චොකලට් අයිස්ක්‍රීම් වලින් හදන්න පුළුවන් වෙනස් කෑ​ම බී​ම රෙසිපි 7ක්


චොකලට් අයිස්ක්‍රීම් කියන්නෙ අපි කවුරුත් ආසා කරන, හිත ඉල්ලන කෑමක්නේ. ඉතින් අයිස්ක්‍රීම් නිකන්ම කනවට වඩා රසම රස ඩිසර්ට් එකක්, ඩ්‍රින්ක් එකක් විදියට හදලා කන්න බොන්න කවුරුත් ආස ඇතිනේ. ඔන්න එහෙනම් අද අපි ඔයාලට ගෙනාවා චොකලට් අයිස්ක්‍රීම් වලින් හදන්න පුළුවන් රෙසිපි සෙට් එකක්ම. ට්‍රයි කරලා බලන්න හොඳේ. 

 

1. Chocolate Peanut Butter Shakes

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොකලට් අයිස්ක්‍රීම් කෝප්ප 1 1/2
  2. කිරි කෝප්ප 1
  3. ක්‍රීමි පීනට් බටර් කෝප්ප 1/4
  4. චොකලට් සිරප් මේස හැඳි 2

 

ටොපින් එකට

 

  1. විප්ක්‍රීම් කෝප්ප 1/2
  2. චොප්කරගත් රටකජු ටිකක් 

 

  • බ්ලෙන්ඩර් එකට කිරි, අයිස්ක්‍රීම්, පීනට් බටර් හා චොකලට් සිරප් දාලා ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. 
  • දැන් මේක ග්ලාස් එකට දාලා විප්ක්‍රීම් ටික බීට් කරලා උඩින් දාලා ගානිශ් කරගන්න. ඊට උඩින් චොප්කරගත් රටකජු ඉසගන්න. කැමති නම් චොකලට් සිරප් ටිකකුත් වක්කරගන්න. 

 

2. Ice Cream Tacos

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොකලට් අයිස්ක්‍රීම් කෝප්ප 1
  2. ටෝටියා 2
  3. කුරුඳු කුඩු ටිකක්
  4. ඔලිව්තෙල් ටිකක් 
  5. චොප්කරගත් කජු මේස හැඳි 2
  6. ගාගත් පොල් මේස හැඳි 2
  7. කොළ පාට ෆුඩ් කලරින් ටිකක් 
  8. විප්ක්‍රීම් කෝප්ප 1/4
  9. චෙරි ගෙඩි 6-7

 

  • ටෝටියා වල කුරුඳු කුඩු තවරගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා ටෝටියා ටික බැදගන්න. බදින ගමන්ම මේක ටාකෝස් හැඩේට නවාගන්න. මෆින් ට්‍රේ එකක් අනික් පැත්ත හරවලා කප්ස් අතර හිඩසේ ටාකෝස් එක තියාගන්න. 
  • කජු ටිකත් ෆ්‍රයි කරගන්න. ගාගත් පොල් වලට කලරින් බිංදුවක් දාලා කලවම් කරගන්න. විප් ක්‍රීම් ටිකත් ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න.
  • දැන් ටාකෝස් වලට අයිස්ක්‍රීම් ස්කූප් දෙක ගාණෙ තියලා විපින් ටොපින් එක දාගන්න. කලර් කරගත් පොල් ටිකක් තියලා, චෙරීස් හා කජු අතුරලා සර්ව් කරන්න. 

 

3. Old Fashioned Ice cream Sodas

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොකලට් අයිස්ක්‍රීම් ස්කූප් 8
  2. චොකලට් සිරප් කෝප්ප 3/4
  3. කිරි කෝප්ප 1
  4. කූල් කරගත් සෝඩා කෝප්ප 4
  5. විප්ක්‍රීම් කෝප්ප 2

 

  • ග්ලාසස් 4ක් අරගෙන මුලින්ම චොකලට් සිරප් මේස හැඳි 3 ගානෙ වීදුරුවෙ බිත්ති වල ගෑවෙන්න දාගන්න. 
  • ඊළඟට කිරි කෝප්ප ¼ ගාණෙ දාලා සෝඩා කෝප්ප 1 ගානෙ එකතු කරන්න. 
  • දැන් මේ ටික හොඳට කලවම් කරලා චොකලට් අයිස්ක්‍රීම් ස්කූප් දෙක ගානෙ එකතු කරන්න. විප්ක්‍රීම් ටික බීට් කරලා උඩින් ගානිශ් කරගන්න. 

 

4. Hazelnut Brownie Bomb

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොකලට් අයිස් ක්‍රීම් කෝප්ප 2
  2. චොකලට් චිප්ස් කෝප්ප 2
  3. බටර් කෝප්ප 1/2
  4. බිත්තර 3
  5. සීනි කෝප්ප 1
  6. ලුණු පින්ච් එකක් 
  7. වැනිලා ටිකක් 
  8. පාන්පිටි කෝප්ප 3/4
  9. චොප්කරගත් හේසල්නට් කෝප්ප 3
  10. නියුටෙලා කෝප්ප 1/2
  11.  

