රන් අශ්වයන් (Akhal-Teke golden horses)

 


රන් අශ්වයාට එම අන්වර්ථ නාමය ලැබිල තියෙන්නෙ ඔවුන්ට ම උරුම ලස්සනට දිලිසෙන ලොම් වැස්ම නිසයි. මොවුන් ඉතා නුවණක්කාර, හොඳ දරා ගැනීමේ හැකියාවක් ඇති ඉතා වේගවත් අශ්වයන් කොට්ඨාසයක් වශයෙන් ප්‍රසිද්ධයි.


ටක්මෙනිස්තානය නිජබිම කරගත් මේ රන් අශ්වයන් යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ විවිධ ප්‍රදේශවලත් දැකිය හැකියි. ලොව පැරැණි ම අශ්ව විශේෂයක් ලෙස සැලකෙන මොවුන් ඉතාම දුර්ලභ ඒ වගේම ඉතාම අලංකාර අශ්ව වර්ගයක්. මුළු ලෝකෙටම මේ වර්ගයේ අශ්වයන් ඉන්නෙ 8000ටත් අඩු ප්‍රමාණයක්.


ඉතාම දුර්ලභ මෙන්ම අලංකාර අශ්ව විශේෂයක් නිසා මොවුන් ඉතාම මිල අධිකයි. රන් අශ්වයෙකුගෙ සාමාන්‍ය වෙළඳපොල මිල ඇමරිකානු ඩොලර් 7,000 - 14,000 අතර අගයක් ගන්නවා. නමුත් හොදින් පුහුණු කල රන් අශ්වයෙක් ඩොලර් 50,000-100,000 ක් පමණ වටිනවා. සමහරවිට ඊට වඩා වැඩි මිලටත් අලෙවි  වෙනවා..

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post