Tokyo Sky Tree උසින් මීටර 634ක් උස ජපානයේ ටෝකියෝ නුවර පිහිටා ඇති උසින් ලොව දෙවැනි ස්ථානය හොබවන ගොඩනැගිල්ලයි. 2008 වසරේදී ඉදි කිරිම් අරඹුණු මෙය 2012 වසරෙදි ඉදිකිරීම් කටයුතු නිම විය. තමා ඉතිහාසයට සෑම විටම ගරු කරන ජපානය තමා ඉතිහාසය සිහි වීම සඳහා ස්කයි ට්‍රී හි උසද යොදාගෙන තිබේ. පැරණි ජපන් ගණිත ක්‍රමයට අනුව 6 "මු" යන අරුතත් 3 "ස"යන අරුතද ලබා දේ. ඒ අනුව මේ කුළුණේ උස වන 634 මගින් මුසෂි යන වදන නිරූපිත වේ. මුසෂි යනු අතීතයේදී ජපානයේ ටෝකියෝ ඇතුළු නගර ගණනාවක්ම අයත්ව තිබු විශාල ප්‍රදේශයකි.ගුවන් විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂක කුළුණක් ලෙස ප්‍රකට ටෝකියෝ ස්කයි ට්‍රි,දුම්රිය නැවතුම් පොලක් ලෙසින්ද හැඳින්විය හැක. ඒ මෙය හරහා දුම්රිය මාර්ගයක් වැටී තිබීමත් ටෝකියෝ ස්කයි ට්‍රී දුම්රියපොල එහි පිහිටා තිබීමත් හේතුවෙනි.සංචාරකයන් අතර මෙය ප්‍රකට වන්නේ නිරීක්ෂණ කුළුණක් ලෙසිනි . මෙහි පොළොවේ සිට මීටර 450ක උසින් ඇති,කුළුණ වටා ම පිහිටා තිබෙන නාලකරව සැකසුණු විශේෂ වීදුරු කුටිය සංචාරකයින් වෙනුවෙන්ම සැකසුවකි.අවන්හල් හා සාප්පු සංකීර්ණ වලින් යුතු වෙන නිසා මේ ය සංචාරක ආකර්ශනයට හේතු වී ඇත.ත්‍රිකෝණාකාර ආධාරක 3කින්ගොඩනැගෙන මෙය ඉහත යත්ම එකිනෙක සම්බන්ධ වේ