පෘතුවිය මතදී සහ අභ්‍යවකාශයේදී ගිනිදැල්ලක වෙනස.🔥
අභ්‍යාවකාශයේදී යමක් ගිනිතැබුවොත් ඒ අත්දැකීම කෙසේ වේදැයි දැනගැනීමේ කුතුහලයක් වරක් NASA ආයතනයේ විද්‍යාඥයන් තුල ඇතිවුනා.ඔවුන් මුලින්ම ඒ සඳහා මුල්ම ගිනිදැල්ල දල්වන්නේ 1997දී කොළොම්බියා ශටලය තුලදී.ඒ පරීක්ෂණය හැඳින්වුනේ "Structure of a fire ball at low Lewis number හෙවත් SOFBALL නමින්.ඉන් පසුව වඩාත් විදිමත්ම ඒ පරීක්ෂණ කටයුතු ඔවුන් නැවත ආරම්භ කලා 2009 වසරේදී.ඒ ව්‍යාප්තිය හැඳින්වුනේ Space Agency's Flame Extinguishment Experiment හෙවත් "FLEX ව්‍යාප්තිය" නමින්.අභ්‍යාවකාශ යානා දහන ඇන්ජින් සඳහා වඩා කාර්යක්ෂම යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමේ අරමුණින් සිදුවූ මේ ව්‍යාප්තියේදී, විශේෂයෙන් සැකසූ දහන කුටියක් තුලදී ගිනි දැල්ලක් නිර්මාණය කිරීමට ඔවුන්ට හැකිවුනා.නමුත් වඩාත් පුදුම සහගත කාරණය වුනේ සාමාන්‍යයෙන් පෘතුවියේදී දක්නට ලැබෙන ගිනි දැල්ලකට ඉඳුරාම වෙනස් දැල්ලක් අභ්‍යාවකාශයේදී දැකගන්නට ලැබීමයි.පෘතිවියේදීට වඩා මේ අභ්‍යාවකාශ ගිනි දැල්ල,හැඩයෙන්,වර්ණයෙන්,උෂ්ණත්වයෙන් සහ ආයුකාලයෙන් වෙනස්කම් පෙන්වුවා.මේ වෙනස්කම් වලට හේතුවන්නේ අභ්‍යාවකාශයේ ඇති ශුන්‍ය ගුරුත්ව තත්වය යැයි සිතිය හැකිය..