චාල්ස් ඩාවින්



වර්ෂ 1809 දී එංගලන්තයේ ෂ්රූස්බරි නගරයේ උපත ලද චාල්ස් ඩාවින් පරිණාමවාදයේ පියා ලෙස හැඳින්වේ.චාල්ස් කුඩා කළ සිටම පාසලේ විෂයයන් ඉගෙනීමට එතරම් ප්‍රියතාවයක් නොදැක්වූයේය.ඔහුගේ ආශාව වූයේ කෘමි සතුන් එකතු කිරීම,සතුන් නැරඹීම වැනි දෑය.නමුත් තම පියාගේ බල කිරීම නිසා ස්කොට්ලන්තයේ එඩිම්බරෝ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තද පසුව එයඅතරමග නවතා දමා එම විශ්වවිද්‍යාලයේම සිටි හෙන්ස්ලෝ නම් උද්භිද විද්‍යා මහාචාර්යවරයාගේ උපදෙස් මත මුහුදු සංචාරයක යෙදුණේය. 

 

                අවුරුදු 5ක පමණ කාලයක් එම සංචාරයේ යෙදුණු ඔහු එමඟින් ශාක වර්ග,සත්ව වර්ග,වන උරගයන් ,පක්ෂින්,කෘමින් හා විවිධාකාරයේ පාෂාණ රැස් කරමින් ඒවායේ නියැදි එකතු කළේය. නැවත පෙරළා එංගලන්තයට පැමිණි ඔහු "The origin of species"නම් ග්‍රන්ථය රචනා කොට පරිණාමවාදය පිළිබඳ අදහස් දැක්වූයේය.අදටත් චාල්ස් ඩාවින් පරිණාමවාදයේ පියා යන විරුදාවලියෙන් පිදුම් ලබයි.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post