ලෝවාමහා පාය
ශී මහා බෝධිය යත් රුවන් වැලිසෑයත් අතර නැගෙනහිර දෙසට වන්නට ලෝවාමහාපායේ නටඹුන් පිහිටා ඇත. මෙහි එක් පේළියකට ගල් කණු 40 බැගින් පේළි 40 ක ගල් කණු 1600 ඇත. මෙය මහා විහාරයේ පෝය ගෙය යැයි කියැවේ.
දෙවනපෑතිස් රජතුමා විසින් භික්ෂූන් වහන්සේලාට අඩමසකට වරක් පාතිමොක්ඛය කියවීම සදහා පෝය ගෙයක් ඉදිකළ අතර දුටුගැමුණු රජතුමා (ක්‍රි. පු. 161- 137) එය නව මහල් කරවා ත්ඹ ලෝහ උළු සෙවිලි කරවීය . මෙහි එක් එක් මහලේ කූටාගාර සියය බැගින් විය.එකල අනුරාධපුරයෙන් නව යොවුන් දුර කසාතොට අසල දිඹුලාගල සිටිනවුන්ට බටහිරින් මුහුදේ යොවුනක් දුර සිටින වුන් හටද ලෝවාමහාපාය දිස් වූ බව මහාවංශ ටීකාවේ සදහන් වේ.
සද්ධාතිස්ස රජ දවස ( ක්‍රි.පූ.131- 119 ) පහනක් පෙරලී මෙය ගිනි ගැනීම හේතුවෙන් මහල් හතක් කොට සෑදීය. දෙවන සිරිනාත කාලයේ (246- 247 ) ද ගිනි ගැනීම හේතුවෙන් පස් මහල් කොට සාදා ඇත .මහසෙන් රජ දවසද මෙයට හානි වීම හේතුවෙන් කිත්සිරිමෙවන් රජ (301- 328) මෙය පිළිකර කීරීමකට ලක් කර ඇත . මෙසේ දිගින් දිගටම පිළිසකර කිරීම් සිදු වී ඇති අතර අවසන් වරට 12 වැනි සියවසේ මහ පැරකුම්බා රජු විසින් අද දක්නට ඇති නටඹුන් ප්‍රතිසංස්කරණය කර ඇත. මහා විහාරයේ භාණ්ඩාගාරය ලෝවාමහාපායේ පනත මාලයේ තිබූ බවට රුවන්වැලි සෑ මළුවෙන් හමුවූ ශිලා ලිපියක සදහන් ව තිබූ බව කියැවේ.