🇸🇬 සිංගප්පූරුව කියන්නෙ ඉතාම කෙටි කාලයකදී සීග්‍ර දියුණුවක් අත්පත් කරගත්තු රටක්. විශේෂයෙන් ඉතා ඉහළ ඒක පුද්ගල ආදායමක් සහිත රටක් තමයි සිංගප්පූරුව කියන්නෙ. ඉතින් මේ ලිස්ට් එකේ පළවෙනි තැනට ආවා කියන එකේ පුදුමෙකුත් නෑ ඒක අතකට. ඉතින් සිංගප්පූරුවේ අන්තර්ජාල වේගය (ස්ථාවර) 226.6 mbps වගේ ඉහළ අගයක පවතිනවා. සිංගප්පූරුවේ ජනගහණය මිලියන 5.9කට කිට්ටුයි. මේ රටේ මොබයිල් ස්පීඩ් එකත් 60.52 mbps වගේ අගයක පවතිනවා. ඒ වගේම සිංගප්පූරුව ඉතාම කුඩා රටක් වීමත් මේ විදිහට වේගවත් අන්තර්ජාල පහසුකම් සඳහා බලපාලා තියෙනවා. 🇸🇬
උපුටා ගැනීම - අන්තර්ජාලය ඇසුරෙන්