ගල්කුළු තරණය (Rock Climbing) සඳහා ප්‍රසිද්ධ ආසියාවේ ස්ථාන 7ක්


ගල් නැගීම් එහෙම නැතිනම් රොක් ක්ලයිම්බින්ග් කියන්නේ එක්තරා ආතල් එකක්. විදේශිකයින් ඒ වෙනුවෙන්ම ආසියානු රටවල ඩෙස්ටිනේශන් කරා ඇදෙනවා. අපි හැමෝටම තදබල දුෂ්කර ගල් නගින්න බැහැ. ඒත් පුළුවන් මට්ටමින් නැගලා, ඒ විනෝදය උපයාගන්න පුළුවන් තැන් ගොඩක් ආසියානු කලාපයේ තියෙනවා. අපේ රටෙත් කුඩුම්බිගල, මීමුරේ, ලකේගල, සීගිරිය, පිදුරංගල වගේ ගල් නැගීම් මහජනතාව අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් අපි ආසියාවේ ජනප්‍රිය ගල් නගින තැන් ටිකක් ගැන සොයා බලමු. 

 

1. තායිලන්තයේ රයිලේ වෙරළ තීරය (Railay Beach) 

තායිලන්තයේ ප්‍රා නන්ග් අර්ධද්වීපය ආසන්නයේ මූදේ තියෙනවා ලස්සන ගල් කුළු ගොඩක්. ඒවායේ එක එක මට්ටමින් සුන්දරව පිහිටා ඇති ගල්කුළු තරණයට යොදාගන්නවා. මේ ඇතැම් ඒවා හිරිගල් වලින් සෑදුන ඒවා. ඇතැම් කදු ශිඛර වල රිලවුන්, වඳුරන්, සර්පයින්, කුරුල්ලන් ආදී සතුන් ජීවත් වෙනවා. මේ ගල් බොහොමයකට පිවිසෙන්නට වෙන්නේ බෝ්ට්ටු  මගින්. බෝට්ටුවෙන් ගිහින් බැහැලා, එතන ඉඳලා අමාරුවෙන් නැගලා යන අමාරු තරණයන්ද, ලේසියෙන් ගල උඩට නැගලා සතුටු වෙන්න පුළුවන් තැන්ද තායි වෙරළ තීරයේ සහ මුහුදේ තැන තැන තියෙනවා. 

 

2. ක්වාලාලම්පූර් බටු ගුහා (Batu Caves) 

මේ බටු ගුහා සංකීර්ණය නැරඹීම ක්වාලාලම්පූර් වල තියෙන එක් විශේෂ සංචාරක අත්දැකීමක්. බටු ගුහා සංකීර්ණයට සාමාන්‍ය විදිහට යනවා වගේම කම්බිවල, දම්වැල් වල එල්ලිලා යන්නත් පුළුවන්. මේ ග්‍රැනයිට් රොක් එකට යන්න ක්වාලාලම්පූර් වලට ගොඩබහින ඕනා කෙනෙක්ට පුළුවන්. ගුවන්තොටුපළ ඉඳලා වැඩි දුරක් නැති නිසා සංචාරකයෝ මේ අවස්ථාවට බොහොම කැමතියි. මේකේ දමායි බිත්තිය, නන්යන්ග් බිත්තිය සහ න්යාමුක් බිත්තිය කියලා බිත්ති තුනක් තියෙනවා. මේ තුන දුෂ්කර බව අතින් මට්ටම් තුනක තියෙන්නේ. 

 

3. ලොන් ඩොන් තායිවානය (Long dong, Taiwan) 

මේ ලොන්ඩොන් වල ගලේ නැගීම තායිවානයේ ජනප්‍රියම ගල් නැගීමේ අවස්ථාවක්. මුහුද අද්දර කාලයක් තිස්සේ වියෝජනය වුණු ගල් තලාවක් උඩට තමයි නැගීම සිද්ද වෙන්නේ. එහි තියෙන මුහුදුබඩ පරිසරය නිසා මේ මුහුදු තීරයේ කඳු නැගීම ඇස් වලට අමුතු විනෝදයක් එකතු කරනවා. මේ රොක් ක්ලයිම්බ් එකේදි ගන්න පොටෝ වල තියෙන ලස්සන ස්වභාවයත් මේ නැගීම සංචාරකයින් අතර ජනප්‍රිය වෙන්න හේතු වෙලා තියනවා. මේක තියෙන්නේ තායිවානයේ ඉහළ කෙළවරේ. බස් එකේ සහ කෝච්චියේ දුර ගිහින් තමයි මේ තැනට ළඟා වෙන්න වෙන්නේ. 

