වසර 900ක් පැරණි ‘යෝධ කුරුස යුද්ධ කඩුව‘යළි හමුවේ....


ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ නොගැඹුරු මුහුදේ ගවේෂණය කරමින් සිටි ආධුනික කිමිදුම්කරුවෙකු වසර 900 කට පෙර කුරුස යුද්ධ නයිට්වරයෙකුට අයත් යැයි සැලකෙන කඩුවක් සොයාගෙන ඇත.


සාගර ජීවීන්ගෙන් දැඩි ලෙස වැසී තිබූ අඩි 3.3ක දිගින් යුතු කඩුව වැලි බවත් වීමෙන් පසු නැවත මතු වූ බව විශ්වාස කෙරේ.

ඊශ්‍රායල් පුරාවස්තු අධිකාරිය පැවසුවේ පිරිසිදු කර විශ්ලේෂණය කළ පසු එය මහජන ප්‍රදර්ශනයට තබන බවයි.

1095 දී ආරම්භ වී සියවස් ගණනාවක් පුරා පැවති කුරුස යුද්ධයේදී යුරෝපීය ක්‍රිස්තියානුවන් මැද පෙරදිග බලා ගොස් ජෙරුසලම සහ ශුද්ධ භූමියේ අනෙකුත් ප්‍රදේශ මුස්ලිම්වරුන්ගෙන් අල්ලා ගැනීමට උත්සාහ කළහ.


ඊශ්‍රායෙල් පුරාවස්තු අධිකාරියේ සභාපතිවරයා වන කෝබි ෂර්විට් පැවසුවේ, ‘‘මෙම කඩුව සොයාගත් වෙරළ තීරය සියවස් ගණනාවක් පුරා කුණාටු වලදී නැව්වලට ආරක්ෂිත ස්ථානයක් වුණා. මෙනිසා පුරාණ කාලයේදී වෙළඳ නැව් මෙම වෙරළ තීරයට නිතර පැමිණ තිබෙනවා. එනිසා වටිනා පුරාවිද්‍යාත්මක සොයාගැනීම් රැසක් මෙහි ඉතිරි වී තිබෙනවා” ඔහු පැවසීය.

පර්යේෂකයන් උපකල්පනය කරන්නේ මෙම කඩුව ඇට්ලිට් හි පිහිටි කුරුස යුද්ධ බලකොටුවට සම්බන්ධ විය හැකි බවයි.

“මෙය මීටරයකට වඩා දිගින් යුතු යකඩ කඩුවක්. ඒ කියන්නේ මේ කඩුව අතට ගත් හා සටන් කළ පුද්ගලයා ඉතා ශක්තිමත් බවයි. ඔහු ඇත්තෙන්ම හොඳ ශරීර යෝග්‍යතාවයෙන් සිටිය යුතුයි, සමහර විට ඔවුන් අද අපට වඩා විශාල සිරුරක් ඇති ශක්තිමත් පුද්ගලයින් විය යුතුයි‘‘ ෂර්විට් පැවසුවේය.

බී.සී.සී ඇසුරිනි

උපුටා ගැනිමකි 
W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post