වියට්නාමයේ පිහිටලා තියන Phong Nha Ke Bang ජාතික උද්‍යානයේ පිහිටි ලොව විශාලතම ස්වභාවික ගුහාව වන මේ ස්ථානය සංචාරකයන් ගොඩක් ආස තැනක්. දිගින් කිලෝමීටර 9ක් හා ගැඹුරින් මීටර් 150ක් වෙන මේ ලෙන දැක්කම ඒක ඇතුළට නොයා ඉන්න නම් බැරිවෙයි. ඒ තරම් සිත් ඇදගන්නාසුළු ස්ථානයක්. 2009දි සොයා ගත්ත මේ ලෙන සංචාරකයන්ට විවෘත උනේ 2013 ඉඳලා. කෑම්පින් යන අය රෑ ගත කරන්න මේ ස්ථානය යොදා ගන්නවා. ඒක නම් සුපිරිම අත්දැකීමක් වෙනවා නොඅනුමානයි. මේ ලෙන ඇතුළෙ තියන හුණුගල් ගුහා, අලංකාර විල්, විශේෂ ජෛව පද්ධතිය ඇත්තටම වචනවලින් කියලා නිම කරන්න බෑ. 

 

7. මොරේන් විල (Moraine Lake) 

කැනඩාවේ Banff ජාතික උද්‍යානයට අයත් මේ විල දැක්කම ඒ දිහා බලන් ඉන්න හිතෙන තරමට ලස්සන තැනක්. හෙක්ටයාර 50ක් වගේ වෙන මේ විලේ පිහිනුම් හා මාළු ඇල්ලීමට නම් අවසර නෑ. එහෙ යන අයට සපයන බෝට්ටුවෙන් මේ වැව වටේ ගමන් කරන්න පහසුකම් තියනවා. මේ විලේ ජලය ලස්සන නිල් පැහැයක් ගන්න හේතුව ග්ලැසියර් වලින් වටවෙලා තියන විලේ තියන පාශාණ වලට වැටෙන ආලෝකය පරාවර්තනය වීමයි. මේ විලේ වතුර අධික ශීතලකින් යුක්තයි. මේ වෙනකොට තියන කොරෝනා වසංගතය නිසා මේ අලංකර ස්ථානය තාවකාලිකව වහලා තියෙන්නෙ. 

 

අද අපි ගෙනාවේ ලෝකේ තියන විශ්වාස කරන්න බැරි තරම් අද්විතීය ලස්සනක් තියන ස්ථාන. මේ වගේ තව ගොඩක් තැන් තියනවා මුළු ලෝකෙම පුරාම. තවත් දවසක අපි ඒවා ගැනත් කතා කරමු.