යුරෝපයේ එකම බෞද්ධ රට

 යුරෝපයේ එකම බෞද්ධ රට වන කල්මීකියා​ව ගැන දැනගමු


බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට යුරෝපයේ එකම එක බෞද්ධ රටක් පවතිනවා. ඒ රට තමයි කල්මීකියාව. එරට ජාතික කොඩියෙන් පවා බුදු දහමෙන් ඔවුන්ට ලැබුණු ආභාෂය නිරූපණය වනවා. අපි අද මේ ලිපියෙන් උත්සාහ කරන්නේ කල්මීකියාව ගැන තොරතුරු කීපයක් ඔබ වෙත ගෙන එන්න. 

 

1. මේ රට කොහෙද තියෙන්නේ? 


ඇතැම් පර්යේෂකයන්ගේ නිගමනවලට අනුව කල්මීකියාව ඉන්දු යුරෝපා භාෂා කතා කරන ජනතාවගේ මුල් බිමක් වනවා. කල්මීකියානුවන් මේ බිමට පැමිණීම පිළිබඳව විවිධ මතිමතාන්තර රැසක් පවතින අතර ඇතැම් මතයකට අනුව මොංගල් අධිරාජ්‍යයෙන් නිදහස පතා පැමිණි පිරිසකගෙන් කල්මීකියානුවන් ප්‍රභවය වී තිබෙනවා. රුසියානු අධිරාජවරු මුල්කාලයේදී කල්මීකියාව තමන් අතට ගැනීමට උත්සාහ කළත් පසුව ඒ රට සමග සමගි සන්ධානයකට එළඹුණා. ඒ අනුව රුසියානු අධිරාජ්‍යයේ දකුණු දිග කොටසේ ආරක්ෂාව කල්මීකියාව වෙත පැවරුණු අතර ඒ වෙනුවෙන් එරට වැසියන්ට දීමනාවක් සහ රුසියාව වෙත විවිධ භාණ්ඩ අපනයනය කිරීමේ අවස්ථාව හිමි වුණා. 

 

3. රුසියානු විප්ලවයෙන් පසුව 


ලෙනින් විසින් කල්මීකියාවේ ජනතාවගේ ආගමික නිදහස පිළිබඳ අයිතිය පිළිගත් අතර සෝවියට් රුසියාව තුළ නිදහස් සමූහාණ්ඩුවක් ලෙස පැවතීමේ අයිතිය ඔවුන්ට ලබා දුන්නා. කෙසේ වෙතත් දෙවැනි ලෝක යුද්ධ යුද්ධ සමයේ දී කල්මීකියාවේ බහුතරයක් ජර්මානුවන් වෙත සහාය පළ කිරීම නිසා යුද්ධය අවසාන වීමෙන් පසුව රටේ වැඩි කොටසක් සයිබීරියාව වැනි දුෂ්කර පළාතකට පිටුවහල් කරනු ලැබුවා. පසුව නැවතත් ඔවුන්ට තම මව්රට කරා ඒමට අවසර ලබා දුන්නා 

4. බුද්ධාගම 


පාරම්පරිකව බුද්ධාගම අදහන කල්මීකියාවුන් අතර ඊට පෙර විවිධ ජන ඇදහිලි තිබූ බවට විශ්වාස කෙරෙනවා. ටිබෙටයේ සහ මොංගෝලියාවේ සිට පැමිණි ලාමාවරුන් විසින් බුද්ධාගම ඒ රටට හඳුන්වා දී ඇති බවට මතයක්ද පවතිනවා. ටිබෙටයේ දලයිලාමා තුමාට දැඩිලෙස ගෞරවයක් දක්වන කල්මීකියානුවන් අදහන්නෙ මහායාන බුද්ධාගම. 2014 වසරේ දී දලයිලාමාතුමා කල්මීකියාවේ අගනුවර වන එලිස්තාහී යුරෝපයේ විශාලතම බෞද්ධ සිද්ධස්ථානය නිර්මාණය කිරීම සඳහා ආශිර්වාද ලබා දුන්නා. මහල් කීපයකින් යුතු මෙම විහාරයේ පස් වැනි මහල දලයිලාමා තුමා වෙනුවෙන් ඔවුන් වෙන් කර තිබෙනවා.

 

5. කල්මීකියාවේ දේශපාලනය


කල්මීකියාව් දේශපාලන ධූරාවලියේ ඉහළම තනතුර සමූහාණ්ඩුවේ ප්‍රධානියා වන අතර එම තනතුර සඳහා පුද්ගලයෙකු පත් කිරීමේ වගකීම පැවරෙන්නේ රුසියාවේ ජනාධිපතිවරයාට. ජනාධිපතිවරයා විසින් තෝරාගනු ලබන පුද්ගලයාගේ නම කල්මීකියාවේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන අතර අනතුරුව ඒ නම සම්මත විය යුතුයි. යම් හෙයකින් පාර්ලිමේන්තුව එම නම සම්මත නොකළහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයක් කැඳවීමේ බලය රුසියානු ජනාධිපතිවරයාට හිමිවෙනවා.

 

6. කල්මීකියාවේ ආර්ථිකය 


කෘෂිකර්මාන්තය පදනම් කරගත් ආර්ථිකයක් කල්මීකියාවේ පවතින අතර මේ වන විට කෙමෙන් කෙමෙන් තම ආර්ථිකය කර්මාන්ත ක්ෂේත්‍රය තුළ වර්ධනය කර ගැනීමට එරට කටයුතු කරමින් පවතිනවා. උදාහරණයක් ලෙස ආහාර සැකසුම් කිරීමේ තාක්ෂණය, ගෑස් සහ වායු ක්ෂේත්‍ර, ආර්ථිකයට සැලකිය යුතු මට්ටමේ දායකත්වය ලබාදෙන ක්ෂේත්‍ර වනවා. කල්මීකියාවේ ඇතැම් ප්‍රදේශ මුඩු බිම්වල ස්වභාවයක් ගන්නා නිසා එම ප්‍රදේශ සරු කිරීම සඳහා ඇළ මාර්ග පද්ධතියක් සකස් කිරීම දශක ගණනාවක් තිස්සේ සිදුවන දෙයක්. එහි ප්‍රධාන ව්‍යාපෘතිය 1970දී නිමා වුණත් තවමත් එම ව්‍යාපෘතියට යම් යම් කොටස් එකතු වෙමින් පවතිනවා.

 

7. චෙස් 


කල්මීකියාව තුළ චෙස් ක්‍රීඩාව අතිශයින් ජනප්‍රිය වන අතර බොහෝ පාසල් වල එම ක්‍රීඩාව අනිවාර්ය ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා. ඒ සඳහා එරට හිටපු සමූහාණ්ඩුවේ ප්‍රධානියකු වන ලේෂාන්ගේ මැදිහත්වීමත් එක හේතුවක්. ඔහු තමන්ගේ පෞද්ගලික ධනයෙන් විශාල මුදලක් ඒ සඳහා ආයෝජනය කළ අතර චෙස් නගරයක් ඉදිකිරීම සඳහා ඔහු තුළ වූ බලාපොරොත්තුව එරට ජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post