    • අවන් එක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරගන්න. ස්ප්‍රින්ග් ෆෝම් පෑන් එකකට ශීට් එකක් දාගන්න. බටර් හා චොකලට් චිප්ස් මයික්‍රොවේව් කරගෙන මෙල්ට් කරගන්න. 
    • වෙනම බෝල් එකක බිත්තර, සීනි හා ලුණු දාලා බීට් කරගන්න. මේකට වැනිලා හා මෙල්ට් කරගත් චොකලට් ටික දාලා කලවම් කරලා අවසානෙට පිටි දාලා කලවම් කරගන්න. 
    • මේක බේකින් පෑන් එකට දාලා විනාඩි 40-50ක් බේක් කරගන්න. 
    • වෙනම පෑන් එකකට ක්ලින්ග් රැප් එකක් දාලා අයිස්ක්‍රීම් ටික අතුරගන්න. මේකට නියුටෙලා ටිකත් දාලා ෆ්‍රීස් කරගන්න.
    • ඊළඟ​ට නිවෙන්න තියපු කේක් එක උඩින් ෆ්‍රීස් කරගත්ත අයිස්ක්‍රීම් ලේයර් එ​ක දාලා රැප් එක ගලවගන්න. ඊට උඩින් හේසල්නට් ටික දාලා නැව​ත ෆ්‍රීස් කරගන්න. 

     

    5. Berry Banana Split

    අවශ්‍ය ද්‍රව්‍ය 

     

    1. චොකලට් අයිස්ක්‍රීම් ස්කූප් 8
    2. කෙසෙල් ගෙඩි 4ක්
    3. පයිනැපල් අයිස්ක්‍රීම් ටොපින් මේස හැඳි 2
    4. ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් ටොපින් මේස හැඳි 2
    5. බ්ලැක් චෙරි අයිස්ක්‍රීම් ටොපින් මේස හැඳි 2
    6. විප්ක්‍රීම් කෝප්ප 1/2
    7. චොප්කරගත් පිකෑන් හා ආමන්ඩ් 

     

    • කෙසෙල් ගෙඩි දික් අතට කපාගන්න. මේකට අයිස්ක්‍රීම් ස්කූප් කරලා ටොපින් සියල්ලම උඩින් අතුරගන්න. 
    • ඊළඟට විප්ක්‍රීම් ටික බීට් කරලා උඩින් පයිප් කරගන්න. 
    • නට්ස් ටික ඉහළා පිළිගන්වන්න. 

     

    6. Peanut Butter Chocolate Ice Cream Torte

    අවශ්‍ය ද්‍රව්‍ය 

     

    1. ඔරියෝ බිස්කට් පැකට් 2
    2. මෙල්ටඩ් බටර් කෝප්ප 1/2

     

    ෆිලින් එකට

     

    1. චොකලට් අයිස්ක්‍රීම් කෝප්ප 2
    2. ක්‍රීමි පීනට් බටර් කෝප්ප 1 1/2
    3. චොකලට් චිප් අයිස්ක්‍රීම් කෝප්ප 1 

     

    ටොපින් එකට

     

    1. චොකලට් චිප්ස් කෝප්ප 1
    2. හෙවි ක්‍රීම් කෝප්ප 1
    3. චොප්කරගත් රටකජු ටිකක් 

     

    • මුලින්ම ඔරියෝ වල ක්‍රීම් කොටස අයින් කරලා බිස්කට් ග්‍රයින්ඩ් කරගන්න. මේකට මෙල්ට් කරගත් බටර් ටිකත් දාලා හොඳට ග්‍රයින්ඩ් උනාම ස්ප්‍රින්ග් ෆෝම් පෑන් එකකට ෂීට් එකක් දාලා අඩියට අතුරගන්න. දැන් මේක විනාඩි 15ක් ෆ්‍රීස් කරගන්න. 
    • එළියට අරන් මේකට චොකලට් අයිස්ක්‍රීම් ටික ලේයර් කරගන්න. ඊළඟට පීනට් බටර් ලේයර් එක දාලා චොකලට් චිප් අයිස්ක්‍රීම් ටික අතුරගන්න. 
    • චොකලට් චිප්ස් ටික ඩබල් බොයිල් කරලා ඒකටම හෙවි ක්‍රීම් ටිකත් දාලා ඩබල් බොයිල් කරගන්න. 
    • මේක උඩින් ස්ප්‍රෙඩ් කරගන්න. චොප්කරගත් රටකජු ටික උඩින් දාලා ෆ්‍රීස් කරලා කෑමට ගන්න. 

     

    7. Chocolate Eggnog

    අවශ්‍ය ද්‍රව්‍ය 

     

    1. චොකලට් අයිස්ක්‍රීම් කෝප්ප 3
    2. බිත්තර 6
    3. සීනි කෝප්ප 1/2
    4. චොකලට් මිල්ක් කෝප්ප 4
    5. වැනිලා  ටිකක් 
    6. සාදික්කා කුඩු ටිකක්
    7. හෙවි විප්ක්‍රීම් කෝප්ප 1

     

    • පෑන් එකකට බිත්තර ටික දාලා සීනි ටිකත් එකතු කරලා මද ගින්නෙ විස්ක් කරගන්න. මේකට චොකලට් මිල්ක් කෝප්ප 2කුත් දාලා විනාඩි 15ක් විතර විස්ක් කරගන්න. ටිකකින් මිශ්‍රණය තික් වෙනවා පෙනෙයි. 
    • අඩිය අල්ලන්න නොදී ඉක්මණින් වෙන බෝල් එකකට මාරු කරලා අයිස්ක්‍රීම්, වැනිලා හා සාදික්කා දාලා විස්ක් කරන්න. ඉතුරු කිරි ටිකත් දාලා විස්ක් කරගන්න.
    • විප්ක්‍රීම් ටික ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරගන්න. එග්නොග් එක බෝල් එකකට දාලා, උඩින් විප්ක්‍රීම් වලින් ගානිශ් කරලා ෆ්‍රිජ් එකේ පැයක් දෙකක් කූල් කරලම පිළිගන්වන්න.
W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post