🔰 *ආරුක්කු නමයේ පාලම – Nine Arches Bridge*
මේ පාලම පිහිටල තියෙන්නෙ දෙමෝදර. දෙමෝදර පාලම කියලත් කියන්නෙ මේ ආරුක්කු නමයේ පාලමටම තමා. කොළඹ – බදුල්ල කෝච්චිය යන්නෙ මේ ආරුක්කු නමයේ පාලමට උඩින්. මේ පාලම හදල තියෙන්නෙ බ්‍රිතාන්‍ය පාලන සමයේ.
🔰 *කින්නියා පාලම*
කින්නියා පාලම කියන්නෙ ලංකාවේ *_දැනට තියෙන දිගම පාලම._* කින්නියා පාලමේ දිග මීටර් 396ක්. ත්‍රිකුණාමලය සහ කින්නියා කියන නගර දෙක සම්බන්ධ කරමින් කළපුවක් උඩින් තමයි මේ කින්නියා පාලම ගමන් කරන්නෙ.
🔰 *මනම්පිටියේ පාලම*
මනම්පිටිය පාලම කියන්නෙත් දිග නිසාම ප්‍රසිද්ධියට පත්වුණ පාලමක්. කින්නියා පාලමෙන් පස්සෙ දැන් දිගින් දෙවනියට වැඩිම පාලම මේ මනම්පිටිය පාලමයි. දිගින් හරියටම මීටර් 302ක්.
🔰 *කල්ලඩි පාලම*
“කල්ලඩි පාලම පාමුල සිංදු කියන මාළුවෝ” කියන්නෙ හරි ප්‍රසිද්ධ කතාවක්. මේ සින්දු කියන මාළු ඉන්න කල්ලඩි පාලම පිහිටල තියෙන්නෙ මඩකලපුවේ කල්ලඩි කියන ප්‍රදේශයේ. 1924 වර්ෂයේදී හදල ඉවර කරපු මේ පාලම දිගින් අඩි 946ක් වෙනවා.
🔰 *බෝගොඩ දැව පාලම*
මේ ලීයෙන් නිමකරපු පාලම හදල තියෙන්නෙ 16වෙනි ශතවර්ෂයේ දඹදෙණි පාලන සමයේ කියල තමයි සැලකෙන්නෙ. මේ දැව පාලම ලංකාවේ *_දැනට තියෙන පැරණිම දැව පාලම_* විදිහටත් සැලකෙනවා. පුදුමය කියන්නෙ මේ පාලමේ ලී එකිනෙක සම්බන්ධ කරන ඇණ පවා හදල තියෙන්නෙ ලී වලින්.

🔰 *සමනළ පාලම*
මේ සමනළ පාලම පිහිටල තියෙන්නෙ ගාල්ල දිස්ත්‍රික්කයේ. සමනළයෙකුගේ තටු දෙකක් දෙපසට විහිදෙන විදිහට නිර්මාණය කරලා තියෙන අමුතු ස්වරූපය නිසාම තමයි මේ පාලමට සමනළ පාලම කියන නම ලැබිල තියෙන්නෙ.