ජනවාරියේ උද්ධමනය තවදුරටත් ඉහළට

 



මෙරට උද්ධමනය ජනවාරි මාසය තුළ යළිත් ඉහළ ගොස් තිබේ.


ජනවාරි මාසයේ උද්ධමනය සියයට 14.2ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.


දෙසැම්බර් මාසයේ උද්ධමනය සටහන් වූයේ සියයට 12.1 ක් ලෙසය.


ජනවාරි මාසය තුළ ආහාර කාණ්ඩයේ සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද ඉහළ ගොස් තිබේ.


පසුගිය දෙසැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 22.1 ක් වූ අතර එය ජනවාරි මාසයේ සියයට 25 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව සඳහන් කළේය.


සියයට 7.5ක්ව පැවති දෙසැම්බර් මාසයේ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේදී සියයට 9.2 දක්වා ඉහළ ගොස් තිබේ.


ජනවාරි මාසය තුළ සහල්, පළතුරු, කිරිපිටි සහ පාන් මිල ඉහළ යාම උද්ධමනය ඉහළ යාමට හේතුව බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.



W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post