★ ලෝකයේ ඉපැරණි පුදුම 7 න් එකක් ලෙස මෙම ඊජිප්තු පිරමීඩ නම් කර ඇත.
★ ඒ අතර ගීසා පිරමීඩ වසර දහස් ගණනක අතීතයක සිට අද දක්වාම නොනැසී පවතී.
★ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට නුදුරින් පිහිටි ගීසා නිම්නයේ මෙම ගීසා පිරමීඩ පිහිටා ඇත.
★ මෙහි පෙලපත් ත්‍රිත්වයක් නියෝජනය කරමින් පිරමීඩ තුනක් දැකිය හැකිය.
★ මේවා මීට වසර 4600 ක ට පමණ පෙර කාලයේදී නිර්මාණය කලා යැයි සැලකේ .
★ එකල මිසරය පාලනය කල කුෆූ රජු, ඔහුගේ පුත් කාෆ්රේ සහ මුනුබුරු මෙන්කුරේ යන පාලකයින් විසින් තම මරණයෙන් පසුව සිරුර තැන්පත් කිරීම සදහා සොහොන් ගෙවල් ලෙස මෙම පිරමීඩ ඉදිකිරීමට අණ දී ඇත.
★ පුරාවිද්‍යා පිරිස් සහ ජෝතීර්වේදීන් විසින් පවසන්නේ හිරු ,සදු,අනෙකුත් ග්‍රහලෝක සහ මෙම පිරමීඩ අතර සම්බන්ධ තාවයක් ඇති බවයි.
★ එසේම පුරාතන මිසර වැසියන් විසින් "රා" නමින් හදුන්වන හිරු දෙවියන් වන්දනාමාන කිරීමේ අරමුණින් මෙම පිරමීඩ නිර්මාණය කරන්නට ඇතැයි ඇතැමුන් අනුමාන කරති.
★ මෙම ගීසා හි තිබෙන පිරමීඩ අතුරින් ප්‍රධානතම පිරමීඩය වන්නේ කුෆූ රජුගේ පිරමීඩයයි
★ මෙය ලොව විශාලතම පිරමීඩය වන අතර ගීසා හි දක්නට ලැබෙන පිරමීඩ අතුරින් ප්‍රථමයෙන්ම නිර්මාණය කර ඇත්තේද මෙම කුෆූ රජුගේ පිරමීඩයයි.
★ මෙම පිරමීඩයේ( කුෆූ රජුගේ පිරමීඩය) පාදම පමණක් අක්කර 13 ක් පුරාවට විහිදෙන අතර උස අඩි 481 ක් පමණ වේ .
★ ගීසාහි දෙවනියට විශාලතම පිරමීඩ සාදා ඇත්තේ කුෆූ රජුගේ පුත්‍රයා වන කාෆ්රේ රජු සදහාය.
★ එය ක්‍රි.පූ.2520 කාලයේදී නිර්මාණය වී ඇතැයි සැලකේ .
★ මෙම පිරමීඩ ත්‍රිත්වය අතුරින් කුඩාම පිරමීඩය කුෆූ රජුගේ මුනුබුරා සදහා නිර්මාණය වී ඇත.
★ එය ක්‍රි.පූ.2490 දී නිර්මාණය වී ඇත.
★ මෙම පිරමීඩ ත්‍රිත්වය අතුරින් වඩා වැදගත් වන කුෆූ රජුගේ පිරමීඩය ඉදිකිරීම සදහා වසර 20 ක් පමණ ගතවී ඇති අතර එය සෑදීමට මිසර හමුදා බටයන් 100 000 ක ගේ පමණ සේවය ලබාගෙන ඇති බවද කියැවේ .
★ මිසර වැසියන් විසින් මෙම පිරමීඩ ඉදිකිරීම සදහා නයිල් ගංගා නිම්නයේ බටහිර ප්‍රදේශයේ තෝරාගෙන ඇත.
★ පාරාවන් සහ ඔවුන්ගේ පවුල් වල පිරිස් මියගිය පසු එම සිරුරු මමීකරණය කොට ඒවා මෙම පිරමීඩ මද්‍යයෙහි ආරක්ෂිතව තැන්පත් කර ඇත.
★ ඒ සමගම ඔවුන්ගේ වස්තුවද ඒ තුලම තැන්පත් කල බවද කියැවේ .