියමන්ති ගැන අපි ඔබ වෙත විස්තර ගෙන ආවා ඔබට මතක ඇති. ඒ සඳහා ඔබගෙන් ඉහළ ප්රතිචාර ලැබිල තිබුණා.
කාර්යබහුල වීම නිසා එම ලිපි මාලාවේ දෙවෙනි කොටස ඔබ වෙතට ගෙන එන්න අපිට බැරි වුණා. ඒ ගැන සමාව ඉල්ලන ගමන් අපි තවත් දියමන්ති කීපයක් පිළිබඳව විස්තර අද ඔබ වෙත ගෙන එනවා.
1. බ්ලු මූන් දියමන්තිය (Blue Moon Diamond)
වර්තමානයේ දී හොංකොංහි බිලියනපතියෙකු වන ජෝශෆ් ලවුගේ ආභරණ එකතුවට පිවිසී තිබෙන මෙම දියමන්තිය සොයාගෙන ඇත්තේ 2014 වර්ෂයේදී. කලිනන් දියමන්ති පත්ලෙන් හමු වී තිබෙන මෙම දියමන්තිය සොයාගැනීම ලෝකය පුරාම දැඩි ආන්දෝලනයකට ලක් වූ අතර මෙම දියමන්ති මිල වාර්තා පොත් අතරට පිවිසෙනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළා. ජෝශෆ් ලවු විසින් මෙම දියමන්තිය ඇමෙරිකානු ඩොලර් මිලියන 48.4ක මුදලක් ගෙවා මිලට ගත්තා.
2. විටල්ස්බාක් දියමන්තිය (Wittelsbach Diamond)
බොහෝ ආභරණ විශේෂඥයන් විශ්වාස කරන අන්දමට මෙම දියමන්තිය යුරෝපයේ රාජකීය මාළිගාවලට පැමිණ තිබෙන්නේ ඉන්දියාවේ සිටයි. මෙම දියමන්තියේ ඉතිහාසය පිළිබඳ වාර්තා අසම්පූර්ණ වන අතර ඇතැමුන් පවසන ආකාරයට මුල් කාලයේදී ස්පාඤ්ඤ රජ පවුලේ උරුමයක්ව තිබී ඇති මෙම දියමන්තිය පසුව බැවේරියානු රජ පවුල අතට පත්ව තිබෙනවා. ජර්මානු විප්ලවයෙන් පසුව මෙම දියමන්තිය ධනවතුන් කිහිපදෙනකුගේ අතින් අතට හුවමාරු වුණු බව කියවෙනවා
3. මූසෙයිෆ් රතු දියමන්තිය (Moussaieff Red Diamond)
දෙදහ වර්ෂයේදී ඩොලර් මිලියන 8 ක මුදලක් ගෙවා මෙම දියමන්තිය මූසෙයිෆ් ආභරණ වෙළෙන්දන් විසින් මිලට ගන්නවා. එතෙක් මෙම දියමන්තිය හඳුන්වනු ලැබුවේ රෙඩ් ෂීල්ඩ් ලෙසයි. ලැබී තිබෙන වාර්තා වලට අනුව බ්රසීලයේ ගොවියෙකු විසින් මෙම දියමන්තිය සොයාගෙන තිබෙනවා.
4. දී ඉන්කම්පැරබල් දියමන්තිය (The Incomparable Diamond)
1984 වර්ෂයේදී කොංගෝ රාජ්යයන් හමුවූ මෙම දුඹුරු පැහැති දියමන්තිය ලෝකයේ විශාලතම දුඹුරු පැහැ දියමන්තිය ලෙස සැලකෙනවා. එසේම මෙහි බර මුල් අවස්ථාවේදී කැරට් අටසිය අනූවක් වීම නිසා අද්විතීය දියමන්තිය යන නම ඒ සඳහා ලැබුණා. ඇතැම් වාර්තා වලට අනුව මෙම දියමන්තිය සොයාගෙන තිබෙන්නේ කුඩා දැරියක් සෙල්ලම් කරමින් සිටින අවස්ථාවකදියි. මෙම දියමන්තිය සඳහා ඩොලර් මිලියන 12 ක මුදලක් අයිතිකරුවන් විසින් අපේක්ෂා කළ නමුත් ඒ සඳහා ගැනුම්කරුවෙකු සිටියේ නැහැ. ඇතැම් දූෂමාන ආරංචි වලට අනුව මෙම දියමන්තිය ඩොලර් මිලියන 15 ක මුදලකට ඊබේ අඩවියේ ප්රදර්ශනය කොට තිබෙනවා. එවරද ඒ සඳහා ගැනුම්කරුවෙකු ඉදිරිපත්ව නැහැ.
