6. පිටසක්වල සම්බන්ධය

අත්ලාන්තිසය පිළිබඳව ගවේෂණය කරන තවත් පිරිසකගේ මතය වන්නේ මෙම නගරය ගොඩනගන ලද්දේ පිටසක්වල ජීවීන් විසින් බවයි. ඔවුන්ට අනුව මෙම ජීවීන් කොටස පෘථිවියට පැමිණ ඇත්තේ මීට වසර පනස් දහසකට පමණ පෙරදීයි. එම කාලයේදී ඔවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර අටසියයක් පමණ වන බව මේ පිරිස විශ්වාස කරනවා. තවත් කොටසකට අනුව අත්ලාන්තිස් පුරවරය පෘථිවිය මත තිබුණු ශිෂ්ටාචාරයක් නොවන අතර එය පිහිටා තිබී ඇත්තේ අඟහරු ලෝකය තුළයි.

 

7. එඩ්ගා කේසිගේ හෙළිදරව් කිරීම

මෝහනය මගින් අතීතය පිළිබඳව හෙළි කළ එඩ්ගා කේසිට අනුව යළිත් වරක් අත්ලාන්තිසය මෙලොව විරාජමාන වන අතර එහි ජීවත් වුණු වැසියන් මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ පුනර්භවය ලබා ඒ යුගයට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටිනවා. කෙසේ නමුත් කේසිගේ මේ අනාවැකිය කෙසේ වේදැයි යන්න අපිට දැන ගැනීමට හැකි වන්නේ අනාගතයේදී පමණයි.

 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.