ලොව විශාලතම තාරකා ඉබ්බා..!

 ලොව විශාලතම තාරකා ඉබ්බා..!


මෙතෙක් ශ්රී ලංකාවෙන් වාර්තා වූ විශාලතම තාරකා ඉබ්බා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්යානයේදී සොයා ගෙන තිබේ. එමෙන්ම ලෝකයේද මෙවැනි විශාල තාරකා ඉබ්බෙකු හමු වී ඇති බවට වාර්තා නොමැති බවයි වනජීවී පශු වෛද්ය වරුන්ගේ සංගමයේ සභාපති පශු වෛද්ය විජිත පෙරේරා පවසා සිටියේ.

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්යානයේ වනජීවී නියාමකවරයෙකු වන රංග විජේරත්න මහතා වනෝද්යානයේ නිරීක්ෂණ කටයුතුවල යෙදී සිටි අවස්ථාවේදී මෙම තාරකා ඉබ්බා හමු වී තිබේ.

පශු වෛද්ය විජිත පෙරේරා ඇතුළු පර්යේෂණ කණ්ඩායම් විසින් මෙම ඉබ්බා නිරීක්ෂණයට ලක්කිරීමෙන් අනාවරණ වුයේ ඉබ්බාගේ බර කිලෝ ග්රෑම් 14 ක් පමණ බවයි යටකොටසේ දිග 45 cm වන අතර ඉබි කටුවේ උස 22 CM වේ. කටුවේ දිග 42cm පමණ වන බවයි .

ආසියානු ඉබ්බන් විශේෂයක් වන තාරකා ඉබ්බා ඉන්දියාව, පකිස්තානය, ශ්රී ලංකාව යන රටවල් තුන තුළ පමණක් පැතිරී සිටින බවත් මෙම තාරකා ඉබ්බා වාර්තා වී ඇති ලොකුම සතා බවත් පශු වෛද්ය විජිත පෙරේරා පවසා සිටී.

'මේ සතාගෙ බර සහ ප්රමාණය ආදී තොරතුරුත් එක්ක බැලුවොත් සාමාන්ය තාරකා ඉබ්බෙකුට වඩා දෙගුණයකටත් වඩා විශාලයි. මේ ඉබ්බා සුවිශේෂ සතෙක්. අපි තවදුරටත් තොරතුරු හොයලා බලන්න ඕන තව මොකක් හරි දත්තයක් තියෙනවද කියලා. නමුත් මේ තියන වටපිටාවෙ තියෙන දැනුමෙන් නම් මේ සතා මේ ලෝකෙ වාර්තා වෙච්ච විශාලතම තාරකා ඉබ්බා කියලා කියන්න පුළුවන්' යනුවෙන් ඔහු ප්රකාශ කර සිටී.

'මේ සතා හමුවෙන්නෙ නිදහස් පරිසරයක් තුළ උද්යානයක. වනජීවී දෙපාර්තමේනතුවේ සේවය කරන නියාමක නිලධාරී මහත්මයෙක් ක්ෂේත්රයේ චාරිකාවක යෙදෙද්දි දැකලා තියෙන්නෙ. එම නිලධාරී මහතා ඒ වෙලාවෙ ගත් නිසි ක්රියා මාර්ගය නිසා තමයි මේක ලෝකෙට එළිදරව් වුණේ. මෙතනින් එහාට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යුතුකමක් තිබෙනවා මේ සතාගෙ ඇති සුවිශේෂත්වය සහ ඉන් රටට ගෙනාපු කිර්තිය වනජීවී සංරක්ෂනයට ගෙනාපු කීර්තිය ඉස්සරහට ගෙනිහිල්ලා එයම මේ සතුන්ගේ සංරක්ෂණයට යොදාගැනීම.'

'සම්මත ක්රමයට බැලූවිට මෙම සතා පිරිමි සතෙකු බව පේනවා. තාරකා ඉබ්බන්ගේ පිරිමි සතා කියන්නෙ ගැහැණු සතාට වඩා ප්රමාණයෙන් අඩු සතා. පිරිමි සතෙක් මෙච්චර විශාල වුණා කියන්නෙ මෙහි ඇති සුවිශේෂිත්වයට තවත් යමක් එකතු වෙන බවයි පශු වෛද්ය විජිත පෙරේරා පවසා සිටියේ.

'ඒ අනුව අපි හිතනවා මේ සතා ලොකු සම්පතක් කියලා. නිශ්චිතවම වයස නිර්ණය කරන්න බැහැ. සමහර විට වයස අවුරුදු හැටක් හැත්තෑවක් වෙන්න පුලුවන්. සමහර විට ඊට වැඩිවෙන්නත් පුළුවන්. මෙතෙක් නිදහසේ සිටියා මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හැටියට අපි විශ්වාස කරනවා මේ සතාට තමන්ගේ ජීවිතේ ඉතිරි කාලයත් නිදහසේ ඉන්න ලැබෙයි කියලා. එසේ නැතිව මේ ලැබුනු සුවිශේෂත්වය එම සතාගෙ නිදහසට බාධාවක් වුණොත් එය අනුමත කරන්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි ඒ සතා හිටපු නිදහස් පරිසරයේ ආරක්ෂාකාරීව එමෙන්ම එම සතා හිටපු තැන රහසිගතභාවය රැකෙන ආකාරයට මේ සතා නිදහස් කිරීම. ඒ සතා අපිට දීපු, රටට දීපු වටිනාකමම අපි පෙරළා ඒ සතාට ලබා දිය යුතු බවද පශු වෛද්ය විජිත පෙරේරා පවසා සිටී.

(තොරතුරු අන්තර්ජාලය)

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

May be an image of box turtle and tortoise
W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post