ජාන ලෙස හදුන්වන්නේ මොනවාද?
කිසියම් සත්වයෙකුගේ හෝ ශාකයක එම ජීවියාගේ හැඩය,වර්ණය,ගන්ධය ආදී විවිධ ලක්ෂණ තීරණය කරන කුඩා කොටස ජාන ලෙස හැදින්වේ. (විවිධ වූ රටවල මිනිසුන් විවිධ හැඩරුව ගැනීමත්, සමේ පැහැය, හිස කෙස් වල වර්ණය හා දේහ ලක්ෂණ මෙම ජාන මත පදනම් වී ඇති නිසා ඇති වූ ලක්ෂණ වේ).
ජාන තාක්ෂණය
සතෙකුගේ හෝ ශාකයක හෝ වෙනත් යම් කිසි ජීව විශේෂයක සෛල තුල පවතින ජාන වලින් ඇතැම් ජාන කොටස් වෙන්කර එම කොටස් තුලට වෙනත් සත්ත්වයෙකුගේ හෝ ශාකයක ජාන එකතු කරමින් නව ශාකයක් හෝ සත්වයෙක් බිහි කිරීමේ තාක්ෂණික කටයුත්ත ජාන තාක්ෂණය ලෙස හැදින්වේ.
ජාන වෙනස් කරන ලද ආහාර
සෝයා
බඩ ඉරිගු
කැනෝලා
හවායින් ගස්ලබු
තක්කාලි
අර්තාපල්
උක්
සීනි බීට්
ස්වීට් කෝන්
වී
ජාන තාක්ෂණයේ ආරම්භය
ජාන තාක්ෂණය විසි වන සියවස මැද භාගයේ පටන් ලෝකය තුල ඇතිවූ නව තාක්ෂණික ප්‍රවණතාවක් ලෙස හැදින්විය හැක. සීඝ්‍ර ජනගහන වර්ධනය හමුවේ දැනට ඉතිරි වී ඇති ස්වභාවික සම්පත් එක හා සමාන ලෙස ලෝකයේ රටවල් අතර බෙදී යාමක් සිදු නොවන හෙයින් ඉතා කෙටි කාලයකින් අස්වැන්න වැඩි කිරීමේ ක්‍රමෝපායන් මෙතුලින් විමසා බැලේ.දැනට මෙය ප්‍රධාන වශයෙන් ආහාර භෝග නිෂ්පාදනය සම්බන්ධයෙන් පුළුල් ලෙස විමර්ෂණයට ලක් කෙරේ. තත්වය එසේ වුවත් ජාන තාක්ෂණික ක්‍රම සහ පර්යේෂණ තවමත් සිමා වී ඇත්තේ ලෝකයේ රටවල් අතලොස්සක පමණි.
උදාහරණ ලෙස ඇමරිකාව,ආර්ජන්ටිනාව, චිනය බ්‍රසීලය,ජපානය වැනි රටවල් දැකිවිය හැකිය.
1990 දශකයේදී ජාන තාක්ෂණය ආහාර නිෂ්පාදන කර්මාන්තයට යොදා ගන්නා ලදී.2000 ජනවාරි මාසයේදී ජාන වෙනස් කරන ආහාර සම්මුතියට අත්සන් තබන ලදි.මෙයට රටවල් 130 කට වඩා අත්සන් තබා ඇත.
වර්ථමාන ලෝකයේ පවතින විශාල ආහාර අර්බුදයට පිලියමක් ලෙස ජාන තාක්ෂණය යොදා ගනිමින් ආහාර නිපදවනු ලබයි.වසර 2050 වන විට ලෝකයේ ජනගහනය බිලියන 9 ඉක්මවන බවට ඇස්තමේන්තු ගත කර ඇති අතර දැනට අප සතුව ඇනි සම්පත් ප්‍රමාණය ඊට ප්‍රමානවත් නොවනු ඇත.
එම නිසා ජාන තාක්ෂණය යොදාගෙන අප අතැති සම්පත් ප්‍රමාණයෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.
අපගේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේදී ගොවීන් ඔවුන් විසින්ම බීජ සපයා ගනියි.කලින් වගාවේ අස්වැන්නෙන් කොටසක් ඊලග වගාවේ බීජ ලෙස ගනියි. එහෙත් ජාන වෙනස් කල බීජ වල අස්වැන්න එ ආකාරයට යලි බීජයක් ලෙස ගත නොහැක.
