වීලිස්කා ලුණු පතල (පෝලන්තය)
13 වන සියවසේ දී ආරම්භ වුණු මෙම ලුණු පතල පෝලන්තයේ ක්‍රකෝව් නගරය ආසන්නයේ පිහිටා තිබෙනවා. මෙම පතල හෑරීම ආරම්භ කර ටික කලක් යන විට පතල ඇතුළත භූගත නගරයක් නිර්මාණය කෙරුණා. ඒ ස
ජෝර්දානයේ ඇති වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙසින් සැලකෙන මෙම අපූරු නගරය නැබටියන්වරුන් විසින් ක්‍රිස්තු පූර්ව 312 දී පමණ ගොඩනගන්නට ඇතැ යි විශ්වාස කරනවා. නැබටියන්වරුන් වඩාත් ප්‍රසිද්ධව සිටියේ කාන්තාරවල ඉතාමත් සාර්ථකව ජලය රැස් කිරීම සඳහා දිය අගල් පද්ධති නිර්මාණය කිරීමටත්, ගල් පර්වත ඔප මට්ටම් කර ඒවා කැටයම් කිරීමටත් අපූරු හැකියාවක් තිබුණු පිරිසක් ලෙස යි. එනිසා එම ලක්ෂණ සියල්ලම මෙම භූගත නගරය තුළ දී හොඳින්ම දැකගන්නට පුළුවන්. මෙම නගරය තුළ ඇති අලංකාරම ගොඩනැගිල්ල වන්නේ "අල් කස්නේ" යන ගොඩනැගිල්ල යි. එය මියගිය රජෙකු හෝ රැජිණකගේ සොහොනක් බවට විශ්වාසයක් පවතිනවා.
ක්‍රි. ව. 8 වන සියවසේ දී පමණ අතහැර දමා තිබුණු මෙම නගරය පිළිබඳව 19 වන සියවසේ දී යළි ලෝකයට අනාවරණය කළේ ජොහාන් බර්ක්හාඩ් නම් ස්විට්සර්ලන්ත ගවේශකයා යි. ඉන් පසුව මෙම නගරයේ කැණීම් කටයුතු ඇරඹුනත් එය තවමත් සම්පූර්ණයෙන්ම අවසනකර නැහැ. පෙට්‍රා නගරයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳව සැලකූ යුනෙස්කෝ සංවිධානය 1985 වසරේ දී එය ලෝක උරුමයක් ලෙසින් නම් කරනු ලැබුවා. 2007 වසරේ දී ප්‍රකාශයට පත්කරන ලද නව ලෝක පුදුම 7 අතරට ද ජෝර්දානයේ පෙට්‍රා නගරය ඇතුළත් වුණා.
උසම කඳු මුදුනත උසම වන උයනේ අසිරිය විඳිමු
ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද අයත් වන්නේ හිමාල කඳුවැටියට යි. උසින් මීටර් 8,848ක් වන මෙම සුවිසල් කඳු මුදුන නේපාලයට සහ ටිබෙටයට මායිම්ව පිහිටා තිබෙනවා. ඈත අතීතයේ සිටම නේපාල වැසියන් එවරස්ට් කන්ද, පූජනීය ස්ථානයක් ලෙසින් සලකනු ලැබුවා. එනිසා ඔවුන් එය හඳුන්වන්නේ ‘සාගර්මාතා’ යන නමින්. එහි අරුත ‘දෙවිවරුන්ගේ මාතාව’ යන්නයි. එවරස්ට් කන්ද පිහිටි ප්‍රදේශයේ පවතින සුන්දරත්වය නිසා 70 දශකයේ දී ඒ ආශ්‍රිතව වනෝද්‍යානයක් ආරම්භ වුණා. ‘සාගර්මාතා ජාතික වනෝද්‍යානය’ නමින් හැඳින්වෙන එය ලෝකයේ වැඩිම උසකින් පිහිටා තිබෙන වනෝද්‍යානය බවට පත්ව තිබෙනවා. එසේ නම් මෙතැන් සිට ඔබ වෙත ඉදිරිපත් කරන්නේ සාගර්මාතා ජාතික වනෝද්‍යානයේ අසිරිය පිළිබඳව යි .