ලොව අඩුම සහ වැඩි ම ජීවන වියදමක් සහිත නගර

 

ලෝකයේ වැඩි ම ජීවන වියදමක් සහිත සිංගප්පූරු නගරය – images.unsplash.com

ඉහත සඳහන් බලපෑම් හේතුවෙන් ඇති වී තිබෙන ප්‍රධාන ම ප්‍රතිඵල තුනක් නම් කළ හැකි යි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පසුගිය වසරට සාපේක්ෂ ව 22%කින් ඉහළ යාම, රුසියානු ස්වභාවික වායු නළ වසා දැමීමත් සමඟ යුරෝපයේ ස්භාවික වායු, විදුලි ගාස්තු පසුගිය වසර සාපේක්ෂ ව 29% පමණ ඉහළ යාම හා ලෝකයේ විවිධ රටවල  විවිධ වෙළෙඳ සීමා කිරීම් මධ්‍යයේ ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන උද්ධමනය ඉහළ මට්ටමක පැවතීම එම ප්‍රතිඵල තුන යි. 

ලොව වැඩි ම ජීවන වියදමක් සහිත නගර – සිංගප්පූරුව හා නිව්යෝර්ක් – www.statista.com

ලොව වැඩි ම ජීවන වියදමක් සහිත නගර – සිංගප්පූරුව හා නිව්යෝර්ක් 

ලොව වැඩි ම ජිවන වියදමක් සහිත නගරය බවට අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරය පත් වී ඇත්තේ ප්‍රථම වරට යි. සිංගප්පූරු නගරය නම් මීට පෙර වසර කිහිපයක දී ම ලොව වැඩි ම ජිවන වියදමක් සහිත නගරය බවට පත් ව තිබෙනවා. ගිය වසරේ දී මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත් ව සිටි ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරය මේ වසරේ තුන්වන ස්ථානයට පැමිණ සිටිනවා.

4 වන ස්ථානයට නගර දෙකක් නම් වී ඇති අතර හොංකොං හා ලොස් ඇන්ජලිස් නගර ඒවා යි. සුරිච්, ජිනීවා හා සැන්ප්‍රැන්සිස්කෝ නගර පිළිවෙළින් හයවන, හත්වන හා අටවන ස්ථාන ලබා තිබෙනවා. පැරිස් නගරය නමවන ස්ථානයත්, කෝපහේගන් හා සිඩ්නි නගර සම සේ දසවන ස්ථානයත් ලබා තිබෙනවා.  

ලෝකයේ වැඩි ම ජීවන වියදමක් සහිත නිව්යෝර්ක් නගරය – www.worldstrides.com

මෙම වාර්තාව පරික්ෂා කිරීමේ දී පසුගිය වසරට සාපේක්ෂ ව වැඩි ම උද්ධමනයකට හසු වූ නගර ලෙස තුර්කියේ  ඉස්තාන්බුල්, ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හා ඉරානයේ ටෙහෙරාන් නම් කරන්නට පුළුවන්. රුසියාවේ මොස්කව් හා ශාන්ත පීටර්ස්බර්ග් නගර, පසුගිය වසරට සාපේක්ෂ ව ජීවන වියදම් ශ්‍රේණිගත කිරීම්වලින් පිළිවෙළින් ස්ථාන 88ක් හා 70 කින් මෙවර ඉහළ ගොස් තිබෙනවා.

රුසියාවට පනවා තිබෙන බටහිර සම්බාධක 

එම නගරවල ජීවන වියදම මෙසේ  ඉහළ යාම සඳහා රුසියාවට පනවා තිබෙන බටහිර සම්බාධක බලපා තිබෙන බව එම ආයතනය සඳහන් කරනවා. ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරය හා ලක්සම්බර්ග් හි ලක්සම්බර්ග් නගරය පසුගිය වසරට සාපේක්ෂ ව ජීවන වියදම් දර්ශකයේ ස්ථාන වැඩි ම ගණනක් පහළට ගිය නගර ලෙස නම් කළ හැකි යි. ඒ නගර දෙක ම මෙවර ස්ථාන 38කින් පහළ ගොස් තිබෙනවා.

ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරය – පසුගිය වසරට සාපේක්ෂව ජිවන වියදම් දර්ශකයේ ස්ථාන වැඩි ම ගණනක් පහළට ගිය නගරයක් – www.trinitytrave.com

ජීවන වියදම අඩු ම සිරියාවේ ඩමස්කස්, කොළඹත් වියදම් අඩු නගරයක්  

මෙවර ජීවන වියදම් දර්ශකයේ අඩු ම ජීවන වියදමක් සහිත නගරය ලෙස සඳහන් වන්නේ සිරියාවේ ඩමස්කස් නගරය යි. ඒ මෙම දර්ශකයේ 172 වන ස්ථානය ලබා ගනිමින්. ලිබියාවේ ට්‍රිපොලි,ඉරානයේ ටෙහෙරාන් පිළිවෙළින් 171 හා 170 ස්ථාන ලබා තිබෙනවා.  දර්ශකයේ අවසන් ස්ථාන 10 තුළ රැදී සිටින නගර දෙස බලන විට අරාබි කලාපයේ නගර හැරුණුකොට බහුතරයක් දකුණු ආසියාතික රටවල නගර බව පෙනී යනවා.

ලැයිස්තුවේ 161 වන ස්ථානය ශ්‍රී ලංකාවේ කොළඹ නගරයටත්, ඉන්දියාවේ බැංගලෝර් නගරයටත් හිමි වී තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි හා අහමබාද් නගරවලට පිළිවෙළින් 164 හා 165 වන ස්ථාන හිමි ව තිබෙනවා. පාකිස්තානයේ කරච්චි නගරයට ලැයිස්තුවේ 167 වන ස්ථානය හිමි ව තිබෙනවා. 

ලැයිස්තුවේ 161 වන ස්ථානය ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට – www.andbeyond.com

අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා රටවල් හා ලෝකයේ අනෙකුත් රටවල් සිය පොලී අනුපාත ඉහළ නංවා දේශීය මුදල් ඒකකයට තිබෙන ඉල්ලුම වැඩි කර උද්ධමනය පහළ හෙළීමට මේ වන විට කටයුතු කරමින් යනවා. විශේෂයෙන් ම ඉන්දියාව හා රුසියාව වැනි අරටවල් ජාත්‍යන්තර වෙළෙඳාමේ දී සිය මුදල් ඒකකය භාවිත කිරීම සඳහා උත්සාහ ගනිමින් සිටිනවා. එමඟින් මේ මුදල් ඒකක ශක්තිමත් කළ හැකි වෙනවා.

කොවිඩ් වසංගතයෙන් ඇති වූ ආර්ථික බලපෑමත් ක්‍රමයෙන් ලෝකයෙන් ඉවත් ව යාමත්, රුසියානු හා යුක්රේන අර්බුදය යම් ආකාරයකින් සමථයකට පත්වුවහොත් ඉදිරි වසරවලදී මෙම නගරවල ජීවන වියදම් මීට වඩා අඩු වීමට ඉඩ පවතින බවත් Economist Intelligence Unit ප්‍රකාශ කරනවා.

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකාවේ කොළඹ නගරය- www.pinimg.com

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post