 

4. රෙහායි (Rehai, Taipei) 

තායිපේ නගරයට ආසන්නව පිහිටලා තියෙන මේ ක්ලයිම්බින් ස්පොට් එකේදි විවිධ අපහසුතා මට්ටම් වල කඳු නැගීම් ගණනාවක් තෝරාගන්නට පුළුවන්. මේකේ තියෙන්නේ ගිණිකඳු පිපිරීමකින් ඉතුරු වූ ගිරිහිස් පෙළක්. මේ කඳු නැගීම වඩාත් අපහසු එකක් නෙමෙයි. ඒ කියන්නේ කඳු නගින්න පුරුදු වෙන්න ආස කෙනෙක්ට වුණත් මේ රෙහායි වල කඳු නැගීමට උත්සාහ කරන්න පුළුවන්. 

 

5. ෂූෂාන් කන්ද (Shou Shan Mountain, Kaohsiung City) 

තායිලන්තයේ කඳු නගින, ගල් නගින තැන් ගණනාවක් තියෙනවා. එයින් ක්‍රේසි හෝස් කියලා හඳුන්වන තැන පිංතූර ලස්සනයි. ඒත් තියෙන අවදානම නිසා එය දැන් තහනම් කරලා තියෙන්නේ. මේ ෂූෂාන් කන්දේ නගින්න පුළුවන් හිරිගල් හිස් ගණනාවක් තියෙනවා. මෙය තරණය කරන මාර්ගය මැද මට්ටමේ අවදානමක් තියෙන මාර්ගයක් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. මේ පාක් එක ඇතුළේ කඳු ගල් ශිඛර තරණය කරන එකට නීතිමය අතින් නම් යම් බාධාවන් තියෙනවා. මොකද ගල් කැට පෙරලිලා ඇවිත් වැටෙන නිසා. ඒත් කොහොම හරි මෙය තරණය කරන පිරිස් ඉන්නවා. 

 

6. කැට් බා දූපත (Cat Ba Island, Vietnam) 

වියට්නාමයේ හාලොන් මුහුදේ ඇති කදිම සුන්දර දූපත් සමූහය නම් නොදැක්ක කෙනෙක් නැතුව ඇති. ඒ හාලොන් බේ එකේ දූපත් හිස් වල පිංතුරය එතරම්ම ජනප්‍රියයි. මේ වියට්නාමයේ ගොඩබිමත් කුඹුරු ඉඩම් වල මහ විසාල ගල් තියෙනවා. ඒත් ගල් නැගීම වියට්නාමයේ විනෝදාංශයක් විදිහට එච්චර ජනප්‍රිය නැහැ. කැට් බා දූපතේ මූද පෙනෙන සීමාවේ ඉඳගෙන තමයි නගින්න තියෙන්නේ. හාලොන් බේ එකේම පිහිටලා තියෙන මේ කැට් බා අයිලන්ඩ් නැගීමෙන් අවට තියෙන සුන්දර දූපත් පෙළ දැකගන්නත් ඔයාලට පුළුවන්. 

 

7. යන්ග්ෂුවෝ (Yangshuo, China) 

ඈතින් බැලුවම සිදුරක් වගේ විශාල ගල් නිමැවුමක් තියෙන මේ යන්ෂුවෝ ගිරිහිස තරණය තරමක් අමාරු කාර්යයක්. මේ කඳු නැගීම කෙළින්ම ඉහළට කඹ මතින් කෙරෙන එකක්. ඒ පළාතේ තියෙන ලස්සන භූ විෂමතා ලක්ෂණ අනුව අවට තියෙන සුන්දර ගිරි හිස් ගණනාවක් මේ නැගීම අතරතුර දැකබලාගන්නත් නගින අයට පුළුවන්. 

 

ලංකාවේ සිරිපාදේත් ඉස්සර අපේ මුතුන් මිත්තෝ නැගලා තියෙන්නේ රොක් ක්ලයිම්බ් විදිහට. ඒ කාලේ මහගිරිදඹට දැන් වගේ පඩිපෙළවල් තිබිලා නැහැ. උඩ ඉඳන් දාපු කඹ, දම්වැල් වල එල්ලිලා තමයි මහ මළුවට ගිහින් තියෙන්නේ. ඉතින් ඒ වගේ දැඩි අවදානමක් ගන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වීමත් දැන් සංචාරක අත්දැකීමක් වෙලා තියනවා. 


W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post