~ ලොව විශාලතම ඩීසල් එන්ජිම බලන්න යමු ~🛸



..ඩීසල් එන්ජින් කියන්නෙ අපේ ජීවිත වලට සමීප දෙයක්.. කාර්යබහුල අපේ ජීවිත වලට මේ එන්ජින් වලින් සුළුපටු සේවයක් නෙවෙයි ඉටු වෙන්නේ..අද අපි ලොව විශාලතම හා ප්‍රබලම ඩීසල් එන්ජිම ගැන දැන ගනිමු...


..එහෙනම් යාලුවනේ මේ අති විශාල එන්ජිම හඳුන්වන්නේ Wärtsilä RT-flex96C නමින්.සාමාන්‍ය වාහනයක එන්ජිමක් නම් අපි තරම්වත් උස නෑ , ඒත් මේක...

 Wärtsilä නම් Finnish සමාගමකින් තමයි මේක හදලා තියෙන්නෙ. කිලෝ වෝල්ට් 80080 පමණ බලයක් ලබාදෙන්න මේ එන්ජිමට පුලුවන්කමක් තියෙනවා.එමෙන්ම මෙය ටොන් 23,000ක බරකින් යුක්ත වේ. මෙය මන්දගාමී Two-Stroke Turbo එන්ජිමකි. මෙතරම් ශක්තිමත් Wärtsilä RT-flex96C එන්ජිම 2006 සැප්තම්බර් මස පටන් භාවිතයට ගන්න පටන් අරන් තියෙනවා...


මෙය සිලින්ඩර් 14 ක එන්ජිමක් වන අතර එක් චක්‍රයකට ඩීසල් අවුන්ස 6.5 පමණ වැය කරයි. සෑම සිලින්ඩරයක් ම කිලෝ වෝල්ට් 7500 ශක්තියක් නිපදවයි. මෙහි සැලැස්ම   RTA96C එන්ජිමට සමාන වුවත් ඇතැම් කොටස් අලුත් තත්වයේ State-Of-The-Art Rail තක්ෂණයෙන් නිපදවා ඇත.මෙම එන්ජිමේ වේගය 22-102 පමණ වෙනවා...


170 g/kWh පරිභෝජනයක් ඇති මෙහි කාර්යක්ෂමතාව අතින් බැලුවහොත් ඉතා ඉහල අගයක් ගන්නා අතර පරිසර හිතකාමී බවක්ද පෙනේ.මන්ද යත් එය අධික ලෙස GHG වායු විමෝචනයක් සිදු නොකරන බැවිනි...

නිසැකවම මෙම Wärtsilä RT-flex96C එන්ජිම වත්මන් ඉන්ජිනේරු තාක්ෂණයේ විස්මය දනවන නිර්මාණයකි.මෙය ඕනෑම ප්‍රමාණයක නැවක් බල ගන්වන්න පුලුවන්කමක් තිබෙන ඕනෑම බල අවශ්‍යතාවකට ඔරොත්තු දෙන සිලින්ඩර 14කින් සමන්විත වේ. මේ අපූර්ව එන්ජිම අඩි 44ක උසින් හ අඩි 99ක දිගින් යුක්ත වේ...


චීනයේ සිට ඇමෙරිකාවට භාණ්ඩ ප්‍රවාහණය කරන නෞකා සැබවින්ම දැවැන්ත වේ.ඉතින් එවා ගොඩක් විශාලයි, ඒ නිසා අපිට කතාකරන්න සිද්ධ වෙනවා ටොන් 180,000ක් පමණ බර අඩි 1300ක්  හෝ ඊට වැඩි දිගකින් යුත් නැව් ගැන. සාමාන්‍ය Turbo එන්ජිමකට මේ දැවැන්තයින්ව හොල්ලන්නවත් බෑ.නමුත් අශ්ව බල 109,000ක් සපයන Wärtsilä RT-flex96C එන්ජින් තමයි ඔය දැවැන්තයින්ව ඇදගෙන යන්නෙ. දැනට මෙවැනි දැවැන්ත එන්ජින් 25ක් පමණ ඇති අතර සාගර 86ක ගමන් ගනී.වැඩිදියුණු කළ ඉන්ධන පිරිමැසුම, වැඩි ආයුකාලය හා උසස් ක්‍රියාකාරීත්වය සමඟ Wärtsilä RT-flex96C එන්ජිමේ අනාගතය ගොඩනැගේ...

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post