කබර දත්කැටියා
( Oligodon calamarius)
Templeton’s kukri snake
නිර්විෂ/ආවේණික/දුර්ලභ
*නිර්විෂ විශේෂයක් වන අතර සපා කෑමට තැත් නොකරයි.කලබල වූ විට ශරීරය දගරයක් සේ හකුලාගෙන හිස සගවා ගැනීමේ චර්යාවක් පෙන්වයි.
*වැසි වනාන්තර ප්‍රදේශ ආශිත්‍රව (සිංහරාජය,කන්නෙලිය,ශ්‍රී පාදය) ජීවත් වන නිසා එතරම් මිනිසාගෙ ඇස නොගැටෙන බැවින් ශ්‍රී ලංකාවේ දැකගැනීමට දුර්ලභම දත්කැටියන් විශේෂය ලෙසත් ලෝකයේ විද්‍යාත්මක නාමකරණයට ලක්වූ පළමු දත්කැටියන් විශේෂය ලෙසත් සැලකේ.
*රූපීයව පුල්ලි දත්කැටියාට සමාන නමුත් කශේ කොරළ හරහා යන රිදී/ඔලිව් පැහැති රේඛාව,ශරීරයේ අදුරු පැහැය,ප්‍රමාණයෙන් කුඩා බව,මොට බවක් දක්වන වලිගය,කශේ රේඛාව දෙපස අක්‍රමවත් කළු සළකුණු හා උදරීයව ඇති දාම් ලෑල්ලක් හැඩති වර්ණ රටාව වැනි ලක්ෂණ මගින් වෙන්කර හදුනාගත හැක.
*රතු දත්ත වාර්තා අනුව අන්තරායට ලක් වූ විශේශයක් ලෙස සැලකේ.සර්පභක්ශක සර්පයින්,කුරුල්ලන් ආදීන් විලෝපිකයන් ලෙස සැලකේ.
*උරග බිත්තර/කුඩා උරගයින් හා කෘමි සතුන් ආහාරයට ගන්නා අතර දිවා කාලයේ ගල්,කොළරොඩු හා ලී කදන් අතර සැගවී සිටින මොවුන් සන්ධ්‍යාවේ හා රාත්‍රී කාලයේ ක්‍රියාශීලි වේ.