ඉන්දියාවේ සුප්‍රකට දේවා​ල



ඉන්දියාව කියන්නේ ප්රාතිහාර්යයක් වගේ රටක්හිම මිදෙන හිමාලයේ ඉඳන් දකුණේ ඉන්දියන් සාගරය දක්වා අති දැවැන්ත භූමි ස්කන්ධයක් හරහා විහිදෙන ඉන්දියාවේ අති විශාලත්වය නිසාම එය උප මහද්වීපයක්  විදිහටත් සැලකෙනවාසිය දහස් ගණනක් වූ ජනවර්ග සහ එකිනෙකට වෙනස් භාෂා රාශියක් කතා කරන ජන වර්ග ගණනාවක් එකම රටක් එක දරුවන් ලෙස ජීවත් වීම නූතන දේශපාලන ලෝකය තුළ තවත් පුදුමයක් බවට පත්වී හමාරයි. මේ සඳහා එක හේතුවක් වන්නේ ඉන්දියාවේ සංස්කෘතියේ විවිධත්වය වගේම එම සංස්කෘතියේ තියෙන ඒකාත්මික ස්වභාවයක් නිරූපණය වීමයි අතරින් ඉන්දියාව පුරා විසිරී තිබෙන දස දහස් ගණනාවක් වන ලොකු කුඩා දේවාල  ප්රධාන තැනක් ගන්නවා. අපි අද ඔබට කියන්න යන්නේ ඉන්දියාවේ පිහිටා තිබෙන සුප්රකට දේවාල කීපයක වගතුග පිළිබඳවයි.

 

 

1. මීනාක්ෂි කෝවිලතමිල්නාඩුව (Meenakshi Amman Temple) 

අක්කර 45  අති දැවැන්ත වපසරියක් පුරා විහිදී යන මෙම කෝවිල කැප වී තිබෙන්නේ මීනාක්ෂි නම් දෙවඟන වෙනුවෙනුයිමීනාක්ෂි ලෙස හැඳින්වෙන්නේ පාර්වතී දෙවඟන ලෙස සැලකෙන අතර ඇය සමග ඇගේ සැමියා වන ශිව දෙවියන්  මෙහි පුද පූජා ලබනවාගෝපුර ලෙස හැඳින්වෙන ද්වාර දාහතරකින් මෙම කෝවිල සමන්විත වන අතර කුළුණු දහසක් පමණ මෙහි තිබෙනවා

 

 

2. ගුරුවයුර් කෝවිලකේරළය (Guruvayur Temple) 

මෙම කෝවිල තුළට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ හින්දු බැතිමතුන් සඳහා පමණයි. එසේම මෙම කෝවිල තුළ  කමිස ඇඳීම තහනම් වන අතර උඩුකය නිරුවතින් සාම්ප්රදායික ආකාරයෙන් ඇතුළු වීම සිදු කළ යුතුයික්රිෂ්ණ දෙවියන් වෙනුවෙන් කැප වී තිබෙන මෙම කෝවිල තුළ විවාහ මංගල්යය සිදු කිරීම අතිශයින් සුබ කටයුත්තක් ලෙස සලකනු ලබන කේරළයේ බොහෝ දෙනෙක් මෙම පරිශ්රය තුළ තම විවාහ මංගල්යය සිදු කිරීමට ප්රිය කරනු ලබනවා.

 

 

3. ශ්රී ක්රිෂ්ණ ජන්මභූමි කෝවිලඋත්තර ප්රදේශ (Krishna Janmasthan Temple) 

මෙම කෝවිල පිහිටා ඇති බිමේදී ක්රිෂ්ණ දෙවියන් උපත ලැබූවේ යැයි විශ්වාස කරන අතර කාලයක් පුරා සිදුකරන ලද පුරාවිද්යාත්මක කැණීම් වලින් අතීතයේ පටන් ක්රිෂ්ණ දෙවියන් වන්දනාව සඳහා මෙම බිම ප්රකටව තිබුණු බවට සාධක හමු වනවාශ්රී ක්රිෂ්ණ දෙවියන් සම්බන්ධව උත්සව පැවැත්වෙන විට ලොව පුරා ලක්ෂ ගණනින් හින්දු බැතිමතුන් මෙම බිමට එකතු වනවා.

