2022 වසරේ පියවි ඇසින්ම දකින්නට පුළුවන් සුපර් නෝවා එකක්

 2022 වසරේ පියවි ඇසින්ම දකින්නට පුළුවන් සුපර් නෝවා එකක්


මේ විශ්වය නැත්තම් රාත්‍රී අහස දෙස බැලුවොත් අපිට ගණනය කරන්නට බැරි තරම් තාරකා තිබෙනවා දැකගන්නට පුළුවන්. රාත්‍රී අහසේ තිබෙන තාරකා විවිධ ප්‍රමාන වලින් වගේම විවිධ වර්නවලිනුත් අපිට දැකගන්න පුළුවන්. ඉතින් මේ රාත්‍රී අහසේ තිබෙන තාරකා වලටත් අවසානයක් තිබෙනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ අපේ ඇසටම දැකගන්න පුළුවන් තාරකා පිපිරීමක්/තාරකා අවසානයක් එහෙමත් නැත්තම් සුපර් නෝවා එකක් ගැන. 


ආලෝක වර්ෂ 1843 (ප්‍රමාණය 100% නැවැරදි නැත) ක පමණ දුරකින් KIC 9832227 නමින් හදුන්වන ද්විත්ව තාරකා පද්ධතියක් පිහිටා තිබෙනවා.  මේ තාරකා පද්ධතිය දිගින් දිගටම අධ්‍යයනය කරන විට විද්‍යාඥයින් හට ඉතාමත් විශේෂ තොරතුරක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ තමයි මේ තාරකා දෙකම එකිනෙකාට හිමින් හිමින් ලං වෙන බව. 2013 වසරේදී විද්‍යාඥයින් මේ තාරකා පද්ධතිය නිරීක්ෂණය කරන විට ප්‍රබල ලෙස ආලෝකයේ වෙනස්කමක් ඇති වී තිබෙනවා ඔවුන් දැක තිබෙනවා. ඉතින් ඔවුන් පවසන ආකාරයට 2013 වසරේදී බොහෝ සෙයින් මේ තාරකා දෙක එකිනෙකට සමීප වී තිබෙනවා. ගණනය කිරීම් වලට අනුව මේ තාරකා දෙක 2022 වසරේදී හෝ 2021 වසරේ එකිනෙකා ගැටෙනවා. මේ ගැටීම ප්‍රබල සුපිරි නෝවා අවස්තාවක් උදාකරන බව විද්‍යාඥයින් පවසනවා, මොකද තාරකා දෙකක් එකවර ගැටී යාමක් තනි තාරකාවක් පුපුරා යනවාටත් වඩා ප්‍රබල එකක් වෙන හේතුව නිසා

මේ පිපිරිම සාමන්‍ය සුපිරි නෝවා පිපිරීමකට වඩා වෙනස් වන්නට පුළුවන් යයි විද්‍යාඥයින් පවසනවා. ඔවුන් පවසන්නේ මේ පිපිරිම අධි විශාල රතු සුපිරි නෝවා එකක් (Red Giant Supernova) විය හැකි බවයි. ඉතින් මේ සිදුවීමෙන් අනිවාර්යෙන් මේ තාරකා පද්ධතිය තුල ඇති ග්‍රහවස්තු තත්පර ගණනකින් අළු කර දමන්නට පුළුවන්. ඒ වගේම මේ පිපිරීමෙන් නිකුත් වන ආලෝකය පෘතුවියේ සිටින අපට කිසිම දුරේක්ෂයක් නැතුව පියවි ඇසින්ම බලාගන්න පුළුවන් වෙනවා. මේ ආලෝකය කොතරම් ප්‍රබලද කිවහොත් රාත්‍රී අහසේ ඔබට චන්ද්‍රයාට අමතරව තවත් චන්ද්‍රයෙක් පායා ඇති ආකාරයට පෙනේවි. 

ආලෝක වර්ෂ 1843 ක් පමණ ඈතින් පිහිටි මෙම තාරකාවේ ආලෝකය 2022 දී බලාගත හැක්කේ  කෙසේද, ආලෝකය ගමන් කරන්න කාලයක් වැයවනවා නේද කියා දැන් ඔබ සිතනවා ඇති. නමුත් මේ පිපිරිම Red Giant Supernova තත්වයක් නිසා අපිට ඉක්මනටම දැකගන්නට පුළුවන් වෙනවා. මේ තාරකා පද්ධතියේ ජීවින් සිටින ග්‍රහවස්තුවක් තිබුණොත් එම ග්‍රහවස්තුවල ජිවත් වන ජීවින් මේ වන විටත් ජිවත් වීමට වෙනත් ග්‍රහවස්තුවක් සොයනවා විය හැකි. බාබා වන්ගා වැනි අනාවැකි පල කරන්නියන් පිටසක්වල ජීවින් පෘතුවියට පැමිණ අප ඔවුන් හා ගනුදෙනු කරන්නට නියමිතයි ලෙසින් පවසා ඇත්තේ මෙවැනි හේතුන් නිසා වන්නටත් විය හැකි යයි අවසාන වශයෙන් මතකයේ තබා ගන්න.


W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post