බෙලිකටු පවා කඩන දඩයක්කාර මාළුවෙක්




ලොව දැවැන්තම පරිසර පද්ධතියක් ලෙස සැලකෙන මහා බාධක කොරල් පරය කිලෝමීටර් 2300ක් පමණ විශාල මෙම කොරල් පද්ධතිය අභ්‍යවකාශයට පවා පැහැදිලිව දිස්වේ. එමෙන්ම කොරල්පර වලින් නිර්මාණය වුණු කුඩා දුපත් රාශියක් ද මේ මෙම කොරල් පරය අවට දක්නට ලැබේ. කොරල් පර යනු සාගර ජීවීන්ට මහඟු වාසස්ථානයකි. මහා බාධක කොරල් පරය අවට විවිධ වර්ගයේ මත්ස්‍ය විශේෂ දාහක් පමණ ජීවත් වේ. ඊට අමතරව තාරකා මසුන්, ජෙලි්ෆිෂ්, කැස්බෑවුන්, ඩොල්පින් ආදී සත්ව විශේෂ විශාල සංඛ්‍යාවක මහා බාධක කොරල් පරය නවාතැන් සපයයි. 



*Tusk fish හෙවත් "දළ මාළුවා" ලෙස හඳුන්වන මාළු විශේෂයක් මහා බාධක කොරල් පරය නිවහන කොටගෙන ජීවත් වේ. මෙම මාලුවා දල මාළුවා ලෙස හඳුන්වන්නේ උගේ මුඛයේ ඇති දත් හතරක්  දලක් මෙන් ඉදිරියට නෙරා  ඇවිත් පැවතීමයි.*


දල මාළුවා නැතහොත් ටස්ක් ෆිෂ්  හරි අපූරු දෙයක් සිදු කරයි. කොරල් පර අතර ජීවත් වෙන මාළුවාට අවශ්‍ය ආහාර සපයා ගන්නේ ද කොරල් පරය ආසන්නයේ ඇති දේවල් වලිනි. මොවුන් ආහාරයට ගන්නා ආහාර කිහිපයක් තිබුනද මොවුන්ගේ ප්‍රියතම ආහාරය වන්නේ කොරල් පර ආසන්නයේ වාසය කරන කුඩා ප්‍රමාණයේ බෙල්ලන් ය.


මොවුන් කොරල් පර අතර තිබෙන වැලි අතරේ තමදළ මගින් පෙරළමින් බෙල්ලන් සොයයි.මෙම මත්ස්‍යයෙකුට බෙල්ලෙකු අසූ වූවහොත් ඊළඟට සිදු කරන්නේ  බෙල්ලාව තම කටින් අල්ලාගෙන තමා ජීවත්වන  ගල් මල වෙත පිහිනායාමයි. ඉන්පසු දළමාලුවා සිදුකරන්නේ තම කටින් අල්ලාගත් බෙල්ලාව ගල්මලේ ඇති ශක්තිමත් ස්ථානයක්  වෙත දමා ගැසීමයි.


මෙම මාළුවාට නිශ්චිත ඉලක්කයක් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි ය. එම නිසා කිහිප අවස්ථාවක් බෙල්ලන් ගල් මලේ ගැටෙද්දී බෙලිකටු කැඞී විසිවී යයි. ඉන්පසු දළ මාළු අය විසින් බෙල්ලාගේ මස් අනුභව කරයි. මෙම මාළුවාම ආහාර අවශ්‍යතාවය සම්පුර්ණ කර ගැනීම සඳහා ගල්මල් භාවිතා කරන ආකාරය විස්මයජනක ය.



#උපුටාගැනීමකි.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post