දත් මදින්න විතරක් ගන්න ටූත්පේස්ට් වලින් ගන්න පුළුවන් වෙනත් ප්‍රයෝජන

 දිනපතා දත් මදින්න පාවිච්චි කරන ටූත්පේස්ට් වලින් කරගන්න පුළුවන් වැඩ කිහිපයක් ගැන කියන්නයි අද ආවේ. දත් ටික විතරක් මැදගන්න වෙලේ මේ වගේ වැඩත් කරගන්න පුළුවන් වෙන එක කොච්චර වටිනවද බලන්න.


1. අවපැහැ ගැන්වුණු ඉලෙක්ට්‍රික් බඩු පිරිසිදු කිරීමට



කාලයක් යනකොට අපේ ඉලෙක්ට්‍රික් බඩු වල ප්ලාස්ටික් කොටස අවපැහැයක් ගන්නවා. ටූත්පේස්ට් ටිකක් තෙත මිරිකපු රෙදි කෑල්ලකට අරගෙන අතින් තද කරලා අතුල්ලලා අවපැහැ ගැන්වුණ කොටස පිහදාන්න. බඩු වල අවපැහැය නැති වෙලා යනවා දැකගන්න පුළුවන්.


2. වීදුරු, වාහන වින්ඩ්ස්ක්‍රීන්, හෙඩ්ලයිට් පිරිසිදු කිරීමට



වීදුරු වල මතුපිට තියන කුණු දූවිලි වගේ දේවල් ඉවත් කර පැහැදිළි කරගැනීමට, වාහන වල වින්ඩ්ස්ක්‍රීන් එක පිරිසිදු කරගන්න මෙන්න මේ විදියට කරන්න. මුලින්ම වීදුරු මතු පිට සෝදලා දූවිලි සහ වැලි අංශු ඉවත් කරගන්න. ඊළඟට තෙත ඉවත් කරගන්න වියළි රෙද්දකින් පිහිදන්න. මෘදු රෙදි කෑල්ලකට ටූත්පේස්ට් චුට්ටක් අරගෙන රවුමට තප්පර 30-40ක් පිහදාන්න. ඊළඟට තෙත රෙදි කෑල්ලකින් පිහදලා ටූත්පේස්ට් අයින් කරගෙන නැවත වියළි රෙද්දකින් පිහිදාගන්න.


3. බිත්ති වල ඇති චෝක් පැල්ලම් ඉවත් කිරීමට




පොඩි අය ඉන්න ගෙවල් වල නම් ඉතින් බිත්ති ගන්න දෙයක් නෑ එයාලා චෝක් වලින්ම පේන්ට් කරලනේ. ඉතින් ඔයාලා එහෙම බිත්තියක් පේන්ට් කරන්න හිතනව නම් ඊට කලින් චෝක් පැල්ලම් ටික අයින් කරගන්න වෙනවා. ඒකට ටූත්බ්‍රෂ් එකකට ටූත්පේස්ට් දාලා චෝක් පාරවල් දිගේ තදින් බ්‍රෂ් කරන්න. ඊළඟට තෙත රෙදි කෑල්ලකින් හෝ ස්පොන්ජ් එකකින් පිහදාන්න.


4. කැන්වස් සපත්තු වල සීරීම් ඉවත් කිරීමට හා පොලිෂ් කිරීමට




කැන්වස් සපත්තු වල දීප්තිමත් පැහැය ගන්න නම් රෙදි කෑල්ලකට ටූත්පේස්ට් දාලා සපත්තුවේ රබර් කොටස පිරිසිදු වෙනකල් පිහදාන්න. ඒ වගේම සීරීම් පාරවල් තියන තැන් වල ටූත්පේස්ට් වැඩිපුර ගාලා රවුමට පිහදාගන්න. මතක ඇතුව මේකට තනි සුදු ටූත්පේස්ට් එකක් පාවිච්චි කරන්න. පාට පාට කොටස් තියෙන ටූත්පේස්ට් වලින් සුදු සපත්තු වල පැල්ලම් හිටින්න පුළුවන්.



5. ඇලුමිනියම් මතුපිට පොලිෂ් කිරීමට



ඇලුමිනියම් භාණ්ඩ සහ කුස්සියේ ස්ටේන්ලස් ස්ටීල් බඩු වල දීප්තිය වැඩි කරගන්න නම් වියළි රෙදි කෑල්ලකට ටූත්පේස්ට් දාලා රවුමට පිහදාන්න. ඊළඟට ටිශූ එකකින් තවත් හොඳට පිහදාගන්න.



7. කෝප්ප වල තියන කහට පැල්ලම් ඉවත් කිරීමට




කෝප්ප වල තියන පැල්ලම් ඉවත් කිරීමට අපිට විවිධාකාර ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. තේ කහට ඉවත් කිරීමට කෝප්ප වලට ටූත්පේස්ට් දාලා, වතුර ටිකක් දාලා හොඳට බ්‍රෂ් කරගන්න. ඒ වගේම පොඩි අයගෙ කිරිබෝතල් වල කිරි සුවඳ යවාගන්න බෝතල් ඇතුළට ටූත්පේස්ට් දාලා බ්‍රෂ් කරගන්න පුළුවන්.



8. මුහුණේ බ්ලැක් හෙඩ්ස්වලට සත්කාරයක් ලෙස





ජෙල් නොවන ටූත්පේස්ට් තේ හැඳි 1/2කට ලුණු කුඩු තේ හැඳි 1/2ක් මිශ්‍ර කරගන්න. ආලේප කරන්න පහසු වෙන්න වතුර බින්දු කීපයක් එකතු කරගන්න. මූණට ගාලා විනාඩි 5කින් වගේ රවුමට ස්ක්‍රබ් කරගන්න. බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීමේ හැකියාව ටූත්පේස්ට් වල තියනවා. මේක දිනපතා කරන්න හොඳ නෑ. ටූත්පේස්ට් වලින් සම වියළෙන්න බලන නිසා චර්ම රෝග විශේෂඥයින් නම් මේ ක්‍රමය අනුමත කරන්නෙ නෑ.



9. අයන් එක ක්ලීන් කරගන්න



ඔයාලගෙ අයන් එකේ යට කොටස කළු පැහැ වෙලානම් ජෙල් නොවන ටූත්පේස්ට් එකක් අරගෙන මුළු පෘෂ්ඨයම වැහෙන්න ගාලා, විනාඩි 2-3ක් තියලා කපු තුවායකින් රවුමට පිහදාගන්න.

 


10. නේල් පොලිෂ් ඉවත් කිරීමට




නේල් පොලිෂ් රිමූවර් ඉවර වෙලානම් ටූත්පේස්ට් වලට බේකින් සෝඩා හා ලෙමන් යුෂ ටිකක් මිශ්‍ර කරලා නියපොතු වල ගාලා රෙදි කෑල්ලකින් හෝ පුළුන් වලින් අතුල්ලලා නේල් පොලිෂ් රිමූ කරගන්න පුළුවන්.



 


 



W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post