ඌව පළාතේ අප්‍රකට පුදබිම්

 ඌව පළාත කියන්නේ පුරාණ රුහුණු රටේ කොටසක්අනුරාධපුර යුගයේදී වර්තමාන ඌව පළාත පිහිටා තිබෙන ප්රදේශය ජනාකීර්ණ සහ ප්රබල ප්රදේශයක්ව පැවති බවට සාධක හමු වෙනවානුවර යුගයේදී මෙම  ප්රදේශයට වෙල්ලස්ස යන නාමය භාවිතා වුණාප්රදේශයේ තිබූ සශ්රීකභාවය  මඟින් පිළිබිඹු වෙනවා.  1818 මහ කැරැල්ල එක්ක ඌව පළාත බ්රිතාන්  අධිරාජ්යවාදීන්ගේ දැඩි පලිගැනීමට ලක් වුණා. එහි ප්රතිඵලය වුණේ ඌව පළාත ජනශුන්‍ය ස්වභාවයට පත් වීමයිඅදටත් ලංකාවේ දුප්පත්ම පළාතක් විදිහට ඌව පළාත හඳුන්වන්න පුළුවන්නමුත්  අපේ රටේ සංස්කෘතික උරුමය අතින් ඌව පළාත පොහොසත්අපි අද ඔබට කියන්න යන්නේ ඌව පළාතේ පිහිටා තිබෙන අප්රකට පුදබිම් කීපයක තොරතුරු පිළිබඳව.

 

 

1. කොටසර පියංගල විහාරය

මෙම විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිව යන බව කියවෙනවාසද්ධර්මාලංකාරයරසවාහිනිය වැනි පැරණි ධර්ම ග්රන්ථවල මෙම විහාරය හා සම්බන්ධ විවිධ කතා පුවත් වාර්තා වනවාමෙහි පිහිටා තිබෙන දාගැබ දෙවැනි පෑතිස් රජ සමය තුළ ඉදිකළ එකක් බවට ජනප්රවාද පවතිනවා වගේම පොළොන්නරු යුගයේදී  පරාක්රමබාහු රජු සහ සුගලා දේවිය අතර ඇතිවූ ගැටුම් සමයේදී දළදා වහන්සේ මේ පින්බිමේ රැකවරණය ලැබූ බවටද සාධක හමු වනවාමහනුවර යුගයේදී කීර්ති ශ්රී රාජසිංහ රජුගේ අනුග්රහය යටතේ ටැම්පිට විහාරයක් විහාරාංග වලට එක් වීම සිදුවී තිබෙනවා.

 

 

2. බුදුරුවගල

ලංකාවේ  දකින්නට ලැබෙන විශිෂ්ට අවලෝකිතේශ්වර ප්රතිමාව බුදුරුවගලදී දක්නට ලැබෙනවා වැල්ලවායට නුදුරුව පිහිටා තිබෙන මෙම මූර්තියේ ඇති තවත් එක් විශේෂත්වයක් වන්නේ එම ප්රතිමාව තනිව නොව අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ පිරිවර සමඟ නෙළා තිබීමයිඊට තාරා දේවියගේ සහ සුදන කුමාරයාගේ  රූපය ඇතුළත් වනවා.

 

 

3. දඹේගොඩ

දඹේගොඩ පිහිටා තිබෙන අවලෝකිතේශ්වර ප්රතිමාව අදටත් ප්රදේශවාසීන්ගේ වන්දනාවට සහ  වටා බැඳුණු විශ්වාස පද්ධතියකට මූලයව පවතිනවාඅද වන විට ලංකාව තුළ මහායාන ඇදහීම් දකින්නට නොලැබුණද ඇස් රෝගවලින් පෙළෙන බොහෝ දෙනා මෙම බෝසත් ප්රතිමාව වෙත වන්දනා කොට තම රෝග සුව කර දෙන ලෙස බාරහාර වනවාඅතීතයේ පැවති විශ්වාසවල ශේෂයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්.

 

 

4. දෙමටමල් විහාරය

කාවන්තිස්ස රජ සමයට අයත් දෙමටමල් විහාරය  විවිධ පුරාකතා වලට හේතු පාදක වූ විහාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්එම  කථාවල සඳහන් වන ආකාරයට දුටුගැමුණු සහ සද්ධාතිස්ස ගැටුම් සමයේ දී පරාජයට පත් වූ සද්ධාතිස්ස කුමාරයාට ආරක්ෂාව ලබාදීමට මෙම විහාරයේ භික්ෂූන්වහන්සේ මැදිහත්ව තිබෙනවාපැරණි විහාරාරාංග රැසකින් සමන්විත මෙම විහාරයේ පිහිටා තිබෙන මුරගලක් විශේෂ අවධානයට ලක්ව තිබෙනවා  එහි කාන්තාවකගේ සහ පිරිමියකුගේ රූප යුග්මයක් ඇතුළත්ව තිබීම නිසයි.

 

 

5. නාගදීප විහාරය

මහියංගණයට ආසන්නයේ පිහිටා තිබෙන මෙම විහාරය නිවැරදි නාගදීපය ලෙස ඇතැම් පාර්ශ්ව විශ්වාස කරනවාපැරණි දාගැබකින් සමන්විත මෙම විහාරයේ නටබුන් රාශියක් පස් යට සැඟවී තිබෙන බවට සාධක හමුවනවාමහින්ද රාජපක්ෂ මහතා යුද්ධය ජයග්රහණය කිරීම සඳහා මෙම විහාරයට පැමිණ විශේෂ පූජාවක් පැවැත්වීමත් සමඟම යළිත් වතාවක් මෙම විහාරය කෙරෙහි විශාල මාධ් අවධානයක් යොමු වුණා.

 

 

6. යුදගනා විහාරය

දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමාරවරු යුද වැදුණු භූමිය හරහා මහරහතන් වහන්සේ සිය ගණනක් වැඩම කොට එම යුද්ධය සංසිඳවීමට කටයුතු කළ බව අපේ වංශ කථා වල සඳහන් වෙනවාඑම යුද්ධය පැවති භූමියේ මෙම විහාරය ඉදිකොට තිබෙනවාමෙහි පිහිටා තිබෙන දාගැබ සුවිශේෂී හැඩයක් ගන්නා අතර එය දැදිගම කොටවෙහෙරපොළොන්නරුවේ දෙමළ මහා සෑය වැනි දාගැබ්වල ආකෘතිය ගන්නවා.

 

 

7. දෝව රජ මහා විහාරය

ලෙන් විහාර සංකීර්ණයක් වන මෙම විහාරය ඌව කලාකරුවාගේ දක්ෂතා පිළිබිඹු කරන කලාගාරයක් වැනි විහාරයක්එහි ඇති ගල් ලෙන තුළ කුඩා  ප්රමාණයේ දාගැබක් සහ දොළොස් රියන්  සැතපෙන පිළිමයක් ඉදිකොට තිබෙනවා වගේම විහාරයේ ලෙනට උඩින් පිහිටා තිබෙන පර්වත බිත්තියේ අඩක් නිම කරන ලද බුද්ධ රූපයක්  හමු වනවා.

 

 එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post