අස්තෝලා දූපත


ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ සොබාදහමේ විශේෂ ස්ථානයක් ගැනයි. පාකිස්තානයට අයත් මෙම දූපත අරාබි මුහුදේ පිහිටා තිබේ. කිලෝමීටර 4.7 ක් පමණ දිගින් යුත් මෙය එරටට අයත් විශාලම අක් වෙරළ දූපතයි.
පැස්නි උප දිස්ත්‍රික්කයේ පැස්නි ධිවර වරායේ සිට මෝටර් බෝට්ටුවක පැය 5ක ගමනකින් අස්තෝලා දූපතට ළඟා විය හැකිය. 

මෙම දූපත විශාල උස් සම බිමකින් හා කඳු ගැට 7 කින් සමන්විත වෙයි. භූ පැළුම් , ස්වාභාවික ලෙන් හා මුහුදු බොකු මෙහි දැකිය හැකිය. අභිජනන මධ්‍යස්ථානයක් වශයෙන් වැදගත් වන මෙම තෙත් බිමෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්වී සිටින Eretmochelys imbracata උරග විශේෂය වාර්තා වේ.

Chelonia mydas , Eretmochelys imbracata ආදී කැස්බෑ විශේෂ මෙහි ඇත. පක්ෂි විශේෂ රැසකගේ විශේෂයෙන්ම කළු මුහුදු ලිහිණියන්ගේ අභිජනන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකටය. කුඩා ගස් හා පඳුරුවලින් ගහන මේ දූපතේ ආහාර සුලබය. ජිවින්ට අවශ්‍ය ආරක්ෂාවද ලැබෙන බැවින් ජීවි විශේෂ රැසක් වාර්තා වේ.





W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post