පසුව ඔහු ස්ට්‍රෙස්බර්ග් නමැති සරසවියේ මහාචාර්ය ධූරයක් ලබාගත්තේය.මෙයින් පසුව පැස්චර් විවිධ දෑ පිළිබඳව පර්යේෂණ පවත්වන ලදි.එමගින් බොහෝ වටිනා කරුණු ලොවට හෙළි කළේය.කිරි,වයින් හා බීර ආදිය නරක් වන්නේ ඒවා මතට පතිත වන ක්ෂුද්‍ර ජීවින් නිසා බව හෙතෙම අනාවරණය කළේය.එම ජීවින් මුළුමනින්ම ඉවත් කළොත් ඒ දේවල් කල්තබා ගත හැකි බව පෙන්වා දුන්නේය.එම ජීවින් ඉවත් කරන ක්‍රමය පාස්චරීකරණය (pasteurization) ලෙස හඳුන්වා දුන්නේ ලුවිස් පැස්චර්ය.එපමණක් නොවේ කාලයක් සමඟ රෝග බීජවල ශක්තිය අඩුවන බව සොයාගත්තේය.ගවයන්ට වැළඳෙන ඇන්ත්‍රැක්ස් රෝගය මර්දනය සඳහා එන්නතක් නිපදවූයේය.පටපණුවන්ට වැළඳෙන්නා වූ දිලීර රෝගයක් ගැන කරුණු අනාවරණය කළේය.එම රෝගය නිවාරණයට පිළියම් යෙදුවේය.
මෙම අසහාය විද්‍යාඥයා ලෝකයාට කරන ලද උතුම්ම සේවාව වූයේ මිනිසුන්ට මහත් ව්‍යසනයක් එක් කළ ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා වීමට හැකි එන්නතක් නිපදවීමයි.
මේ ආකාරයට ලෝකයාට අපරිමිත සේවයක් කළ මේ මහා විද්‍යාඥයා වර්ෂ 1895 දී පරලොව සැපත් වුවත් ඔහුගේ නාමය සදා අමරණීය වේ.