6. ප්‍රධාන පද

ප්‍රධාන වශයෙන් ගත්තොත් තෙල්මේ පද හතක් තියෙනවා. ඒවා එක්ක ඒකට අදාළ නර්තන කොටස නර්තන ශිල්පියා නටද්දී තියෙන්නේ අතිශය වේගවත් වගේම සුන්දර බවක්. මේ අලංකාර පද වලින් පස්සේ නටනවා විශේෂ පද වර්ගයක් නේරංගම නමින්. ඊට පස්සේ ඒවත් ඉවර වුණාට පස්සේ නර්තන ශිල්පියාගේ නර්තනයේ ශිල්පීය දක්ෂතා ගොඩාක් අපිට මේ නර්තනයෙන් දකින්න පුළුවන්. 

 

ඉතින් මේ තෙල්මේ නර්තනයේදි යොදා ගන්න කවියකුත් පහතින් දාන්නම්..

 

රැඟුම් කර ඇල්මේ 

දෙවිඳුට පුදන තෙල්මේ 

දොළහ දෙවි මුල්මේ 

පටන්ගනීමුය මෙපුද තෙල්මේ 

 

7. චීන තානාපතිගෙන් වැඳුම් ලැබීම

මේක සිද්ධ වුණේ 1980 අවුරුද්දේ කොළඹ ජෝන් ද සිල්වා රඟහලේ පැවැත්වුණ චීන මහජන දින සංස්කෘතික උළෙලෙදි. දහස් ගාණක් මිනිස්සු හිටපු ඒ උත්සව අවස්ථාවේ අවසානයේ නර්තනයේ යෙදුණේ තෙල්මේ නැටුම් ශිල්පියෙක්. ඔහුගේ නර්තනය ඒ උළෙලේ ප්‍රධාන අමුත්තා වුණු එවක චීන තනාපතිතුමාව කෙතරම් විශ්මයට සහ සතුටට පත් කරන්න සමත් වුණාද කියනවනම් අවසානයේදී තනාපතිතුමා ඒ නර්තන ශිල්පියාට මල් කළඹක් පවා පිරිනමා තිබෙනවා. නිකන්ම නෙමෙයි, නර්තන ශිල්පියාගේ කකුල් අල්ලලා වැඳලා. මේ වගේ ප්‍රබල ජාතියක් අපේ නර්තනයට වැඳපු එකෙන් අපේ සංස්කෘතිය කොච්චර පොහොසත් කියලා අපිටත් පොඩි ආඩම්බරයක් දැනෙනවා නේද?

 

ඉතින් අපෙන් ගිලීහීගෙන යන වටිනා සම්ප්‍රදායක් ගැන ගොඩක් දේවල් මේ පෝස්ට් එකෙන් ඔයාලට දැනගන්න ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ දේවල් යාළුවොත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා…