ස්ටිකී නෝට්ස් (Sticky Notes) වල අමතර ප්‍රයෝජන


ස්ටිකී නෝට්ස් කියන්නේ අපි ගොඩක් වෙලාවට අපේ වැඩ ලේසි කරගන්න පාවිච්චි කරන දෙයක්. ඉතින් ගොඩක් අය මේක පාවිච්චි කරන්නේ අමතක වෙන දෙයක් සටහන් කරගන්න පොඩි නෝට් පොතක් විදියට වගේ. ඉතින් අපි බලමු මීට අමතරව මේකෙන් ගන්න පුළුවන් තවත් ප්‍රයෝජන මොනවාද කියල.

1. Book Mark එකක් විදියට


සාමාන්‍යයෙන් පොත් කියවද්දි කියවලා නවත්තපු පිටුව ලකුණු කරන්න ගොඩක් අය කරන්නේ ඉතින් පිටු නමන එක. Book Mark එකක් හොයාගන්න බැරි වෙලාවක හදිස්සියට ඔහොම කරන අයත් ඉන්නවා. හැබැයි ඔයාට පුළුවන් ඒ වෙලාවට මේ Sticky Note එකක් Book Mark එකක් විදියට පාවිච්චි කරන්න.

2. එක්තරා Highlight එකක්


දැන් සමහර ඉස්කෝල වල අපේ පාඩම් පොත් වල අපිට හයිලයිට් කරන්න දෙන්නේ නෑනේ. ඉතින් ඔයාට පුළුවන් ඒ වෙලාවට අර තීරු වගේ තියෙන Sticky Note එකක් පාවිච්චි කරලා ඒ තැන් වලින්, ඒ Points වල අලවන්න. ඕන නම් ඒ Sticky Note එක උඩින් ඔයාට ඒ දේ පාඩම්ද නැද්ද කියන එකත්, ඒක පාඩම් කරන්න ලේසි විදියක් ගැනත් පොඩි සටහනක් දාගන්නත් පුළුවන්.

3. කේබල් වෙන්කර හඳුනා ගන්න


දැන් සමහර වෙලාවට අපි පාවිච්චි කරන එක එක කේබල් ජාති, චාර්ජර්ස් එහෙම පැටලෙනවානේ. ඉතින් ඔයාට පුළුවන් ඒ වගේ වෙලාවට ඒ පැටලෙන කේබල් වල ස්ටිකී නෝට් එකක් පේස්ට් කරලා ඒ කේබල් එක මොකද්ද කියන එක එතනින් ලියන්න. ඉතින් ඒක ගොඩක් ලේසි වෙයි ඔයාට මේ පැටලෙන දේවල් හරි ගස්සගන්න.

4. Diy Calendar එකක්


ඔයාට පුළුවන් ස්ටිකී නෝට්ස් මාසේ දවස් ගාණට පාවිච්චි කරලා පොඩි DIY Calendar එකක් ගෙදරදීම හදාගන්න. ඔයාට පුළුවන් ඒ Calendar එකේ ඔයාගේ යාළුවන්ගේ උපන්දින, ඔයාගෙ එක්සෑම් තියෙන දවස්, එක එක නිවාඩු දවස්, ට්‍රිප් යන්න ප්ලෑන් කරන් ඉන්න දවස් වගේ දේවල් ලියන්න. ඉතින් ඒකත් ගොඩක් ඔයාට වැදගත් දෙයක් වෙයි අනිවාර්යයෙන්ම.

5. To do list එකකට


ඔයාට පුළුවන් අද දවසේ කරන්න තියන එක එක වැඩ වෙන වෙනම මේ වගේ Sticky Notes වල ලියලා බෝඩ් එකක අලවන්න. ඉන්පස්සේ ඉවර කරන වැඩ වලට අයිති නෝට්ස් ගලවලා අයින් කරන්න පුළුවන්. එකම නෝට්ස් ටික භාවිතා කරමින් මේ වැඩේ නැවත නැවත කරන්නත් ඔයාට පුළුවන්. මේකත් ගොඩක් ලේසි වෙයි ඔයාගේ වැඩ පහසු කරගන්න.

6. බිත්තියකට ඇණයක් ගහද්දි


මේක නම් ඉතින් ගෙදර ලස්සනට තියාගන්න ආස අයට පොඩි ටිප් එකක්. ඔයාට පුළුවන් ඇණයක් බිත්තියට ගහද්දි ඒ ඇණය යටින් ස්ටිකී නෝට් එකක් අලවලා, එ්ක ට්‍රේ එකක් වගේ හිටින්න මැදින් නවන්න. එතකොට ඔයාට පුළුවන් බිත්තියෙන් වැටෙන කුඩු ටික බිමට නොවැටී ලේසියෙන්ම පිරිසිදු කරගන්න.

7. Table Mat එකක්


දැන් සාමාන්‍යයෙන් පාඩම් කරද්දි ගොඩක් වෙලාවට මේසේ උඩ ඔයා බොන වතුර, තේ, කෝපි කෝප්ප වගේ තියද්දි ඒකේ පැල්ලම එතන හිටිනවානෙ. ඒ වගේ වෙලාවට ඉතින් ටේබල් මැට් එකක් නැත්නම් ඔයාට මේ වගේ පොඩි ස්ටිvකී නෝට් එකක් උඩින් ඒ කෝප්ප තියන්න පුළුවන්. පොත් මේසේ ලේසියෙන්ම ඔයාට පිරිසිදුව තියාගන්න මේකත් හොඳ ටිප් එකක්.

8. අරමුණු ලියන්න


ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ගෝල්ස් මේ ස්ටිකී නෝට්ස් වල ලියලා ලොකු කාඩ්බෝඩ් එකක අලවන්න. ඕනේ නම් ඔයා කවදහරි ගන්න බලාපොරොත්තු වෙන කාර් එකක්, යන්න බලාපොරොත්තු වෙන තැනක් වගේ දේවල් වල ෆොටෝස් එහෙමත් මේකේ අලවන්න. ඉතින් මේක පුළුවන් නම් ඔයාගේ පාඩම් මේසේ ඉස්සරහ ඔයාට පේන්නම අලවගන්න පුළුවන්.


ඉතින් මීට අමතරව ඔයා මේ Sticky Notes පාවිච්චි කරලා ඔයාගේ වැඩ පහසු කරගන්නේ කොහොමද කියලාත් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකකින් කියන්න ඕනේ.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post