● _*ඇමරිකාවට ආපු නිල් මකරුන්*_
දුර්ලභ මෙන්ම විසිතුරු මුහුදු ජීවියකු වන නිල් මකරුන් රෑනක් ඇමෙරිකාවේ ටෙක්සාස් අසල දකුණු පේද්රේ දූපතේ වෙරළට රැස්වූ බව පහුගිය දවසක වාර්තා වුනා.
සාගර විද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ ඩේවිඩ් හික්ස් පවසන ආකාරයට මෙම සත්ත්වයකුගේ විශාලත්වය සෙ.මී. 3කටත් අඩුයි.
මෙම නිල් මකරුන් ගිනි නොපිඹින නමුත් සතුරන් දැඩි වේදනාවට පත් කළ හැකි තියුණු තුඩු සහිත ආරක්ෂක උපක්‍රමයක් ඔවුන් සතුවෙනවා කියලයි කියවෙන්නේ.
එනිසා මේ සත්ත්වයන් නරඹනු විනා ස්පර්ශ කිරීමෙන් වළැකිය යුතු බවට ඔහු වෙරළ තීරයේ සැරිසරන්නන්ට අවවාද කර තිබෙනවා.
කොහොම වුනත් මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා ලෝකය පුරාම සංචරණ නීති සීමා කිරීමත් එක්ක මිනිසුන්ගෙන් මිදුන පරිසරය ලොකු වෙනස්කම්වලට ලක්වෙලා තියනවා කියලා අපි දන්නවා.
මේ මකරුන්ගේ පැමිණීමත් එවැනිම එකක් බව තමයි බොහෝදෙනෙක්ගේ විශ්වාසය.
Tags:
> Animals