6. සෝමබන්ධු විද්‍යාපති 

බෙල්ලන්විල රජමහා විහාරයේ බුද්ධ මන්දිරය වන්දනා කරන්න යන බැතිමතුන්ට එම මන්දිරය සරසන බිතුසිතුවම් නම් කවදාවත් අමතක වෙන එකක් නැහැ. බෙල්ලන්විලටම ආවේණික වූ ශෛලියකින් මෙම සිතුවම් නිර්මාණය කරලා තියෙනවා. මේ විශිෂ්ට ගණයේ සිතුවම් නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ සෝමබන්දු විද්‍යාපතිට. 

 

7. ජෝර්ජ් කීට්

බොහෝ විචාරකයන්ට අනුව ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම නවීන චිත්‍ර ශිල්පියා වන්නේ ජෝර්ජ් කීට්. කියුබික්වාදයට ආකර්ෂණයක් දැක්වූවත් ඔහුගේ සිතුවම් තුළින් නිරූපණය වන්නේ ශ්‍රී ලාංකිකත්වයයි. ඊට ඔහු තුළ සිටි කවියා ද යම් තාක් දුරකට බලපාන්නට ඇති. අයිවන් පීරිස්, හැරී පීරිස්, ජස්ටින් දැරණියගල, ලයනල් වෙන්ඩ්ට් වැනි පුරෝගාමීන් සමඟ කොළඹ 43 කණ්ඩායම බිහි කිරීමට පුරෝගාමී වූ ඔහු ලංකාවේ සිතුවම් කලාව මෙන්ම අනෙකුත් කලා ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය වෙනුවෙන් ද විශිෂ්ට සේවාවක් ඉටු කළා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න ඕන තවත් නම් තියෙනවා නම් ඒ අය ගැන කමෙන්ට් එකකින් අපිට කියන්නත් අමතක කරන්න එපා.