එංගලන්තයේ බකින්හැම් මාළිගාවට සුවිශේෂි වූ කරුණු 7ක්


Things unique to Buckingham Palace in England

මේ දවස්වල රැජිණගේ මිය යාමත් එක්ක ඇය ගැන වැඩිපුර කතාබහට ලක්වෙනවා. ඇයගේ ප්‍රියතම නිවහන වූ එංගලන්තයේ බකින්හැම් මාළිගාව වටේ සංචාරයක් යන්නයි ඔන්න අද lifie අපි සුදානම් වෙන්නේ.

01. ෆොසිල වලින් හැදිච්ච බිත්ති!

Things unique to Buckingham Palace in England

බකින්හැම් මාළිගයේ බිත්තිවල ෆොසිල තැන්පත් වෙලා තියෙනවා. ඊට හේතුව ඒවා හදන්න ගත්ත ඕලිටික් හුණුගල්. බකින්හැම් මාළිගය විතරක් නෙවේ ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල සහ පෙන්ටගනය ඇතුළු තවත් බොහෝ ස්ථාන ඉදිකිරීම සඳහා භාවිතා කරපු මේ ඕලිටික් හුණුගල් කියන්නේ කුඩා ගෝලාකාර පොකුරු වලින් සෑදුනු අවසාදිත පාෂාණයක්. මේ පාෂාණ වල ජුරාසික් යුගයට අයත් පොසිල තැන්පත් වෙලා තියෙනවා. එනම් බකින්හැම් මාලිගයේ බිත්ති හැදිලා තියෙන්නේ වසර මිලියන 200ක් පමණ පැරණි කුඩා ෆොසිල සහිත ගල් වලින්.

02. මාළිගාවෙන් පිට වෙන්න තැන් 1,514 ක්

Things unique to Buckingham Palace in England

බකින්හැම් මාළිගයේ පිටවීමක් සොයා ගන්න නම් හරිම ලේසියි. එකට හේතුව මේ මාළිගාවේ දොරවල් 1,514 තියෙන එක. ඔයාලට ඔන්න ජනෙලෙකින් පිටතට පනින්න හිතුනොත් ජනේලුත් 760ක් තියෙනවා තෝරාගන්න.

03. මොකක්ද මේ යුනියන් ජැක්?

Things unique to Buckingham Palace in England

රැජිණ මාළිගයේ නැති වෙලාවට මාලිගයේ එක්සත් රාජධානියේ ජාතික ධජය වෙන යුනියන් ජැක් (Union Jack) එක ඔසවා තියෙනවා. මේ මගින් ඇය මාළිගයේ ඉන්නවද නැද්ද කියල හැමෝටම දැන ගන්න පුළුවන් ඔන්න ඔයාලට එහෙම අලුත් චාල්ස් රජු මාළිගයේ ඉන්නවද කියල දැනගන්න ඕනි නම් යුනියන් ජැක් එක දිහා බලන්නයි තියෙන්නේ.

04. මෙච්චර සැන්විච්?

Things unique to Buckingham Palace in England

බකින්හැම් මාළිගයේ අමුත්තන් සැන්ඩ්විච් ගොඩක් කනවා! රජ පවුල බකින්හැම් මාළිගයේ අක්කර 39ක පෞද්ගලික උද්‍යානයේ සෑම ගිම්හානයකම අවම වශයෙන් උද්‍යාන සාද තුනක්වත් පවත්වනවා. ඒ හැම සාදයකදීම අමුත්තන්ට සැන්ඩ්විච් 20,000 කට අධික ප්‍රමාණයක් පිළියෙළ වෙනවා කියල තමයි සඳහන් වෙන්නේ..

05. නවීන පහසුකමින් පිරි නගරයක්!

Things unique to Buckingham Palace in England

බකින්හැම් මාළිගයේ කියන්නේ කුඩා නගරයක් කියල හිතන්න පුළුවන් විදිහේ විශාල මාළිගයක්. නිවැසියන්ට එදිනෙදා ජීවිතයට අවශ්‍ය සෑම ආකාරයකම පහසුකම් ද එහි තියෙනවා. මාළිගය ඇතුලේ තැපැල් කාර්යාලයක්, සිනමා ශාලාවක්, පොලිස් ස්ථානයක්, සෞඛ්‍ය සායනයක්, පිහිනුම් තටාකයක් වගේම පහළම මාහලයේ ATM යන්ත්‍රයක් පවා තියෙනවා!

06. රහස් උමං මාර්ග?

Things unique to Buckingham Palace in England

බොහෝ දෙනා විශ්වාස කරනවා බකින්හැම් මාළිගාවේ රහසිගත භූගත මාර්ග සහ උමං මාර්ග තියෙනවා කියලා. කටකතාවලට අනුව මේවායින් සමහරක් යන්නේ පාර්ලිමේන්තුව. පුරාවෘත්තයකට අනුව හයවන ජෝර්ජ් රජුට සහ එම රැජිනට එක් උමං මාර්ගයක් ගවේෂණය කරන්න ගිහින් එහි ජීවත් වෙච්ච මනුස්සෙයකුත් හම්බවෙලා තියෙනවා.

07. කාමර 775 ක්?

Things unique to Buckingham Palace in England

අපි කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් රජ මාළිගාවක් කියන්නේ විශාල කාමර ප්‍රමාණයක් තියෙන තැනක් කියලා. ඒත් බකින්හැම් මාළිගයේ කාමර කීයක් තියෙනවද කියලා නිල වශයෙන් කොහෙවත් සඳහන් වෙලා නෑ. ඒත් නිල නොවන ආරංචි වලට අනුව කාමර 775ක් තියෙනවා. මේ කාමර අතර නිදන කාමර 200ක් තියෙන බවත් සඳහන්. ඉතින් ඇත්තටම මෙච්චර කාමර ප්‍රමාණයක් තියෙන්නේ ඇයි කියලා නම් හිතාගන්නවත් බෑ. බොහෝ කාමර භාවිතයට ගන්නේ නෑ. සමහර කාමර වෙනත් රටක අමුත්තන් එක වරක් පාවිච්චියට ගත්තාට පස්සේ වහල දාපුවා. ඒ වගේම බාත්රූම් 78 ක් තියෙන බවත් සඳහන් වෙනවා.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post