නිදා ගන්න කොට ජංගම දුරකථන ලග තියාගන්න එපා (Do Not Keep Cell Phones With You While Sleeping)
මොන දේ වැරදුනත් එක දෙයක් නම් හරියට කියන්න පුළුවන්. ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් සොයාගත් දුරකථනය අද පවතින තත්වයට පැමිනෙයි කියලා ඔහු හිනෙකින්වත් හිතන්න නැතු ඇති.
ඒ තරමට අද වෙන කොට දුරකථන තාක්ෂණය දියුණු වෙලා. මීට වසර 20කට කලින් නම් ජංගම දුරකථනයක් කියන්නේ ඇතිහැකි අයට පමණක් තිබුණු උපකරණයක්. ඒත් අද වෙනකොට ජංගම දුරකථනය කුඩා දරුවෙක් ලග තියෙන සුලභ උපකරණයක් බවට පත් වෙලා අවසානයි. නිකමට හිතන්න මීට වසර ගනණාවකට කලින් අතීතයට ගිහින් අපි ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ව හමුවෙනවා. ඔහුට කියනවා දුරකතනය මගින් ඔයා සෙල්ලම් කරනවා කියලා.
ඒ විතරක්ද ඔය එලාම් එක තියන්නෙත් දුරකතනයෙන් කියලත් කියනවා. පිටරට ඉන්න අයගේ මුහුන බලගෙන කතාකරනවා කියලත් ඔයා කියවා. සීයට දාහක් විශ්වාසයි ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ඔයා කියන කතාව කීයටවත් විශ්වාස කරන්නේ නෑ. ජංගම දුරකතනය කියන්නේ අද වෙනකොට මිනිසාට නැතිවම බැරි උපකරණයක්. උපකරණයකටත් වඩා ලගම මිතුරා කිවුවොත් කිසිම වැරැද්දක් නෑ. ඒත් ජංගම දුරකතනය අනිසි ලෙස භාවිතා කිරීමෙන් ඔයාගෙ මරණයට හේතු වෙන්න පුලුවන් ඔයා දැනගෙන හිටියද.
ගොඩක් අය උදේට නැගිට්ට ගමන්ම අතට ගන්නේ ජංගම දුරකතනයයි. රෑට නිදාගන්න යනකොටත් අරගෙන යන්නේ ජංගම දුරකථනයයි. එක ඒ තරමටම ඇබ්බැහි වීමක් බවට පත් වෙලා. ඒත් ඔයා දන්නවද ජංගම දුරකතනය ලග තියගෙන නිදාගැනීමෙන් ඔයා මරණයට උනත් පත් වෙන්න පුලුවන්. ජංගම දුරකතනය කියලා කියන්නෙ ඉලෙක්ට්‍රොනික් උපකරණයක්, ඒ නිසා ජංගම දුරකතනය ක්‍රියාකරනකොට එක රත් වෙන්න පුලුවන්.
මේ ජංගම දුරකතනය ඔයා නිදාගෙන ඉන්නකොට කොට්ටෙට යට උනොත් ඔයාට මොනවද වෙන්නේ කියලා ඔයා දන්නවද, ජංගම දුරකතනයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් මේ ජංගම දුරකතනය රත්වෙලා වැඩි වුනාම පිපිරීමේ සම්භාවිතයක් පවා තියෙනවා. ඒ විදියට ජංගම දුරකතනය පුපුරලා ගියොත් ඔයා මරණයට වුනත් පත් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාගේ ඇගට කුමක් හෝ හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා ජංගම දුරකතනය චාජර් එකට ගහල නම් තියෙන්නේ මේකේ අවදානම තව තවත් වැඩි වෙනවා. මොකද එහෙම වුනාම ජංගම දුරකතනය රත්වීම ඉතාමත්ම වැඩි වෙනවා.
ඒ වගේම ජංගම දුරකතනය දැඩි, අවු රශ්මියට නිරාවරණය වෙන්න දෙන්න එපා. මේ හේතුව නිසා ඔයගේ ජංගම දුරකතනයේ ආයු කාලය ඉතාමත්ම වේගයෙන් අඩු වෙනවා. ජංගම දුරකතනයක් මගින් විද්යුත් චුම්භක තරංග නිකුත් කරනවා. එම විද්යුත් තරංග නිසා ඔයාගේ මොළේට හානී සිද්ධ වෙන්නත් පුලුවන්.