නිල් වෙරළු ( රුද්‍රාක්‍ෂ ) , nil veralu , elaeocarpus ganitrus , blue olives
යාළුවෙකුගේ හාඩ්ඩිස්ක් එකක තිබිලා අහම්බෙන් මම මේ ෆෝටෝ එක දැක්කේ , පොරගෙන් ඇහුවහම පොර කියනවා මේ නිල් වෙරළුලු , රසත් වෙරළු වාගේමලු , ඇටයත් ඒ වාගේ මලු , ඔය පිටින් තද නිල්පාට උනාට ගෙඩිය පොඩිකරහම සාමාන්‍ය වෙරළු වාගේම කොලපාටයිලු , මේ ගහ තියෙන්නේ කොළඹ නගරයේමයි, ඒ ගෙදර අය දන්න තරමට තව මේ ජාතියේ ගහක් තියනවලු පේරාදෙනියේ , මයේ හිතේ මල්වත්තේ වෙන්ඩ ඇති ,
ඒ ගෙදර අය දන්න දවසේ ඉදං ඔය ගහ මිදුලේ තියනවලු හැබැයි ඇටයක් පැලවෙන්නේ වත් , මුලකිං පැලයක් දාන්නේවත් නැලු , කිහිප විටක්ම විදුලි බල මණ්ඩලයෙන් ගහ කපන්න කියලා බල කලත් අතු ටිකක් විතරක් කපලා ගහ බේරාගත් බවත් , එන්න එන්නම ගහ ලොකුවෙන හන්දා ඉදිරියට මුලින්ම කපන්න වෙයිද දන්නැ කියලත් කියුවලු ,
මේ ෆෝටෝ එක අරගන තියෙන්නේ 2011 අවුරුද්දේ , සමහරක්විට දැං ගහ කපලද දන්නෙත් නැ , යාළුවගේ පරණ හාඩ්ඩිස්ක් එකේ තව ගහේ සහ ගෙඩිවල ෆෝටෝ තිබිලා තිබුනත් , රිකවරි කරද්දි අස්ථාන ගතවෙලා , මට හොයාගන්න ලැබුනේ මේ ෆොටෝ දෙක විතරයි , මං කවදාවත් දැකලා තිබුනේ නැති නිසාත් , කියවන අය මේ ශාකය ගැන දන්නවානං ඒ තොරතුරු දැනගන්නත් , මං වගේ නොදන්න අයට දැනගන්නත් මේක මෙහෙම ලියලා දාන්ඩ හිතුවා . ( කමක් නැ නේ..ඒ.. )
උපුටා ගැනීමකි.
Tags:
> Foods
