මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණෑගල කොටස ජනතා අයිතියට පත් කෙරේ

 මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස අද (15) ජනතා අයිතියට පත් කෙරුණි.


එම උත්සවය පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.


මධ්‍යම අධිවේග මාර්ගයේ දෙවන අදියරේ මිරිගම - කුරුණැගල දක්වා කොටස කිලෝමීටර් 40.91ක දුරින් යුක්තය.


පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වනපරිදි ඉදිකර ඇති මෙම අධිවේග මාර්ගය නාගරික ප්‍රදේශ මගහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ඉදිකර ඇත.


මංතීරු 4ක් යටතේ ඉදිකළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන තිබේ.


මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 ඉදිකර තිබේ.


මේ සඳහා රුපියල් බිලියන 137ක් වැය වී ඇත.



W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post