5. ටිෆනි දියමන්තිය (Tiffany Diamond)
1878 වර්ෂයේ දී මෙම දියමන්තිය සොයාගන්නා විට එය සැලකුණේ ලෝකයේ එතෙක් මෙතෙක් හමුවූ විශාලතම කහ දියමන්තිය ලෙසටයි. ලෝකප්‍රකට ඇමරිකානු ජාතික ආභරණ විශේෂඥයෙකු වන චාල්ස් ටිෆනි විසින් මෙම දියමන්තිය මිලට ගත් අතර ඔහු විසින් එය භාවිතා කරමින් බර්ඩ් ඔෆ් ද රොක් (Bird of the rock) නම් ආභරණය නිර්මාණය කරනු ලැබුවා. මෙම ආභරණය සුප්රකට හොලිවුඩ් නිළි ඔඩ්රි හෙප්බර්න් විසින්ද චිත්රපටියක් සඳහා පැළඳුවා. ටිෆනි සමාගමේ එකසිය හැත්තෑ පස් වෙනි සංවත්සරය වෙනුවෙන් මෙම දියමන්තිය භාවිතා කරමින් නව ගෙල පළඳනාවක් සකස් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කළා.
6. ඩ්රෙස්ඩන් දියමන්තිය (Dresden Diamond)
මෙම දියමන්තියේ ඉතිහාසය සියවස් දෙකක් පමණ ඈතට දිව යන අතර පෝලන්ත රජ කෙනෙකු විසින් ඕලන්ද ජාතික ස්වර්ණාභරණ ශිල්පියෙකුගෙන් මෙම දියමන්තිය මිලට ගත් බවට වාර්තා පවතිනවා. පසුව මෙම දියමන්තියේ උරුමය කිහිප දෙනෙකු අතරට ගොස් අවසානයේදී ජර්මානු රාජ්යයක් වන සැක්සනියේ රජ පවුල සතු වුණා. දෙවැනි ලෝක යුද සමයේදී මෙම දියමන්තිය මොස්කව් වෙත ගෙන ගිය නමුත් නැවතත් එය සැක්සනිය වෙත භාර දෙනු ලැබුවා.
7. ඕල්නාට් දියමන්තිය (Allnatt Diamond)
මෙම දියමන්තිය හමුවී ඇති ප්රදේශය පිළිබඳව එකිනෙකට පරස්පර වාර්තා තිබෙන නමුත් බොහෝ දියමන්ති පිළිබඳ විශේෂඥයන් අනුමාන කරන්නේ දකුණු අප්රිකාවෙන් මෙම දියමන්තිය හමු වී ඇති බවයි. 1950 වර්ෂයේ දී පමණ ඇල්ෆ්රඩ් අර්නස් ඕල්නාට් (Alfred Ernest Allnatt) මෙම දියමන්තිය මිලට ගෙන මලක හැඩය ගත් ආභරණයක් ලෙස සකස් කරනු ලැබුවා. ඉන්පසුව කෙටි කලක් මෙම දියමන්තිය ස්මිත්සෝනියන් ආයතනයේ පැවැති දියමන්ති ප්රදර්ශනය සඳහාද ලබා දීමට කටයුතු කෙරුණා. වර්තමානයේ දී මෙම දියමන්තිය පෞද්ගලික ආයතනයක භාරයේ පවතිනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.