සත්ව ලෝකයේ විවිධාකාර අන්වර්ථ නාම වලින් හඳුන්වන සතුන් ඉන්නවා. ඒවාට ඔවුන්ගේ හැසිරීම, හැඩය සහ වෙනත් විශේෂ හැකියාවන් එහෙමත් බලපානවා. ඔබ දන්නවා ද සත්ව ලෝකයේ ගොළුවා ලෙස හඳුන්වන සත්වයා කවුද කියලා? ඒ තමයි ජිරාෆ්. ජිරාෆ්ගේ ස්වර තන්තු පිහිටා නොමැති නිසා ඌ ජීවිත කාලයේ ම ගොළු වී සිටිනවා. ජිරාෆ්ගේ පුල්ලි රටාව මිනිසාගේ ඇගිළි සළකුණු රටාව වගේ එකිනෙකාට වෙනස්. මුළු මුහුණ ම පිරිසිදු කර ගත හැකි වන සේ අ`ගල් 20ක් පමණ දිගු දිවක් ජිරාෆ් සතුයි. ඉතා දිගු බෙල්ලක් පිහිටා තිබුණත් බිම ඇති දෙයක් කෑමට හෝ බීමට, දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇත්තේ උගේ බෙල්ලේ ඇති ෙග්‍රෙවී කෂේරුකා ගණන අඩු වීම නිසයි. ලොව උස ම සත්වයා වන ජිරාෆ්ගේ සාමාන්‍ය උස අඩි 19ක් පමණ වනවා. ජිරාෆ් සිය ජීවිත කාලයේ වැඩි ම කාලයක් සිටින්නේ හිටගෙනයි.
Tags:
> Animals