💦🧚♂️සුන්දර ඒන්ජල් දිය ඇල්ලේ මූලාරම්භය වන රොරයිමා කන්ද (Roraima Mountains)
============-======-============
මේ විශ්මිත මුදුනක් නැති කන්ද පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය වෙනිසියුලාව හා ගයනා යන රටවල් තුනටම අයත් භූමියකයි. ඒ කියන්නේ රොරයිමා කන්දේ තියෙන විශේෂත්වය තමයි මෙය රටවල් තුනකටම අයිති කන්දක් වීම මේ කන්දේ ඇති විශ්මයජනක බව වන්නේ මීටර 2840 ක උසකින් යුක්තව කඳු මුදුන සමතලා ස්‌වරූපයක් ගැනීම. එය හරියටම විශාල මේසයක් වගේ නියමිත ජ්‍යාමිතික හැඩතල මැන නිර්මාණය කරවූවක් ලෙසයි දිස් වන්නේ. මේ අද්භූත පිහිටීම ගැන පර්යේෂණ පවත්වපු භූ විද්‍යාඥයන් පවසන්නේ මේ ප්‍රදේශයට නිතර නිතර බලපාන අධික වැස්සෙන් හා සුළඟින් කඳු මුදුනේ සිදුවූ පාංශු ඛාදනය බොහෝ කාලයක සිට නොනවත්වා සිදුවීම නිසා මේ ආකාරයට කඳු මුදුනක් නැති වී තිබෙන බවයි. මේ ආශ්‍රිතයට සුලබව ලැබෙන වැසි සහිත කාළගුණික තත්වය නිසාම ඉතාම අලංකාර ස්වාභාවික දියඇළි පවා නිර්මාණය වී තිබෙනවා. කෙසේ නමුත් මෙය තරණය කළ හැක්කේ වෙනිසියුලාව දෙසින් පමණක් වන අතරම මෙය කනාමියා ජාතික උද්‍යානය මධ්‍යයේ පිහිටලා තියෙනවා.
ඒන්ජල් දියඇල්ල ගැන අහපු නැති කෙනෙක් නැතුව ඇති.මේක තියෙන්නෙත් මේ රොරයිමා කඳුවැටියෙම තමයි වෙනිසුවේලාවට අයත් ඒන්ජල් දිය ඇල්ලේ උස මීටර් 979ක් ඒ කියන්නේ අඩි 3212ක්.එහි සීඝ්‍රම බෑවුම හරහා දිය කඩා හැලෙන උස මීටර් 807ක් එනම් අඩි 2648ක්. මේ දියඇල්ලේ උඩ ඉඳන් වැටෙන වතුර කොටසක් පොලවට වැටෙන්නත් ඉස්සර වෙලා ජල වාෂ්ප බිඳු බවට පත්වෙනවා. ජිමී ඒන්ජල් කියන ඇමරිකානු ගුවන් නියමුවා මුල් වරට මේ දියඇල්ල පිහිටි ප්‍රදේශය ඉහලින් පියාසර කරලා තියෙනවා. දිය ඇල්ලට ඒන්ජල් කියන නම ලැබිලා තියෙන්නේ ඉන් පසුව කියලයි බොහෝ දෙනා කියන්නේ.
මේ රොරෙයිමා කන්ද ආශ්‍රිතව තිබෙන ශාක හා සත්ව වර්ගයන් ගත්තොත් අන්කිසිම තැනක දක්නට ලැබෙන්නේ නැති තරමටම ආවේණික සතුන් සහ ශාක රාශියක් මෙම ස්ථානයේ තියෙන බවයි විද්‍යාඥයන් පවසන්නේ. ඒ වගේම මේ කන්ද අවට ජීවත් වන බ්‍රසීලය, වෙනිසියුලාව සහ ගයනාවට අයත් පැරැණිම ස්‌වදේශික ජනතාව සතුව ඔවුන්ටම ආවේණික ජීවන රටාව හා සංස්‌කෘතියක් තිබෙන අතරම මේ නිසාම මේ ප්‍රදේශයේ ජීවත් වන බොහෝ සත්ව විශේෂ මේ ස්‌වදේශික ගෝත්‍රිකයන් තමන්ගේ ආහාර ලෙස භාවිත කරනවලු. මෙහි වාසය කරන ජීවීන් ඉතා ඉක්‌මණින්ම වඳවී යැමට එය බොහෝ සෙයින් ඉවහල් වෙන බවයි විද්‍යාඥයන්ගේ මතය වෙන්නේ.
