ලංකාවෙ පරණම බිග් මැච් 10



ක්‍රිකට් කියන්නේ ලංකාවේදී ක්‍රීඩාවක්ම නෙමෙයි. ඒක සංස්කෘතියක්. ඒ සංස්කෘතියේ ප්‍රබල අංගයක් ලෙස මහා ක්‍රිකට් තරග එහෙමත් නැත්නම් බිග් මැච් හඳුන්වන්න පුලුවන්. මේ කියන්න යන්නේ ලංකාවේ පැරණිතම බිග් මැච් 10 ගැන.

 

10.  ශාන්තු වරයන්ගේ සටන

කොළඹ සාන්ත පීතර විද්‍යාලයත්, කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලයත් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය ආරම්භ වී ඇත්තේ 1933 දීයි.

 

9. මොරටුව රන් සටන

වේල්ස් කුමර විද්‍යාලයත් , සාන්ත සෙබස්තියන් විද්‍යාලයත් අතරයි රන් සටන පැවැත්වෙන්නේ. එය ආරම්භ වී ඇත්තේද 1933 දීයි.

 

8. සුලෝහිත සංග්‍රාමය

ආනන්ද නාලන්ද විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරගය හැඳින්වෙන්නේ සුලෝහිත සංග්‍රාමය ලෙසිනුයි. 1924 වසරේ මෙම තරගය ඇරඹුණා.

 

7. යාපනය රන් සටන

යාපනය හින්දු විද්‍යාලය  සහ යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය අතර පැවැත්වෙන මේ තරගය ආරම්භ වී ඇත්තේ 1917 වසරේදීයි.

 

6. නුවර නිල් මහා සටන

ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය තරග වදින මෙය ආරම්භ වී ඇත්තේ 1914 වසරේදීයි. .

 

5. ආදරවන්තයන්ගේ සටන

ගාල්ල දිස්ත්‍රික්කයේ සුප්‍රසිද්ධ පිරිමි පාසල් ද්විත්වය වන මහින්ද රිච්මන්ඩ් පාසල් තරග වදින ක්‍රිකට් තරගය මෙනමින් හැඳින්වෙනවා. මෙය 1905 ආරම්භ වූවා.

 

4. උතුරු සටන

යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය සාන්ත ජොන් විද්‍යාලය තරග වදින මෙම ක්‍රිකට් තරගය 1901 ආරම්භ වූවා.

 

3. රුහුණු නිල් මහා සටන

මාතර පුරවරයේ නමගිය පාසල් දෙකක් වන සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේශස් විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය මෙනමින් හැඳින්වෙනවා. එය ආරම්භ වී ඇත්තේ 1900 වසරේදීයි.  ලංකාවේ වැඩිම වාර ගණනක් පැවති මහ ක්‍රිකට් තරග අතර දෙවැනි තැන ගන්නවා.

 

2. නුවර සුලෝහිත සංග්‍රාමය

මහනුවර කිංස්වුඩ් , මහනුවර ධර්මරාජ පාසල් තරග වදින මහා ක්‍රිකට් තරගය ලංකාවේ දෙවැනි පැරණිතම ක්‍රිකට් තරගයයි. එය ආරම්භ වී ඇත්තේ 1893 වසරේදීයි.  මෙය ලංකාවේ වැඩිම වාර ගණනක් පැවති මහ ක්‍රිකට් තරග අතර තෙවැනි තැන ගන්නා ක්‍රිකට් තරගයයි.

 

1. නිල් මහා සටන

රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන මේ පැරණිතම ක්‍රිකට් තරගය සහ වැඩිම වාර ගණනක් පැවැත්වුණු තරගය ලෙස හැඳින්වෙන මෙම තරගය 1879 දී ආරම්භ වී තිබෙනවා.

ඔබේ දැනුමට යමක් එකතු උනානම් අනිත් අයටත් බලන්න ලිපිය SHARE කරන්න අමතක කරන්න එපා.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post