දූරියන් ෆෑන්ස්ලට දූරියන් වලින් හදාගන්න පුළුවන් රෙසිපි 5ක්

 සමහරෙක්ට පෙන්නන්නවත් බැරි තව සමහරුන්ට අමෘතයක් වගේ පළතුරක් තමා දූරියන් කියන්නෙ. කියනකොටත් පළාතෙවත් ඉන්න බැරි අය දැක්කෙ නෑ වගේ ගියාට කාරි නෑ. අපි අද මේ කියන්න යන්නෙ දූරියන් වලින් හදන්න පුළුවන් කෑම වර්ග ටිකක් ගැනයි. 


1. දූරියන් අයිස්ක්‍රීම් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඇට ඉවත් කළ දූරියන් මදුළු 10
  2. විප්ක්‍රීම් කෝප්ප 1
  3. වැනිලා ස්වල්පයක් 
  4. පිටිකිරි මේස හැඳි 2
  5. මිල්ක්මේඩ් කෝප්ප 1/4

 

  • මුලින්ම දූරියන් ටික පොඩි කරලා ඊට පස්සෙ බීට් කරගන්න. මේකට වැනිලා හා කිරිපිටි දාලා හොඳට බීට් කරගෙන පැය2ක් ෆ්‍රීසර් එකේ තියන්න. 
  • වෙනම බෝල් එකකට විප්ක්‍රීම් හා මිල්ක්මේඩ් දාලා ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. 
  • මේක දූරියන් මිශ්‍රණයට දාලා ස්පැතූලා එකෙන් කලවම් කරගන්න. දැන් මේක පැය 4ක් ෆ්‍රීසර් එකේ තියලා කෑමට ගන්න. 

 

2. දූරියන් මිල්ක්ශේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කිරි කෝප්ප 1
  2. දූරියන් මදුළු 4-5
  3. අයිස්කැට කිහිපයක් 
  4. සීනි තේ හැඳි 2
  5. වැනිලා ස්වල්පයක් 

 

  • දූරියන් වල ඇට අයින් කරලා බ්ලෙන්ඩර් එකට දාගන්න. 
  • අනික් සියල්ලමත් දාල හොඳට බ්ලෙන්ඩ් කරගන්න. 

 

 

3. ක්‍රිස්පි දූරියන් බයිට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. දූරියන් ඇට 10
  2. බැදීමට තෙල්
  3. ලුණු ස්වල්පයක් 
  4. මිරිස්කුඩු ස්වල්පයක් 

 

  • දූරියන් ඇට සෝදලා වේලෙන්න තියන්න. දැන් මේ ටික පෙති කපාගන්න. 
  • ටිෂූ එකක් උඩ අතුරලා තව ටිකක් වේලෙන්න තියලා ගැඹුරු තෙලේ බැදගන්න. 
  • ලුණු හා මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. 

 

4. දූරියන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. දූරියන් මදුළු 6-7
  2. බිත්තර කහමද 4
  3. එළවළු තෙල් මේස හැඳි 2
  4. කේක් පිටි ග්‍රෑම් 50
  5. ලුණු පින්ච් එකක්
  6. බිත්තර සුදුමද 4
  7. ක්‍රීම් ඔෆ් ටාටාර් තේ හැඳි 1/4
  8. සීනි ග්‍රෑම් 40

 

  • දූරියන් වල ඇට අයින් කරලා මදය ග්‍රයින්ඩ් කරලා පල්ප් එකක් හදාගන්න. 
  • කහමද ටික බීට් කරගන්න. මේකට එළවළු තෙල් ටිකත් දාලා බීට් කරන්න.
  • ටිකකින් දූරියන් පල්ප් එකත් දාලා දිගටම බීට් කරන්න. පිටි වලට ලුණු දාලා කලවම් කරලා මිශ්‍රණයට එකතු කරන්න. 
  • වෙනම බෝල් එකකට බිත්තර සුදුමද ටික දාලා බීට් කරන්න. සීනි ටික ටික දාලා බීට් කරන්න. ක්‍රීම් ඔෆ් ටාටාර් ටිකත් දාලා ස්ටිෆ් වෙනකල් බීට් කරන්න. 
  • දැන් මේක දූරියන් මිශ්‍රණයට දාලා ස්පැතූලා එකෙන් කලවම් කරන්න. බේකින් පේපර් එකක් දාපු ට්‍රේ එකකට බැටර් එක දාලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 40ක් බේක් කරගන්න. 

 

5. දූරියන් පෑන්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි ග්‍රෑම් 100
  2. හාල්පිටි ග්‍රෑම් 40
  3. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  4. ග්‍රයින්ඩ් කරගත් සීනි ග්‍රෑම් 40
  5. පොල්කිරි කෝප්ප 1
  6. දූරියන් මදුළු 6-7

 

  • පිටි වලට බේකින් පව්ඩර් දාලා හලාගන්න. මේකට සීනි එකතු කරන්න. පොල්කිරි ටික දාගන්න. හොඳට බීට් කරලා විනාඩි 30ක් වහලා තියන්න. 
  • දූරියන් මද ටික ග්‍රයින්ඩ් කරගන්න. පෑන් එකක් ලිපේ තියලා සාදාගත් බැටර් එක දාලා ටිකකින් දූරියන් පියුරි එක මැදට තියලා පෑන්කේක් එක දෙකට නවාගන්න. 
  • විනාඩි දෙකක් විතර ලිපේ තියලා බාගන්න.
W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post