ජාන තාක්ෂණයේ ඇති අවදානම වන්නේ බීජ නිශ්පාදන සමාගම් වලට ලෝක ඒකාධිකාරයක් පැවතීමයි. ඒ වාගේම ටික කලක් ගිය විට එම භෝග වලට සරිලන වල් පැල හා කෘමීන් ඇතිවේ.ඉන් පසු ශාක,බීජ,ආහාර වල අයිතිය හා පාලනය ඔවුන් සතු වේ.ඒවාට පිලියම් ඇත්තේද ඔවුන් සතුවය.එම නිසා ගොවීන්ට එම සමාගම් මතම යැපෙමින් බෝග වගා කිරීම සිදුවේ.
ජාන තාක්ෂණයේ වාසි
අහිතකර තත්ව වලට ප්‍රතිරෝදී ලෙස සකස් කර ඇත.
වැඩි අස්වැන්නක් ලබා ගත හැක
අඩු පොහොර ප්‍රමාණයක් පමණක් අවශ්‍ය වේ.
අවශ්‍ය ජල ප්‍රමාණය අඩුය.
කෘමි ප්‍රතිරෝදී වේ.
වල් නාශක වලට ප්‍රතිරෝදී වේ.
ජනගහන වර්ධනය සමග ආහාර සැපයුම වැඩි කල හැකිය.
බීජ වල හා ආහාරයට ගතහැකි කොටස් වල පෝෂණය වැඩි කල හැකිය.
එළවලු පළතුරු වල ගබඩා කාලය වැඩි කරයි.
නයිට්‍රජන් ලබා ගැනීමේ කාර්යක්ෂමතාවය වැඩි කරයි.
හොද රසයක් හා පෝෂක තත්වයක් පවතී.
ජාන තාක්ෂණයේ අවාසි
පරිසරය දූෂණය වේ.
සමහර අවස්ථා වල මිනිසුන්ට හානිදායක වේ.
සුපිරි වල් පැල ඇති වේ.
සුපිරි වල් පැල අනෙකුත් ප්‍රධාන භෝග පරයා ආධිපත්‍ය පතුරුවයි.
නොසිතු ජීවීන් සමග ජාන හුවමාරු විය හැක.
අඩු පහසුකම් සහිත සංවර්ධනය වෙමින් පවතින රට වලට සුදුසු නොවීම.
ආහාර සැපයීම බහු ජාතික සමාගම් කිහිපයකට පමණක් සීමා වීම.
ජාන ආහාර නුසුදුසු ඇයි?
අද වනවිට ලෝකයේ දියුණු රටවල් ජාන තාක්ෂණය පිළිබද පර්යේෂණ සිදු කළද ඔවුන් එම රටවල වැසියන් ජාන තාක්ෂණික ආහාර වලින් ආරක්ෂා කර ඇත. උදාහරණයක් ලෙස ඇමරිකාව ජාන නවීකරණය කරන ලද ඉරිගු මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බව පවසා තිබේ.
බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ඇතුලු රටවල් ගණනාවක් මෙසේ ජාන ආහාර භාවිතය තහනම් කර ඇති අතර ඇතැම් රටවල් සීමා පනවා ඇත. අපද එම ආහාර ගැනීමේදී තවත් වරක් සිතිය යුතුය.
උදාහරණයක් ලෙස.........
ජාන වෙනස් කල අත්ලාන්තික් සැමන් මත්ස්‍යයා : GM Salmon
රසයෙන් සහ ගුණයෙන් පිරිපුන් වුවද සාමාන්‍ය සැමන් මසුන්ගේ වර්ධන වේගය සාපේක්ෂව ඉතා අවමය. මෙනිසා ඉහල ඉල්ලුමක් තිබුනද වානිජමය වශයෙන් සැපයීම අපහසුය. මීට පිලියමක් ලෙස සාමාන්‍ය සැමන් මසුන්ට සාපේක්ෂව දෙගුණයක වේගයෙන් වර්ධනය වන ජාන වෙනස්කල මත්ස්‍ය ප්‍රබේධයක් නිපදවා ඇත. Aquabounty නමැති සමාගම මෙම මත්ස්‍යයාගේ හිමිකාරත්වය දරයි.
