ජර්මනියේ උල්මි නුවර 1879 වර්ෂයේ මාර්තු 14 වෙනිදා මෙලොව එළිය දුටු ඇල්බට් අයින්ස්ටයින් ජර්මනියේ යුදෙව් පවුලකට අයත් විය.ඇල්බර්ට්ගේ පියා වෙළෙන්දෙකි.කුඩා කළ සිටම තරමක කම්මැළි ඔතෑනි දරුවෙකු ලෙස ගුරුවරුන් හැඳින්වූ ඇල්බට් පසුව ගණිතය,භෞතික විද්‍යාව වැනි විෂයයන්ගෙන් පෙරමුණ ගත්තේය.මූලික අධ්‍යාපනයෙන් පසුව ස්විට්සර්ලන්තයේ සුරිචි නුවර උසස් කාර්මික අධ්‍යාපන ආයතනයකට ඇතුළත්ව උපාධිය ලබා ගත්තේය.
පසුව රාජ්‍ය ආයතනයක පරීක්ෂකවරයෙකු ලෙස සේවයට බැඳුණු ඔහුගේ දක්ෂතා හෙළි වූයේ 1916 දී ඔහු විසින් ඉදිරිපත් කරන ලද සාපේක්ෂතාවාදය (Theory of Relativity) මුල්කොට ගෙනය.මෙය ලොව ඉතා විශිෂ්ට න්‍යායක් ලෙස සැලකේ.1921 වර්ෂයේදී අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය හිමි විය.
මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා 1955-04-18 දින පරලොව සැපත් වූවත් අදටත් අයින්ස්ලයින් ලොව ජන හදවත් තුළ ජීවමාන විද්‍යාඥයෙකි.