*🪄මූත්‍ර රෝගවලට මෙන්ම රෝග බොහොමයකට ගුණ අළු පුහුල්🪄*

 


🍐 අළු පුහුල් කියපු ගමන් ඔබට මතක් වෙන්නේ සමහරවිට බලිතොවිල්වල වස් දොස් අරින්නට ගන්න දෙයක් විදිහට වෙන්න පුළුවන්. ඒ නිසාම ගොඩක් දෙනෙක් අළු පුහුල් එළවළුවක් විදිහට ආහාරයට ගන්නට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේම අළු පුහුල්වල වැඩි පුර තිබෙන වතුර ගතිය නිසා බොහෝ දෙනෙක් කෑමට රුචියක් දක්වන්නේ නැහැ.


🍐 නමුත් ඔබ නිතර කන බොන එළවළු වර්ග අතරින් වෙනස්වන අළු පුහුල්වල ඇති ගුණ ගැන දැනගෙන ඔබට හැකි අවස්ථාවක ඔබේ ආහාරවේලට එක් කරගන්න. ඉතින් මේ කියන තොරතුරු ඔබට අළු පුහුල්වල වටිනාකම කියාදේවි.



 *🔴 අළු පුහුල් ගැන* 


🍐 ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල ඈත අතීතයේ සිටම වැවෙන භෝගයක් ලෙස හැඳින්වෙන අළුපුහුල් වර්තමානයේ ඇමරිකාව වැනි යුරෝපා රටවල වගා කරයි.


🍐 මෙහි පෝෂක කොටස් වශයෙන් තන්තු , සෝඩියම්, සින්ක් , යකඩ, පොස්පරස් මෙන්ම විටමින් බී කාණ්ඩයේ කොටස් අන්තර්ගත වේ.




 *🔴 අළු පුහුල් කෑවම වෙන දේ මෙන්න* 


🍐 මූත්‍ර පීඩා රෝග සුවපත් කිරීමට හොඳ ආහාරයකි. වකුගඩුවල ගල් ඇති විට එම රෝගී තත්ත්වය පාලනය කරයි.


🍐 වකුගඩුවල සෝඩියම් , පොටෑසියම් සහ ක්ලෝරයිඩ් සංඝටක ඉවත් කර වකුගඩු පිරිසිදු කිරීමට උපකාර වේ.


🍐 අධික පිපාසය නසයි.


🍐 සමෙහි පැහැය ඔප්නැංවීමට ලොව ඇති වටිනාම ඖෂධයක් ලෙස පිළි ගැනෙනවා.


🍐 මුඛයේ , ආමාශයේ සහ ගුද මාර්ගයේ හට ගන්නා තුවාල සුවපත් කර දෙයි.


🍐බරවා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනියි.


🍐 වේදනා නාශක ගුණයෙන් යුක්තයි.

රුධිරගත මේදය ඇති අයට ගුණදායකයි.


🍐 වර්තමානයේ අප ගන්නා ආහාරවල විෂ තත්ත්වයන් අවම කිරීමේ හැකියාවක් අළුපුහුල්වල පවතියි.


🍐 ඇස්වල ඇතිවන විවිධ ආබාධවලට ගුණදායක වේ.



 *🔴 අලු පුහුල් වල තවත් ගුණ...* 


• සිරුර සිසිල් කරයි.


• නිතර දැනෙන පිපාසය සන්සිඳුවයි.


• පණු රෝග වලට ගුණදායකයි.


• හදවත හා පෙනහළු ශක්තිමත් කරයි.


• හදවත් රෝග සඳහා ගුණදායකයි.


• මදසරු භාවය නැති කරයි.


• මොළය වර්ධනය කරයි.


• මතක ශක්තිය වඩවයි.


• මානසික ආතතිය අඩුකරයි.


• මානසික රෝග නැතිකරයි.


• පිළිස්සුම් තුවාල සුවපත් කරයි. (පුහුල් දළු)


• සුව නොවන කැස්සට ගුණදායකයි.

 

• මුත්‍රාගල් ඇතිවීම වළකයි.


• මුත්‍රා දාහය නැතිකරයි.


• ඌෂ්ණාධික රෝග වලට ඉතා සුදුසුයි.


• අම්ලපිත්තයට (ගැස්ට්‍රයිටිස්) ගුණදායකයි.


• අර්ශස් වලට ගුණදායකයි.


• නාසයෙන් රුධිරය පිටවීම වළකයි.


• අධික මාස් ශුද්ධිය වළකයි.


• වකුගඩු වලට ගුණදායකයි


• රක්තහීනතාවයට ගුණදායකයි.


• ශරීරයේ කෘෂ බව නැතිකර ශරීරය පෘෂ්ඨිමත් කරයි.



 *🔸මෙන්න මේ විදිහට ඔබේ ආහාරයට අළු පුහුල් එක් කරගන්න පුළුවනි.* 


⭐කැකිරි ව්‍යංජනයක් පිළියෙල කරන ආකාරයට රසවත් අළු පුහුල් ව්‍යංජනයක් එහි පොත්ත ඉවත් කර පිළියෙල කරගත හැකියි.


⭐ඒ වගේම පුහුල් ව්‍යංජනය පොතු පිටින් පිසගන්නටද හැකියි. ඒ ආකාරයෙන් සකස් කරන්නේ කටු පුහුල් මාළුවයි. 


🔅මෙහිදී සාමාන්‍ය පරිදි මිරිස් කුඩු, තුනපහ, ගම්මිරිස් , ගොරකා, කුරුඳු, රම්පේ , කරපිංචා, අමු මිරිස්, ලුණු, ලූනු සියල්ල දමාගෙන කලවම් කර පුහුල් කෑලි වැසෙන පමණට වතුර දමා පැය භාගයක් පමණ මද ගින්දරේ පිස ගන්න වුවමනායි.


🔅පස්සේ උකු පොල් කිරි එක්කර තවත් පැය භාගයක් පිසගෙන හීනියට ගාගත් පොල් ටිකක් කබලේ බැදල අරගෙන , වෙනම තෙම්පරාදුවක් හදාගෙන, පළමුව ව්‍යංජනයට බැදගත් පොල් ටික දමා දෙවනුව තෙම්පරාදුව ව්‍යංජනය මතට එක්කර විනාඩි 15ක් පමණ මද ගින්දරේ තැබීමෙන් පසු ඉතා රසවත් පුහුල් ව්‍යංජනයක් සකස් කර ගන්නට පුළුවනි.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post