🏏.ශ්‍රී ලන්කාවට 🥸ප්‍රතම ලෝක 🏆 කුසලානය රැගෙන ආ නායකයා .

 


🏏.ශ්‍රී ලන්කාවට 🥸ප්‍රතම ලෝක 🏆 කුසලානය රැගෙන ආ නායකයා .


🏮.අර්ජුණ රණතුන්ග .



1963 දෙසැම්බර් 01 වන දා උපත ලැබු අර්ජුන රණතුංග ආරම්භක අවදියේදී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු අතර වර්තමානය වන විට දේශපාලනඥයෙකු වෙයි.


ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රිඩාව ආශ්‍රිත කටයුතු පාලනය කරන ප්‍රධාන ආයතනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා වශයෙන්ද හෙතෙම කටයුතු කර ඇත.


 අර්ජුන රණතුංග උපත ලැබුයේ කොළඹින් සැතපුම් 20 ක් පමණ උතුරු දෙසින් පිහිටා තිබෙන *ගම්පහ* නගරයේදී වේ. ඔහුට සහෝදරයින් සිටියා.


මූලික අද්‍යාපනය ගම්පහ *බන්ඩාරනායක* විද්‍යාලයෙන් ලබා ගත් අතර උසස් අද්‍යාපය 

  *කොළඹ ආනන්ද* විද්‍යාලයේ ලැබීය . 


අර්ජුනගේ ක්‍රිකට් ජීවිතය පාසල ඇසුරින් ආරම්භ වු අතර එහි වර්ධනය ද පාසල ආශ්‍රිතවම සිදු විය. ඔහු තම පාසලෙහි කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ අතර ආනන්ද විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වසර දෙකක් ඔහු විසින් දරණ ලදී.

[21/11, 13:09] DILENTHA SITHUM.: වමත් පිතිකරුවෙකු සහ ප්‍රයෝජනවත් දකුණත් මදවේග පන්දු යවන්නෙකු වන අර්ජුණ 1981 වසරේදී තම ප්‍රථම පළමු පෙළ ක්‍රිකට් තරඟයට සහභාගි වු අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 18 ක් විය. 


මින් වසරක් පසු ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මංගල ටෙස්ට් තරඟයට සහභාගි වීමේ අවස්ථාව හිමිකරගන්නා අතර එම තරගයේදී ශ්‍රී ලංකාව සදහා වාර්තා වු පළමු අර්ධ ශතකය ද ඔහු විසින් වාර්ථා කරන ලදී.



කාලයත් සමග 1988 වසරේදී රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වු අතර එතැන් පටන් වසර 11 ක කාලයක් නායකත්වය දරමින් තම කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්තකම අවධිය කරා ගෙන ගියේය.


 ඔහු ඉතා දක්ෂ උපායශීලි ක්‍රිඩකයෙකු ලෙසත් හැම විටම තම සහෝදර ක්‍රීඩකයින් ආරක්ෂා කර ගන්නා නායකයෙකු ලෙසත් ,තරමක් කේන්ති යන නායකයෙක් ලෙසත් *අර්ජුන* ප්‍රසිද්දය.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post