ඊට අමතරව තවත් විද්වතුන් පවසන අන්දමට පුරාණයේ පිටසක්වල ජීවීන් ඔවුන්ගේ යානා නවතා තැබීමට සහ ගොඩ බෑමට රොරයිමා කන්ද භාවිතයට ගෙන තියෙනවලු. ඔවුන් පෙන්වා දෙන්නේ මෙතරම් නිවැරදිව මෙවන් හැඩයක් නිර්මාණය වීම අහම්බයක් විය නොහැකි බවයි. ඒ වගේම මෙම කන්දේ හැඩයට හේතු වන්නේ එහි මතුපිට පිහිටන ඝනකාභ හැඩයක් ඇති විශාල පාෂාණයක් නිසා මෙය සොබාදහම විසින් ඉබේ නිර්මාණය කරවූවක් කියා නිකන්ම බැහැර කළ නොහැකි බවයි ඔවුන්ගේ අදහස. එයත් ඇත්තටම එකඟ වෙන්න පුළුවන් කාරණාවක්
ඒ වගේම මෙහි මතුපිට ඇති සමතලා හැඩය නිසා පුරාණ පිටසක්වල පිළිබඳ පරීක්ෂණ පවත්වන්නන් පවසන්නේ, මෙය පිටසක්වල ජීවීන්ගේ ගුවන් තොටුපලක් ලෙස භාවිතා කළ බවයි. මෙය ආශ්‍රිතව ඉතා ආකර්ශණීය ජනශ්‍රැති රැසක් තිබෙන අතරම එය මේ මතයන් සනාථ කිරීමට මහඟු පිටුවහලක් සපයනවා. ඒ අනුව පැවසන්නේ මෙය මතුපිට ජීවත් වූ අමරණීය මිනිසෙකු ගැන විස්තරයි. ඒ වගේම ඔහු හමුවීමට අහසින් පැමිණි දෙවි වරුන් පිළිබඳවත් විස්තර එම ජනශ්‍රැති වල සඳහන් වෙනවා.
ඈත අතීතයේ පටන් දකුණු ඇමෙරිකානු සුළු ගෝත්‍රික ජන වර්ගයක් වුනු පේමොන් වරුන්ගේ විශ්වාස සහ ඇදහිලි වල කේන්ද්‍රස්ථානයක් හා ඔවුන්ගේ ජීවිත වල කොටසක් වුනු රොරයිමා කන්ද, ගයනාව , බ්‍රසීලය සහ වෙනිසියුලාව යන රටවල් ත්‍රිත්වය යා කරමින් ගයනා උස් භුමියේ පිහිටා ඇත.
මෙය භූගෝලීය වශයෙන් මෙම රටවල් ත්‍රිත්වයටම අයිතිව පවතී.වැඩි කොටසක් වෙනිසියුලාවට අයත් වන අතර කන්දේ උස් ස්ථානය ගයනා දේශ සීමාවේ පවතී.
මීටර් 2,810 ( අඩි 9,220 ) උපරිම උසක් ඇති මෙය උස් තැනිතලා භූමියක් (high plateau) වේ. Pakaraima කඳු වැටියේ උස්ම කන්ද වෙයි. ප්‍රාදේශීය වශයෙන් ආවේනික පැලැටි හා මල් විශේෂ, පඳුරු විශේෂ, කෘමි , ගෙම්බන් විශේෂ, සර්ප, කුරුළු විශේෂ රැසක් ජීවත් වන උරුම භූමියකි.
ගයනාවේ උසම කන්ද ලෙසද සැලකෙයි.
රොරයිමා කඳු මුදුන සහ අවසාදිත පාෂාණ නිසා නිර්මාණය වී ඇති ස්වභාවික කටාරම්
ඉංග්‍රීසි ජාතික Sir Walter Raleigh විසින් 1595 දී මෙය මුලින්ම ගවේෂණය කල බව සඳහන් වුවත් මේ මුලින්ම සාර්ථක ලෙස තරණය කරන ලද්දේ ඉංග්‍රීසි ජාතික යටත්විජිත නිලධාරියෙකු වූ Everard im Thurn විසින් 1884 දීය.( මොහු 1901 දී ලංකාවට පැමිණ 1904 දක්වා මෙරට බ්‍රිතාන්‍ය නිලධාරියෙකු ලෙස සේවය කර ඇත ). මෙහි මුදුනට අවතීර්ණය වීමට පහසුම මග වෙනිසියුලානු මුහුණතේ පිහිටා ඇති අතර කඳු නැගීමේ උපකරණ ( Rock climbing gear ) ආධාරයකින් තොරව ලඟා විය හැකි එකම මගත් එයම වෙයි.