නිෂ්පාදිත සමාගමේ අදහස වන්නේ රසය, ව්‍යුහය, වර්ණය සහ ආවේනික සුවඳ යනාදී ලක්ෂණ සැසඳීමේදී සාමාන්‍ය සැමන් මසුන්ගේ සහ මෙම ජාන වෙනස්කල මසුන්ගේ කිසිදු වෙනසක් නැති බවය. මෙම ජාන වෙනස් කල අත්ලාන්තික් සැමන් මත්ස්‍යයා විසින් වසර පුරාවටම වර්ධක හෝමෝනය ස්‍රාවය කිරීම මෙසේ වේගවත්ව වර්ධනය වීමට හේතුවේ.
සාමාන්‍ය13:40
සැමන් මාලුවෙක් - බර රාත්තල් 2.8 දිග 13"
ජාන වෙනස් කල සැමන් මාලුවෙක් - බර රාත්තල් 6.6 , දිග 24"
ජාන තාක්ෂණය හා අනාගත අභියෝග 
ජනගහනය සීඝ්‍ර ලෙස වර්ධනය වන මෙවන් වකවානුවක ආහාර පිලිබද ව වූ ගැටලුව ලෝකය මුහුණ දී ඇති ප්‍රධානතම අභියෝගයකි. දියුණු රටවල ඇති ආහාර අතිරික්තය මුහුදට විසිකරමින් තම රට වැසියනට පෝෂ්‍ය ගුණය සහිත මත්ස්‍ය නිෂ්පාදනයට වෑයම් කරන රටවල් මෙන්ම සාගින්නෙන් දිනකට එක් කැද කෝප්පයක් නොලැබෙන රටවල වැසියන්ද අද වන විට ලෝකය තුල ජීවත් වෙමින් සිටී. එහෙත් ජාන තාක්ෂණය පිහිටෙන් මොවුන්ගේ බඩගින්න උදෙසා සාධාරණ වූ විසදුමක් ලැබේද යන්න ගැටලුවකි.
අද වන විට ලෝකයේ බොහෝ රටවල ජාන තාක්ෂණයෙන් වැඩි දියුණු කරන ලද ශාක විශේෂ වගා කෙරේ. මෙයින් ඇතැම් ඒවා මිනිස් පරිභෝජනය පිණිස වන අතර ඇතැම් ශාක ප්‍රබේද වෙළද භාණ්ඩ නිෂ්පාදනය සදහා අමුද්‍රව්‍යයක් වශයෙන් වගා කෙරෙයි
අස්වැන්න වැඩි කිරීම , වර්ණය, රසය හා හැඩය වෙනස් කිරීමේ හැකියාව ජාන තාක්ෂණය සතු වුවද එයින් ඇති වන භයානක ප්‍රතිඵල ගැන ඇති දත්ත ඉතා අල්පය. එම දත්ත හෙලිනොකෙරේ. මෙවැනි තත්වයක් හමුවේ ජාන තාක්ෂණික ආහාර තුලින් අනාගත අභියෝග කොතෙක් දුරට ජයගත හැකිද වේද යන්න තවමත් විසදාගත නොහැකි ගැටලුවකි. කෙසේ වෙතත් කුසගින්න නිවීමට කුමක් වුවත් රසයෙන් හා හැඩයෙන් යුත් ආහාර නිපදවීම ජාන තාක්ෂණයේ අවසානය බව පෙනී යන අවස්ථාද වේ. මෙම රසයෙන් හා හැඩයෙන් යුත් ආහාර තමන් කෑමට පෙර දුප්පත් රටවල ජනයාට කැමට දී ඇතිවිය හැකි අහිතකර තත්වයන් පිළිබද සොයා බැලිම දැන් සිදුවේ.
මම හිතනවා ජාන තාක්ෂණය ගැන කිසිත් නොදන්නා කෙනෙකුට වුවද යම් හෝ දැනුමක් මින් ලැබේවි කියා..
ලිපිය හොඳයි නම් තවත් කෙනෙකුට දැන ගන්න ශෙයා කරන්න.