ලොව වේගවත් ම සහ මිල අධික ම මෝටර් රථ

 පිනින්ෆරිනා බැටිස්ටා: ලොව වේගවත් ම සහ මිල අධික ම මෝටර් රථ එළිදැක්වේ

PATRICK GOSLING / STAN PAPIOR BEADYEYE

ඡායාරූප මූලාශ්‍රය,PATRICK GOSLING / STAN PAPIOR BEADYEYE

පිනින්ෆරිනා බැටිස්ටා නම් මෙම රථය ඉතාලිය මෙතෙක් නිපදවන ලද වඩාත් ජවසම්පන්න ම මෝටර් රථයයි. ෆෙරාරි සහ ලැම්බෝගිනි පරදවා එම ස්ථානය ලබා ගැනීම එම රථය ලද සුවිශේෂ ජයග්‍රහණයකි.

මෙම නවතම මෝටර් රථය මෙතෙක් මහා මාර්ගයේ ධාවනයට නිපදවන ලද වඩාත් ජවසම්පන්න ම රථය වීමට ඉඩ තිබේ. විශේෂයෙන් ම අධිබලසම්පන්න මෝටර් රථ සමග සංසන්දනය කරන විට පළමු, දෙවන සහ තෙවන ස්ථාන අතර ඇති පරතරය ඉතා තියුණුය.

මෙම රථය වඩා වැදගත් වන්නේ, එය අධිබලැති ම මෝටර් රථය වීම හෝ එහි මිල ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් වීම හෝ පමණක් නොවේ, එය මුළුමනින් ම විදුලි බලයෙන් ක්‍රියා කිරීමය.

මෙම නවතම නිෂ්පාදනය පසුගිය දා ජිනීවා මෝටර් රථ සංදර්ශනයේදී එළිදක්වන ලදි.

PATRICK GOSLING / STAN PAPIOR BEADYEYE

ඡායාරූප මූලාශ්‍රය,PATRICK GOSLING / STAN PAPIOR BEADYEYE

එම රථයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ තත්පර දෙකකට අඩු කාලයකදී වේගය පැයට සැතපුම් 62ක් දක්වා වැඩි කර ගත හැකි වීම සහ තත්පර 12කට අඩු කාලයකදී උපරිම වේගය පැයට සැතපුම් 186ක් දක්වා වැඩි කර ගත හැකි වීමය.

උපරිම වේගය පැයට සැතපුම් 250 ඉක්මවා යා හැකි අතර බැටරිය එක් වරක් ආරෝපණය (charge) කිරීමෙන් පසු මෙම මෝටර් රථයට සැතපුම් 280ක දුර යාහැකිය.

"මෙහි ජවය පුදුමාකාරයි," නිෂ්පාදන සමාගම වන ඔටෝමොබිලී පිනින්ෆරීනා ප්‍රධාන විධායක මයිකල් පර්ශ්කේ පැවසීය.

ඉහළ ක්‍රියාකාරීත්වය සහ විදුලියෙන් බලගැන්වීම යන කාරණා එකිනෙකට පැවතිය හැකි බව මෙම මෝටර් රථය මගින් ස්ථීර කර තිබෙන බව ද ඔහු කීය.

නමුත් මෙම රථය නිර්මාණය කළ සමාගම ආරම්භ කළේ ද, වසරකට වඩා අඩු කාලයකට ඉහතදී බැවින් නවතම මෝටර් රථය කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙතැයි අපේක්ෂා කෙරේ.

කෙටි කාලයක් තුළදී ලොව ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගම් අභිබවා යාමට මෙම සමාගම සමත් වීම නිසා ම බොහෝ දෙනාගේ ප්‍රශංසාව සහ කුතුහලය දිනා ගැනීමට එය සමත්ව තිබේ.

බැටිස්ටා රථය පිනින්ෆරීනා සමාගමේ නිර්මාතෘ බැටිස්ටා "පිනින්" ෆරීනා සිහිවීම පිණිස නම් කර ඇති අතර එම සමාගම මගින් නිපදවනු ලබන විදුලියෙන් ක්‍රියාත්මක වන එක ම මෝටර් රථය මෙය නොවනු ඇත.

ලොව මිල අධික ම මෝටර් රථය
ඡායාරූප ශීර්ෂ වැකිය,

ලොව මිල අධික ම මෝටර් රථය

මේ අතර ෆ්‍රංශ මෝටර් රථ සමාගමක් වන බුගාටි ලොව මිල අධික ම මෝටර් රථය එළිදක්වා තිබේ.

එය බදුවලින් තොරව ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක පමණ මිලකට නම හෙළි නොකළ ගැනුම්කරුවෙකුට විකුණා තිබේ.

නියම විකුණුම් මිල හෙළි කර නැති අතර නමුත් නව විකිණුම් මිල මීට පෙර මෝටර් රථයක් විකුණා තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 8-9 අභිබවා තිබේ.

එසේ විකුණා තිබුණේ, රෝල්ස් රෝයිස් ස්වෙප්ටෙල් රථයකි.

මෙම රථයේ එන්ජින් ධාරිතාව ෆෝර්ඩ් ෆියෙස්ටා රථයට වඩා 20 ගුණයකි.

බුගාටි සමාගමේ 110 වන සංවස්තරය වෙනුවෙන් මෙම මිල අධික රථය නිර්මාණය කර ඇත.

පොර්ෂ් සමාගමේ නිර්මාර්තෘවරයාගේ මුණුපුරා වන ෆර්ඩිනැන්ඩ් පියේෂ් එම නව මිල අධිකම මෝටර් රථයේ හිමිකරුවා ලෙස සැලකේ.

බුගාටි සමාගම හිමි වොක්ස්වැගන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු ලෙස ද පියේෂ් ක්‍රියා කළේය.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post