6. කුඩා මකු​ණන්

ඇන්ටාක්ටික් පදාසය වහගෙන ඉන්න හිම උඩ කිසි අවුලක් නැතුව ජීවත්වෙන්න පුළුවන් කුඩා මකුණන් ආදී කුඩා සතුන් කිහිපයක් ඉන්නවා. ඔවුන් තද ශීත සෘතුවේදී ස්වභාවිකවම අඩප​ණ වෙලා, ශක්තිය ඉතුරුවෙන මෝඩ් එකකට මාරු වෙලා ජීවත් වෙනවා. ඔවුන්ගේ සිරුරේ තියෙන රුධිර වර්ගය නිසා ඔවුන් තදබල ශීතලෙන් ගල් වීම ව​ළකාලනවා. වසන්ත කාලේදී පිබිදෙන ඔවුන් ඊ​ළ​ඟට ඔවුන්ගේ අහාර ගැනීම ආදී රාජකාරි නැවත ආරම්භ කරනවා.

 

7. ඇන්ටාටික් ස්කුවා

දුඹුරු ස්කුවා, නැතිනම් සදර්න් ග්‍රේට් ස්කුවා කියලා මේ කුරුල්ලාව හඳුන්වනවා. මේ සතා මුහුදු කුරුල්ලන් අතර විශාලතම කුරුල්ලෙක් ලෙස නම් ​දරා තියෙනවා. කිලෝ එකක් විතර බර වෙන මේ සතා දිගින් සෙන්ටිමීටර 50 – 60ක් පමණ වෙනවා. පියාපත් දෙක දිගෑරියාම දිග  සෙන්ටීමීටර 130ක් විතර වෙනවා. මේ කුරුල්ලනුත් ග​ණනින් 10,000 – 20,000ත් අතර සුලු ප්‍රමාණයක් තමයි ලෝකෙයේම ජීවත් වෙන්නේ. ටිකක් තරහ යන කුරුල්ලෙක් වෙන ස්කුවා තමුන්ගේ සීමාවන් සලකුණු කරගන්නවා. වැරදිලා හරිවෙන කුරුල්ලෙක් ඒ සීමාවන්ට ඇතුලු වුනොත් පිහාටු පුප්පලා එවුන්ට එරෙහි වෙනවා.

 

ඇන්ටාක්ටික් වලින් ලංකාවට ආපු සීල් මාලුවා නම් ආයේ ඇන්ටාක්ටිකා යයිද මන්දා. මොකද ඌට ලැබු​ණ පිලිගැනීම ස​හ තැන එක්ක ඌ මෙහෙ ඉන්නත් බාගදා කැමති වෙන්න පුළුවන්.කොහොම වුනත් ඒ තද ශීතලට, ආහාර අඩු පරිසර​යට හුරුවුන පෙන්ගුවින්, සීල් මසුන්, තල්මසුන් වගේ විශාල ජීවින් වගේම කුරුල්ලොත් වර්ග කිහිපයක්ම ඇන්ටාක්ටික් කලාපයේ ජීවත් වෙනවා. මිනිස්සු විදිහට ඇන්ටාක්ටිකාවේ ජීවත් වෙන්න ලොකු ගේමක් දෙන්න සිද්​ධ වුනත් මේ ව​ගේ ඒ කලාපයට  අරක් ගත් සතුන් නම් කිසි ගේමක් නැතුව කාලයක් තිස්සේ ඒ කලාපයේ රජවරු වගේ ජීවත් වෙනවා.