 

 

4. බන්කේ බිහාරි කෝවිලඋත්තර ප්රදේශ් (Banke Bihari Temple) 

 ක්රිෂ්ණ දෙවියන් වාසය කළ බ්රින්දා වනය ආශ්රිතව පිහිටා තිබෙන මෙම කෝවිල ක්රිෂ්ණා බැතිමතුන්ගේ නොමඳ ගෞරවාදරයට ලක් වන සිද්ධස්ථානයක් වනවාඅක්බාර් රාජ සමයෙහි විසූ සංගීතඥයකු වන ස්වාමී හරිදාස් විසින් ගායනා කරන ලද භක්ති ගීතයක් ඇසීමට ක්රිෂ්ණ දෙවියන් සහ රාධාව පැමිණි බවත්, ඔවුන් දෙදෙනාට සෑම විටම එම ස්ථානයේ සිටින ලෙස ස්වාමී හරිදාස් විසින් ඉල්ලූ බවත්, ඊට ප්රතිචාර ලෙස ක්‍රිෂ්ණ දෙවියන් තමන්ගේ ස්වරූපයේ ප්රතිමාවක් එහි නිර්මාණය කළ බවත් ජනප්රවාදයේ කියැවෙනවාමෙම කෝවිලේ වන්දනාමානයට පාත් වන ප්රතිමාව එය බවයි පැවසෙන්නේ.

 

 

5. කාර්නි මාතා කෝවිලරාජස්ථානය (Karni Mata Temple) 

  කාර්නි මාතා ලෙස සැලකෙන මිනිස් ස්වරූපය ගත් දුර්ගා මාතාව මෙම කෝවිල තුළ වන්දනාමානයට ලක් වෙනවාමෙම කෝවිලේ ඇති විශේෂත්වයක් වන්නේ මීයන් දස දහස් ගණනින් මේ ආශ්රිතව වාසය කිරීමයි පිළිබඳ විවිධ ජනප්රවාද පවතින අතර කිසිදු බැතිමතෙකු මෙම මීයන්ට හානියක් සිදු කරන්නේ නැහැ.

 

 

6. රාමනාත්ස්වාමි කෝවිලතමිල්නාඩුව (Ramanathswamy Temple) 

 ඉන්දියාවේ දකුණු දිග අන්තයේ පිහිටා තිබෙන මෙම කෝවිලේ ඉතිහාසය රාම රාවණා යුගය දක්වා දිව යන බව මූලාශ්රවල සඳහන් වෙනවාපුරා කථා වල සඳහන් වන අන්දමට රාවණා පරාජය කිරීමෙන් අනතුරුව රාමකුමරු සහ සීතා දේවිය ඉන්දියාවට පා තබන ලද්දේ මෙම ප්රදේශය හරහායිමෙම කෝවිල තුළ ශිව ලිංග දෙකක්  වන්දනාමානයට ලක් වන අතර එම  ලිංග යුගලය සීතා දේවිය විසින් සහ හනුමාන් විසින් නිර්මාණය කරන ලද ඒවා යැයි කියවෙනවාගෘහ නිර්මාණ ශිල්පය අතින්  මෙම කෝවිල  විශිෂ්ට නිර්මාණයක් වනවා.

 

 

7. සිද්ධිවිනායක් කෝවිල, මහාරාෂ්ට්‍රය (Siddhivinayak Ganapati Mandir) 

මුම්බායේ පිහිටා ඇති මෙම කෝවිල සැලකෙන්නේ ඉන්දියාවේ පිහිටා තිබෙන බැතිමතුන් වැඩිම පිරිසක් ඇදී එන ගණදෙවි කෝවිල ලෙසයිමේ නිසාම නැකත් දිනයක් ලෙස සැලකෙන අඟහරුවාදා දින බැතිමතුන් දසදහස් ගණනින් පෝලිමේ සිටින්නේ මෙම කෝවිල තුළ ඇති ගණ දෙවියන්ගේ දාරුමය ප්රතිමාවේ ආශීර්වාදය ලබා ගැනීම සඳහායි.

 

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post