5. ටයිකොන්ඩෝ – කොරියාව

  

ටයිකොන්ඩෝ කියන්නෙ කොරියාව ආශ්‍රිතව බිහිවුණ සටන් ශිල්ප ක්‍රමයක්. මේ සටන් ක්‍රමයත් බොහෝම ඈත ඉතිහාසයකට උරුමකම් කියනවා. ක්‍රිස්තු පූර්ව 37 වගේ ඉතා ඈත අතීතයේදී කොරියාවේ ප්‍රතිවාදී රාජ වංශ තුනෙන් මේ සටන් ක්‍රමය බිහිවුණ බවට තමයි තොරතුරු තියෙන්නෙ. අද වෙද්දි ලෝකෙ පුරාම ජනප්‍රිය සටන් ශිල්ප ක්‍රමයක් මේ ටයිකොන්ඩෝ කියන්නෙත්. අපි කලින් කියපු කරාතේ, වූෂූ වගේ සටන් ක්‍රම වලට වඩා ටිකක් ආවේගශීලී, උඩ පනිමින් සහ හිසින් පහර දෙමින් වගේ කරන ශිල්ප ක්‍රම ඇතුළත් ටිකක් වෙනස් සටන් කලාවක් තමයි මේ ටයිකොන්ඩෝ කියන්නෙ.

 

6. මුවායි තායි – තායිලන්තය

මුවායි තායි එහෙමත් නැත්තම් තායි බොක්සින් කියන්නෙ තායිලන්ත රටට ආවේණික, හැබැයි ජපාන බොක්සින් සටන් ක්‍රමයට බොහෝසෙයින් සමාන සටන් ක්‍රමයක්. අත සහ වැලමිට ඇතුළුව ශරීරයේ සන්ධි 8ක් පාවිච්චි කරමින් කෙරෙන සටන් ක්‍රමයක් නිසා මේ මුවායි තායි ක්‍රමය “The art of eight limbs” කියන නමිනුත් හැඳින්වෙනවා. ආරම්භය 16 වෙනි ශතවර්ෂය තරම් ඈතට දිවෙන බොහොම පැරණි සටන් ශිල්ප ක්‍රමයක් තමයි මේ මුවායි තායි කියන්නෙත්.

 

7. කැපුඒරා (Capoeira) – බ්‍රසීලය

මේ කැපුඒරා කියන නමින් හැඳින්වෙන සටන් ශිල්ප ක්‍රමය බ්‍රසීලයට ආවේණික සටන් ක්‍රමයක්. 16 වෙනි ශතවර්ෂයේ මුල් කාලයේදී බ්‍රසීලයේ වහල් භාවයට යොදාගත්ත අප්‍රිකානුවන් විසින් හොයාගත්ත සටන් ක්‍රමයක් කියල තමයි කියන්නෙ. වහලුන් සැඟවිලා හිටිය කැලෑ ප්‍රදේශ කියන අදහසින් තමයි මේ Capoeira කියන නම මේ සටන් ශිල්ප ක්‍රමයට ලැබිල තියෙන්නෙ.