ලලිබෙලා (ඉතියෝපියාව)
1187 වසරේ දී මුස්ලිම්වරුන් ජෙරුසලම අල්ලාගැනීම නිසා කිතුණුවන්ට ශුද්ධ භූමිය වන්දනා කිරීමට ඉඩක් ලැබුණේ නැහැ. එනිසා ලලිබෙලා නම් රජතුමා ජෙරුසෙලමට සමාන අයුරින් ඉතියෝපියාවේ ජෝර්දාන්
අඩි 100ක් පමණ ගැඹුරින් ඉදිකර තිබෙන නගරය තුළ පල්ලි කිහිපයක් දක්නට ලැබෙනවා. එම අලංකාර පල්ලි සෑදීම සඳහා ගිනිකඳු පාෂාණ භාවිතා කොට තිබෙනවා. එසේම නගරය තුළ භූගත මාර්ග පද්ධතියක් සහ සැඟවුණු ගුහා දක්නට ලැබෙනවා. එම යුගයේ පූජකවරුන් සහ පල්ලිවල සේවය කළ උදවිය දිගටම භූගත පල්ලිවල ජීවත් වුණා. එකල සැලකිය යුතු බැතිමතුන් ප්‍රමාණයක් ආගමික කටයුතු සඳහා දිනපතාම පල්ලිවලට පැමිණියා. එනිසා එම යුගයේ දී ලලිබෙලා නගරය බැතිමතුන්ගෙන් පිරී පවතින්නට ඇති බව අනුමාන කරනවා.
ඒ අයුරින් බොහෝ කාලයක් බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්වුණු ලලිබෙලා නගරයේ ගල් පල්ලි පසුව ජනශූන්‍ය වුණා. නමුත් ලලිබෙලා නගරයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳව වටහාගත් ඉතියෝපියානු රජය එය සංරක්ෂණය කිරීමට කටයුතු කළා. එනිසා අද වන විට ලලිබෙලා නගරය සංචාරක පුරවරයක් බවට පත්ව තිබෙනවා. එසේම යුනෙස්කෝ සංවිධානය 1978 වසරේ දී මුල්ම වරට නම් කරන ලද ලෝක උරුමයන් 12 අතරට ලලිබෙලා භූගත නගරය ද ඇතුළත් කළා.